(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනෙකු අද(20) රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් තොරතුරු රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් යන අතරතුර කල්මුනේ සියාම් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සහරාන් සමග කටයුතු කළ තවත් හතරදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ සංයුක්ත තැටි 31 ක් ද සොයා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී ඇති බව අනාවරණය වී තිබේ.
ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ බෝම්බ පිපිරීමට පෙර බෝම්බ පුපුරුවා ගත් නියාස්, රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දී ඇත්තේද කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් තහවුරු කරගෙන තිබේ.
නියාස් ඇතුලු පිරිස වෑන් රථයෙන් ගමන් කරනවිට කල්මුනේ සියාම් විසින් තවත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිලධාරීන් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙනවිත් තිබේ.
සහාරන්ගේ සමීපතම හිතවතෙක් වන කල්මුනේ සියාම් හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුවීම් කටයුතුවල නිරත වී ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බවද තහවුරු කරගෙන ඇත.
තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සහරාන්ගේ ප්‍රධාන සංවිධායක සියාම් ඇතුළු 4ක් අත්අඩංගුවට