තරිඳු ජයවර්ධන
තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත්ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා පරිශ්‍රයේ රැකවරණය දුන් බව කියන සිද්ධියේ සාක්කිකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියාට පිරිසක් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොටුව පොලිසිය කියයි..
තමා නාවික හමුදාවේ නිලධාරී නිවස්නයේ භෝජනාගාරයේ සිටිය දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමඟ පැමිණි පිරිසක් මෙලෙස තර්ජනය කළ බවට එම නිලධාරියා කොටුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ පැමිණි පිරිස තමා අල්ලා ගැනීමට උත්සාහ කරද්දී තමා පැණ ගිය බව ද එම නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
අද (25) දහවල් 2ට පමණ මෙම සිද්ධිය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
97
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
186
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1046
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා