
කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය (එල්ආර්ටී) ඉදිකිරීම සඳහා වූ ණය ගිවිසුම අවලංගු කිරීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ සාකච්ඡා ආරම්භ කරන බව බලයලත් නිල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමුඛතා ලයිස්තුව මෙගා ව්‍යාපෘතිවල සිට එදිනෙදා ජන ජීවිතයේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, කිලෝමීටර් 100,000 මාර්ග ව්‍යාපෘතිය සහ ගෘහ ජල සම්බන්ධතා 150,000 වැනි ව්‍යාපෘති වෙත මාරු වී තිබේ.
,ජයිකා ගිවිසුම නිල වශයෙන් ණය කොන්ත්‍රාත්තුවක්, එබැවින් අපි සාකච්ඡා ආරම්භ කර එය අවලංගු කළ යුතුයි. නියමිත ක්‍රියාවලිය එයයි, යයි නම සඳහන් කිරීමට අකමැති වූ උසස්ම නිලධාරියෙක් ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.
ව්‍යාපෘති සමාලෝචනය කරන කැබිනට් කමිටුව තවමත් සිය වාර්තාව ඉදිරිපත් කර නොමැත.කෙසේ වෙතත්, මේ වසර මුල සිට රජයේ විවිධ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ ජයිකා අනුග්‍රහය ලත් සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවලංගු කෙරෙන බවයි. මෙම ව්‍යාපෘතිය ණය අරමුදල්වලට වඩා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් මගින් ක්‍රියාත්මක කළ හැකි බවද ඔවුහු පැවසූහ.
ජපාන අරමුදල්වලින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් වෙත මාරුවීමට අදහස් කරන්නේ නම් .නිසි ක්‍රියාදාමය. අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ලිඛිතව ඉල්ලා සිටීමට ජයිකා ආයතනය දැනුම් දී තිබේ.
මේ වසරේ ජුනි මාසයේදී භාණ්ඩාගාර ලේකම් වෙත සැර ලිපියක් යවමින් ජයිකා හි ශ්‍රී ලංකා නියෝජිත ෆුසැටෝ තනාකා මහතා පවසා ඇත්තේ ජයිකා ණය ලබා නොගැනීමටත්ල එම ව්‍යාපෘතිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව දැනගත් විට ‘මහත් කම්පනයක්” ඇතිවූ බවයි. එබැවින් පුද්ගලික ආයෝජකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙසත් ෆුසැටෝ තනාකා මහතා පවසා තිබේ.
‘මෙම ව්‍යාපෘතියේ අන්තර්ගතය සමාලෝචනය කිරීම පිළිබඳ උපදේශනයක් සඳහා මෙතෙක් කිසිදු නිල සන්නිවේදනයක් ශ්‍රී ලංකා රජයෙන් අපට ලැබී නෑ. ණය ගිවිසුම හෝ ඒ හා සම්බන්ධ වෙනත් ලියකියවිලි වෙනස් කිරීම හෝ අවලංගු කිරීම පිළිබඳවද අප එකඟ වී නෑ. , යයි ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකා රජයේ නිල ඉල්ලීම මතල වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර හා දේශීය උපදේශකයින් විසින් කරන ලද පුළුල් අධ්‍යයනයන් මගින්, මෙම ව්‍යාපෘතිය සකස් කර ඇති බව ජයිකා ආයතනය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ඒ අතරම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා ආයතනය) ‘ශ්‍රී ලංකාවේ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම සඳහා ව්‍යාපෘතිය සහ ණය නියමයන් සහ කොන්දේසි සකස් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන තිබේ” යයිද කියයි.
කඩුවෙල සිට කොළඹ කොටුව දක්වාල දුම්රිය ස්ථාන 16 ක් සහිතවල කිලෝමීටර් 15,7 ක සැහැල්ලු දුම්රිය ධාවන පථයක් නිර්මාණය කිරීම සඳහා නිල සංවර්ධන ආධාර දීමට පසුගිය වසරේ මාර්තු මාසයේදී ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ ණය ගිවිසුමක් අත්සන් කළේය. මෙම ව්‍යාපෘතියට ජපානයේ තාක්‍ෂණය භාවිතා කරනු ඇත. මෙම ව්‍යාපෘතිය 2026 අප්‍රේල් මාසයේ දී නිම කිරීමට නියමිතව තිබුණි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දෙනු ලබන ණය සඳහා වසර 12 ක සහන කාලයක් ඇති අතර පොලී අනුපාතය 0.1% ක් හෙවත් රුපියල් 1000 කට රුපියලකි. ඩොලර් 1000 කට ඩොලරයකි.
COMMENTS
ඕක විතරක් නෙමෙයි. ඡන්දෙට ඉස්සෙල්ලා කියවපු හැමදෙයක්ම, හැමගිවිසුමක්ම අවලංගුවෙලා හුඟක් කල්... ඒත් දැන් තමයි මේ විදිහට ජනතාවට මේවා දැනගන්න ලැබෙන්නේ. ඒත් අපේ එකෙක් දැන් ගස්නගින යන්ත්‍රයක් හොයාගෙන තියෙනවනේ.
ජයවේවා..!!! 2/3 දීලා තියෙන්නේ... අපි චීනාගෙන් 10% පොලියට ගමු. අරගෙන මාටියා ගහලා ඉතිරිවුණොත් වැඩක් කරමු.
අඩු පොළියට ණය අරන් සවුත්තු වෙන්න එපා.
තවත් නිලධාරීන් කණ්ඩායමක කල්ල මරේ වෙන්න යන්නේ.
පසුගිය රජය ආරම්භ කරපු හොඳම ව්‍යාපෘතියක්.. ඒත් අරින එකනම් අපරාදේ. ට්‍රැෆික් එක ගොඩක් අඩුකරන් ගොඩක් ලාභ ලබා තිබ්බ ව්‍යාපෘතියක්...
චීනයෙන් ගන්න ණය විතරද හොඳ?
මෙවැනි වටිනා ව්‍යාපෘතියක් අවලංගු කිරීම ඛේදවාචකයක්... කොමිස් කුට්ටියක් ගන්න බැරි නිසා වෙන්න ඇති අවලංගු කරන්නේ.
මිනිස්සු බොරුවෙන් රවටලා ඡන්දෙ අරගෙන රට ආපස්සට අරන් යන පුදුම ආණ්ඩුවක්...
මෙය රජය විසින් ගත් අනුවණ තීරණයක්.... කරුණාකර කොමිස් කාක්කන්ට එරෙහිව විශාල වන්දියක් ගන්න..
ජපානෙන් කොමිස් කන්න බැරි හින්දා ඔය ව්‍යාපෘතිය නවත්තලා ගිනි පොළියට කොමිස් කුට්ටියක් එක්ක චීනයට දෙන්න ඔය දඟලන්නේ. රටට දෙයියන්ගේම පිහිටයි.
නැතුව නැතුව .. මේවා දැන් චීනයට දෙන එකනේ සම්මුතිය...
සියලුම ලාංකිකයන් මේ ලැබූ ජය සාමකාමීව සමරමු.
ජයිකා යනු ඉතා අඩු පොළියකට සහන කාලයක්ද ඇතුලුව ක්‍රියාත්මක වන ඉතාමත් හොඳ ආයතනයකි. ඒ වගේම කිසිවකුට කොමිසමේ ගැසීමට ඉඩක් නොමැති ආයතනයකි. ඒ ව්‍යාපෘතිය අවලංගු කර වැඩි පොලියට කොමිස්කුට්ටි කඩාගන්නට පුලුවන් චීන උගුලකට නැවතත් රටපැටලවීමට ගන්නා උත්සාහයක් බව පෙනේ.
කොමිස් නොමැති නිසා අවලංගු කිරීමක්.. ජාතියේ අවාසනාව...
මම ජපානෙ ඉන්න කෙනෙක්. මේක අවලංගු කරොත් ශ්‍රී ලංකා ජනතාවට කරන ලොකුම අපරාධයක් වෙනවා. අපි මෙහෙ ලබන පහසුකම් ලංකාවේ මිනිස්සුන්ටත් මෙවැනි ව්‍යාපෘතියකින් හෝ ලැබෙන්න ඕනේ... අනික වසර 10ක සහන කාලයක්... 100ට දශම 1 පොළිය... අනික සම්පූර්ණයෙන් ජපන් තාක්ෂණය... වෙන කවුද මෙහෙම ව්‍යාපෘති මේ විදිහට සත්‍ය ලෙසම ලංකාවේ මිනිස්සු ගැන හිතලා මේ විදිහේ සහනදායි විදිහට දෙන්නේ... අනික මේ ප්‍රදේශවල වාහන තදබදය නැති කරන්න පුළුවන් හොඳ විකල්පයක්... ජයිකා එක, ජපානය සෑමවිටම ලාංකික පොදු මහජනතාව වෙනුවෙන් කටයුතු කළා. අසාධාරණ කොන්දේසි දැම්මේ නෑ ලංකාවට. මෝඩ, ආත්මාර්ථකාමී දේශපාලකයන් අපේ රට එදා ඉඳන්ම විනාශ කළා.
කොමිස් පාරක් ගහන්න බැරිවෙලා ඇති ඒකයි අවලංගු කරන්න දඟලන්නේ..
කොමිස් නැතුව ඇති..
පෙනෙන හැටියට මේ ව්‍යාපෘතිය රටට ඵලදායි වන වැවින් එය ක්‍රියාත්මක කිරීමට සැලකිල්ල යොමු කිරීම වැදගත්. මෙහි ගෙවිය යුතු පොළිය ඉතා අඩු අගයක් වීමත්, ජයිකා ආයතන මඟින් ලබා ගන්නා සේවාවන්හි ප්‍රමිතිය ඉහළ මට්ටමක පැවතීමත් මෙන්ම අගනුවර මාර්ග තදබදයට විසඳුමක් ලැබීමත් නිසා අවලංගු වීමට පෙර නැවත සලකා බැලීම වැදගත් වේ.
එක ගිනි පොලියට චීනෙන් අරගෙන කතා කරගත් විදිහට අතිරේක පොලිය පවුලේ ගිණුම්වලට..!!! ජපානය වගේ රටකින්... 0.1% ලැබෙන මෙය ප්‍රතික්ෂේප කරන්නේ තමන්ට වාසියක් නැතිනිසා. පට්ට දේශප්‍රේමීන්ගේ කෙරුවාව අපිට..
ඕකට මෙච්චර කාලයක් වියදම් කල සල්ලි වතුරේ නේද.? පටන්ගත්ත එක ඉවර කරන්න.
" මහජනයාට සිය වටිනා කාලය ඉතිරි කරගැනීම " මුලික අරමුණ කරගෙන ඒ සඳහා ඇරඹීමට නියමිතවූ මේ ව්‍යාපෘතිය මම දකින්නේ අඩු මිලකට - නව තාක්ෂණයෙන් නව ලොවකට ගැලපෙන පරිදි අපේ රටේ ගමනාගමන සංස්කෘතිය " අප්ඩේට් " කිරීමක් ලෙසයි. මටමේ ව්‍යාපෘතිය ගැන සම්පුර්ණ පැහැදිලිකිරීමක් දැනගන්න ලැබුනා. ඇත්තටම මගේ හිතේ ... යුරෝපයේ හෝ ජපානයේ " කෙටි දුර " ගමනාගමනයට යොදාගන්නා මෙට්‍රෝ විදුලි දුම්රිය ජාලයක් ලස්සනට සිතුවම් වුනා. නමුත් ... දැන් එය නවත්වලා මේ මුදල් වලින් අයෙත් පාරවල් හදන්නයි. කෘෂි කර්මාන්තයටයි... ගෙවල් වලට වතුර සපයන්නයි.." අලුත් කට්ටිය " ලැහැස්ති වෙනවා. අවුරුදු 71 ක් ගිහිනුත් සම්පුර්ණ කරගන්න බැරිවුනමේ අවශ්‍යතාවන් ඉටුකරගන්නට මේ අයට දැනුයි මතක්වෙලා තියෙන්නේ.
කොළඹ රථවාහන තදබදය අඩු කරන්න හොඳම විසඳුම සැහැල්ලු දුම්රිය පද්ධතියක්. ඔක්කොම ලෑස්ති කරලා ජපානයෙන් සහන ණයක් අනුමත වෙලා තියෙද්දී ඒක අවලංගු කරලා චීනයෙන් ගිනි පොලියට ණයක් ගන්න යන එක හිතන්න බැරි දෙයක්. මේ ගැන රජය කරුණු පැහැදිලි කටයුතුයි.
ඔව් ඔව් චිනේ කියන්න ඇති ඊට වඩා ලොකු ගානක් දෙන්නම් කියලා.
මංතීරු, බස්තීරු, තකතීරු නෙමෙයි, මේක තමයි වාහන තදබදයට එකම විසදුම. හැබැයි මේ හදන්නෙ නම් ජපානෙන් දෙන සහනදායී ණයට පයින් ගහලා කාටහරි හොඳ ගතමනාවක් ගන්න වගෙයි.
මේ ලබාදෙන ණය වල පොලිය වෙන්නෙ 0.18 % වගේ පොලියක් තියෙන්න... මේ වගේ අඩුපොලියට දෙන ණය මුදලක් නවත්තන්න යනවා කියන්නෙ... මොන වගේ තීරනයක්ද... හොදම උදාහරනය තමයි චීනය ණය දෙන්නෙ 4% වගේ ගනන් වලට මට තේරෙන්නෙ ඉතින් කොම්ස් වලට චීනෙන් ණය ගන්න හදනවා වගේ දෙයක් තමයි පේන්න තියෙන්නෙ...
ලෝකෙම හිනාවෙනවා ඇති අපේ රටේ කරන දේවල් දැකලා...
කොහේද මේ බුමුණුආරච්චි? 69ලක්ෂය අඳ, ගොළු, බිහිරි වෙනවා මේවගේ නිව්ස් දැක්කාම..
සමහර අය මෙලෝ දෙයක් නොදැන කොමිස් ගැන කියවනවා. බින්දුවේ පොලියට හෝ ණය ගත්තම ගෙවන්න වෙනවා. මෙහි ණය ලැබෙන ප්‍රතිලාභ එක්ක දරාගන්න බෑ. විශේෂයෙන් රටේ සංවර්ධනය පිට පළාත්වලට යොමු කරන්න තීරණය වීමෙන් පසු ජනගහනය අවතැන් වීම නිසා මෙය ලාභදායි නැතිවෙනවා.
69 ලක්ශෙට අපමන අගයක්..... සන්තෝසේ බැරුවා.... !!!