IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සරසවි විභාග අන්තර්ජාලය ඔස්සේ

(ඩයනා උදයංගනී)

විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන ක්‍රමවේදය සතියක් ඇතුළත නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාලවල විභාග පැවැත්වීම සිසුන්ට නුහුරු කටයුත්තක් බැවින් ඒ පිළිබඳ කරුණු ඇතුළත් කරමින් අදාළ ක්‍රියා පටිපාටිය මෙමගින් එළිදක්වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම් කටයුතු ද අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීම ආරම්භ වී ඇතැයි කී මහාචාර්යවරයා එලෙස බඳවාගන්නා අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි හා තාක්‍ෂණ විෂයන් ඉගැන්වීම දෙසැම්බර් මුල සිට ආරම්භ කරන බව ද කීවේය.

රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ ඔවුන්ට අවශ්‍ය පරිගණකලබාදීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පළමු කොවිඞ් රැල්ල ඇතිවූ අවස්ථාවේ සිටම විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කී සභාපතිවරයා එය අතිශය සාර්ථක වූ නිසා ජූනි, ජූලි මාස වන විට නියමිත පරිදි විභාග පවැත්වීමට හැකිවූ බව ද සඳහන් කළේය.පළමු රැල්ල අවසන් වූ පසු අගෝස්තු මස නැවත දේශන ආරම්භ කළත් සැප්තැම්බර් මස හටගත් කොවිඞ් දෙවන රැල්ල සමඟ නැවතත් අන්තර්ජාලය ඔස්සේ දේශන පැවැත්වීම ආරම්භ කළ බව කී මහාචාර්යවරයා ඒ අනුව මෙරට සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු කරගෙන යන බව ද කීවේය.

මේ වන විට විශ්ව විද්‍යාල අන්තර්ජාලය ඔස්සේ දේශන 70,000ක් පවත්වා ඇතැයි කී සභාපතිවරයා ඒ නිසා විශ්ව විද්‍යාල වසා ඇතැයි කිව නොහැකි බව ද පැවසීය.



අදහස් (1)

සරසවි විභාග අන්තර්ජාලය ඔස්සේ

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 November 2020 09:40 AM

මහාචාර්ය තුමනි, පවතින වසංගතයෙන් සියලු කටයුතු මෙන්ම විශ්ව විද්‍යාල කටයුතුද උඩුයටිකුරු වූ බව අපි දනිමු. එහෙත්, එක්වරම කුමක්දෝ හේතුවක් මත ගියවර සමහර බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ ළමයින්ට විශාල අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවී ඇත. ජ,පුර, ඇතුළු තවත් සරසවි වල මේ අවාසනාවන්ත තවය ඇතිවී ඇත. ඔබතුමා මේ පිළිබඳව සොයා බලා එම සිසු සිසුවියන්හට සහනයක් සලසන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 26 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 172 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 402 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 119 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 123 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site