IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති

පස්වරු 5.05

පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව කියන විශ්ව විද්‍යාල සිසුහු 10 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.


පස්වරු 4.55

(අංජුල මහීක වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒ අවට ප්‍රදේශයේ දේපොළ ආරක්ෂා කරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට අණ කර ඇත.


පස්වරු 4.50

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට එහි ඇතුළුවූ සියලු සිසුන්සි සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

මේ වන විට උද්ඝෝෂකයින් පළවා හැරීමට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් පිටතට පැමිණ අවට මාර්ග ඔස්සේ ගමන් කරති.


පස්වරු 4.30

​(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටී.

මේ වන විට එක් මහලක සිසුන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු එහි ගොස් සිසුන් පළවා හැරීමේ නිරතව සිටිති.

(ඡායාරූප - ඉෂංක සුනිමල්)

 


පස්වරු 3.00

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසිහූ අත්පත් කරගෙන සිටිති.

(ඡායාරූපය - ඉෂංක සුනිමල්)


පස්වරු 2.38

විරෝධතාවයේ නියුතු සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළු වූහ. 

එහි මහල් තුනටම ගොස් ඔවුහු විරෝධයේ නිරත වෙති.

(ඡායාරූපය - ඉෂංක සුනිමල්)


පස්වරු 2.28

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කළ අතර මේ වනවිට පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාතංශයේ ගේට්ටුව කඩාගෙන සිසූහූ අමාත්‍යංශය තුළට කඩා වැදුණහ.

මේ මොහොතේ සිසුහු අමාත්‍යංශ භූමිය තුළ උද්ඝෝෂණ කරති.

(ඡායාරූප - ඉෂාන් සංජීව)


පස්වරු 2.00

​(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කර ඇත.

ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට නියමිතය. එම මාර්ගය අවට පොලිස් මාර්ග බාධක ද යොදා ඇත.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (30)

සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති

ජි චන්ද ජොති හිමි Wednesday, 21 June 2017 08:31 AM

ජාතිය වෙනුවෙන් ඉටුකළ යුතුය..

:       3029       3414

Irosh Wednesday, 21 June 2017 09:11 AM

ජාතිය වෙනුවෙන් කරන්න ඕනේ... අහිංසක ජනතාවට කරදරයක් වෙන පෙළපාලි නෙමෙයි, පාර්ලිමේන්තුව වට කරන පෙළපාලියක්... තමයි ඕනේ..

:       141       560

LalWednesday, 21 June 2017 01:42 PM

ඔයිට වැඩිය ශීලාචාර විධියට, මහජනයාට විශේෂයෙන්ම රෝගීන්ට සහ පාසැල් ළමුන්ට අපහසු නොවන විදියට තම විරෝධය ප්‍රකාශ කරලා ජාතිය බේරාගන්න වැඩකරා නම් මොකද? අනික සයිටම් බේරාගන්ට කියලා රෝගීන්ට සහ ළමයින්ට වදදීලා හරියනවද?

:       215       207

ලුම්බිණි Wednesday, 21 June 2017 08:52 AM

මේ රටට ශක්තිමත් නායකත්වයක් තිබුණා නම් මේ අනවශ්‍ය කරදරකාරි විරෝධය මේ වෙන කොටත් නවත්තලා...

:       907       904

athuraWednesday, 21 June 2017 10:57 AM

ඔව් උස්සගෙන හරි ගිහිල්ලා අතුරුදහන් කරලා....

:       55       1141

MGJ Wednesday, 21 June 2017 09:16 AM

ඔන්න ඔහේ ඉන්න ඉඩ දීලා ඉන්න සේවක මහත්වරුන්ට නිවාඩු දෙන්න. සයිටම් ප්‍රමිතියකට අනුව පවත්වාගත යුතුය.

:       642       707

sampath pathirana Wednesday, 21 June 2017 09:53 AM

මේ සයිටම් නම් අපිට එපා....

:       1204       2402

Appuhami Wednesday, 21 June 2017 10:01 AM

රට අරාජික වෙලා... යහපාලනය දැන් සනීපයිද?

:       1408       1845

බද්රානි Wednesday, 21 June 2017 10:02 AM

සයිටම් ආයතනයෙන් ඉගෙන ගන්නා සිසුන් ඉවත් කොට, එම ආයතනය නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත මුස්ලිම් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කල යුතුය. ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය. තවද, සුදුසුකම් වලින් යුත් විදේශ වෛද්‍යවරුන් ගෙන්වා මේ රටේ වෛද්‍ය පුරප්පාඩු පියවීමට පවතින රජය හෝ වෙනත් රජයන් පියවර ගත යුතුය. එවිට අපට සැනසිල්ලේ සිටිය හැකිය.

:       1006       456

sachith Wednesday, 21 June 2017 10:05 AM

මේක අහිංසක ශිෂ්‍ය ජීවිත කීපයක් බිලිගන්නකම් නවතින එකක් නෙවෙයි. ආණ්ඩු දෙකම මේවට වගකියන්න ඕනේ. හැමදාම තැලෙන්නේ පාරේ ඉන්න අහිංසක මිනිස්සුයි. මොනම උපාධියක්වත් දෙන්න එදා දෙන්න නෙවෙයිනේ රජයක් තියෙන්නේ.....

:       24       90

kumar (galf) Wednesday, 21 June 2017 11:08 AM

මෙයාලාට දඬුවම් දෙන්න කවුරුවත් නැද්ද?

:       416       409

rohitha Wednesday, 21 June 2017 11:58 AM

මේවාට ආණ්ඩු පළි නැහැ. අර අපිටත් වඩා දුප්පත් බංගලාදේශයේත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා.

:       732       480

ප්‍රවීන්Wednesday, 21 June 2017 02:04 PM

බංගලාදේශයේ සෞඛ්‍ය දර්ශකත් බලන්න. බංගලාදේශේ, ඉන්දියාව වගේ රටවල තමයි ලාභ ලබන වෛද්‍ය විද්‍යාල තියෙන්නේ. මොකද සයිටම් එකට SLIT එක වගේ ලාභ නොලබන ආයතනයක තත්වයට ගේන්නවත් පියවර ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ....

:       67       321

samWednesday, 21 June 2017 02:21 PM

බංගලාදේශය අපට වඩා දුප්පත්ද? කවුද එහෙම කියන්නේ? ඒ රටවල්වල සිටින නායකයෝ රටට අවංකවම ආදරෙයි.

:       414       375

හසිතWednesday, 21 June 2017 03:34 PM

මෙන්න බංග්ලාදේශයෙන් කෙනෙක් ඇවිත්. එහෙ අයට සල්ලි ඇති අපිට වඩා. නමුත් රටවල් වල සංවර්ධයන මනින පිළිගත් මිනුම වන මානව සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 73 වන ස්ථානයේ සිටින විට බංගලාදේශය සිටින්නේ 139 වන ස්ථානයේ. මේවා දැනගෙන හිටියේ නැත්නම් කියවල දැනුම දියුණු කරගන්න. එතකොට තේරෙයි අපේ මිනිස්සු කොච්චර පණ්ඩිතයි ද කියලා.

:       215       227

ජීවන්ත Wednesday, 21 June 2017 12:20 PM

නැගෙනහිර මුස්ලිම් විශ්ව විද්‍යාලයේත් සෞඛ්‍ය විද්‍යාල පටන්ගන්න දාලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය උපාධියත් දෙයි.

:       0       109

dhamseth Wednesday, 21 June 2017 12:40 PM

මේ පෙළපාලි හා උද්ඝෝෂණ වලට සහභාගිවන සිසුන්ගෙන් බහුතරයක් උද්ඝෝෂණවලට සහභාගී වන්නේ මරණ බයට. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ තර්ජන ගර්ජන වලට බියෙන්.... සමහර සිසුන් මාසෙන් දෙකෙන් විශ්ව විද්‍යාල හැරදමා යනවා.

:       362       350

ප්‍රවීන්Wednesday, 21 June 2017 02:02 PM

ඇවිත් බලන්න කොච්චර 4 වෙනි වසර, 5 වෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රමාණයක් සහභාගී වුනාද කියලා. අපි මාස 6 ක පන්ති වර්ජනයක ඉන්නේ පලමු වසරේ ලමයාගේ ඉඳන් අවසන් වසර ශිෂ්‍යායා දක්වා....කඩේ යවන්න වුවමනාවක් තියෙනවා නම් එහෙම කරන්නේ නෑ. ඒ වගෙම දැන් මේ මිනිස්සු කියන කතා ඇහැව්වාම නම් හිතෙනවා මේ වගේ කරුණු කාරණා සහිතව දෙයක් පැහැදිලි කරන්න බැරි මිනිස්සු ඉන්න සමාජයක බොරුවට අපි මොකට අපේ වැඩ පස්සට දාගන්නවද කියලා.

:       1278       338

NalakaWednesday, 21 June 2017 06:17 PM

මාස 6ක් කියන්නේ තවත් අලුතෙන් ඇතුල්වෙන ළමයෙක්ගේ ජීවිතයේ සාර්ථකව ගතකරන්න තියන කාලය මාස 6කින් ආපස්සට දැමීමක්. රටක ආර්ථිකයට එකතුකරන ආදායම මාස 6කින් අඩු කිරීමක්. ඒකටම මේ කරපු විනාසයත් එකතු කරන්න. අනේ ඔය මොලවලින්ද අපිට වෙදකම් කරන්න හදන්නේ?

:       0       57

SusilThursday, 22 June 2017 05:10 AM

මාස හයක් පස්සට දාගත්තෙ අපිට ආදරේටද ? අනේ මෙහෙමත් චරිත. අර දොස්තර සංගමයේ එක්කෙනෙක් කිව්වෙ එයාගෙ උසස් පෙල ප්‍රතිඵල මතක නෑ කියල.

:       0       63

ashan Wednesday, 21 June 2017 12:55 PM

මේක තනිකර දේශපලන උද්ඝෝෂණයක්. පහුගිය කාලේ අස්සේ හැංගිලා හිටපු වීරයො දැන් එලියට ඇවිල්ලා. පුද්ගලික විශ්ව විශ්ව විද්‍යාල ලෝකේ හැම රටකම තියෙනවා නම් ලංකාවට වැරදි ඇයි?

:       159       339

හංසකWednesday, 21 June 2017 03:09 PM

පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩක් රටවල්වල තියෙනවා. නමුත් ඒවා තනි පුද්ගලයෙකුට අයිති හෝ ලාභ ලබන ආයතන නොවෙයි. ගොඩක් ඒවා ඉතා හොඳ ප්‍රමිතියකින් යුක්තයි. ඉන්දියාවේ හෝ බංගලාදේශයේ සමහර විශ්ව විද්‍යාල එහෙම නැහැ. ඒක හින්දම ඒ රටවල සෞඛ්‍ය දර්ශක පහල බැහැල තියෙනවා. මේ කතාව කොච්චර කිව්වත් තේරෙන්නෙ නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ...? මේ අයගේ අනුවණකම් හින්දා දුක් විඳින්නේ අනාගත පරපුර....

:       424       29

SusilThursday, 22 June 2017 05:14 AM

ඔයගොල්ලන්ගෙ ප්‍රමිති වෛද්‍ය පීඨ ලෝක දර්ශකයෙ තියෙන්නෙ 2000ටත් එහා.

:       48       13

saman Wednesday, 21 June 2017 01:35 PM

රටම වසංගත රෝග වලින් පීඩා විඳින්දිත් අතපය අකුලාගෙන නිදාගෙන ඉන්න ඔය අමාත්‍යාංශයේ බලධාරීන් ඕකෙන් අයින් කරලා දාන්න කෙනෙක් නැතිද හැබෑටම....

:       82       18

සැමන් Wednesday, 21 June 2017 03:09 PM

ඔය උඩදාගෙන ගියේ අයින් කරන්න වෙන්න ඇති නේ... එහෙනම් ඉතින් රට කරන්නෙ අන්තරේ තමයි.

:       3       179

Sumudu Wednesday, 21 June 2017 03:13 PM

අමාත්‍යාංශයේ අය ඉන්නේ මදුරුවන් තලන්නද? .. අන්තරේ අයටම කියන්න...

:       0       35

lalith Wednesday, 21 June 2017 05:56 PM

අපේ රටේ පුවත් පත් කලාව වෙනස් විය යුතුයි. රාළහාමි කෙනෙක් වැඩ ඇරිලා ගෙදර ගිහින් නෝනත් එක්කල ගොරියකට පටලුනොත් "පොලිස් නිලධාරියා බිරිඳට පහරදෙයි කියනවා". නමුත් සිරිපාල රාළහාමි වැඩ අරුණට පස්සේ නිකන්ම නිකන් සිරිපාල. මේ අපි වගේ. මේ ළමයිනුත් පාසලේ ඉගෙන ගන්න වෙලාවට සිසුන් වුනාට මේ වෙලාවේ නිකන්ම නිකන් "විරෝධතා කරුවන් විතරයි". එක නිසා සිසුන් සිසුන් කියල අපිව නොමග යවන්න එහෙම එපා.

:       0       16

doctor Wednesday, 21 June 2017 06:51 PM

මුන්ට එලව එලව ගහන්න ඕඅන...

:       51       42

සෙනෙවි Friday, 23 June 2017 10:40 AM

ඇයි ඔබතුමාගේ කෙනාට Z score එක මදි වුණාවත්ද?

:       0       116

Kumara Thursday, 22 June 2017 05:02 AM

වෛද්යවවරු රජයේ සේවකයින් නිසා වර්ජනය රජයට තහනම් කල නොහැක. නමුත් ඔවුන් ඉගනගත්තේ අපගේ මුදලින් නිසා අපට ඔවුන්ගේ වර්ජනය තහනම් කල හැක. නොහැකි නම් ඉදිරියේදී ඔවුන්ට වියදම් කිරීම නවතා දැමිය යුතුය. එනම් පුද්ගලික විද්යායල ඇතිකල යුතුය. පුද්ගලික විද්යා ල වල අවශ්ය්තාවය වැඩිකරනනේ ඔවුන්මය. මේ රටේ සිසුනට වෛද්යාවරු වෙන්න උගන්වන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි, එයාල රජයේ ආයතන වල බඩු කැඩුවහම ඒව හදන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි, ජනතාවට ලෙඩක් හැදුනහම බේත් කරන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි. සයිටම් එකෙන් පිටවන දොස්තරලට රට තුල වෙදකම් කරන්න පෙර වෛද්යය සභාවෙන් තියන විභාගය හරියට තියන්න. ඒත් එක්කම අපේ සල්ලි වලින් ඉගනගන්න අයට චැනල් යන එක තහනම් කරන්න.

:       0       271

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 65 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 373 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 291 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 232 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 594 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1197 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site