IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සමාජ මාධ්‍ය වැරදි භාවිතාවන් ගැන පැමිණිලි 3444 ක්

(විනීතා එම් ගමගේ)             

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ දෙවැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අද (3) උදේ 9 වනතුරු ගතවූ පැය නමයේ දී සමාජ මාධ්‍යයන්හි පලවූ ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි 940 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 

මැතිවරණ  කොමිෂන්  සභාව විසින් අදාළ ආයතන වෙත කරන ලද දැනුම් දීම් අනුව මේ වනවිටත් එයින් 140 ක් ඉවත් කර ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැෆරල් ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

පූර්ව මැතිවරණ සමයේ ගතවූ මාස දෙක තුළ  මුහුණු පොතෙහි   මැතිවරණ  නීති උල්ලංඝනය කරමින් පලකිරිම් කරන ලද අවස්ථා 3444 ක් නිරික්ෂණය කළ බවද හෙට්ටිආරච්චි මහතා කීය.

එයින් අති බහුතරයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කළ ක්‍රියාකාරකම් මුහුණු පොතෙහි පලකිරීම් යැයි ද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරයන් සිදුකර ඒවා මුහුණු පොතෙහි දැමීම් 2483 ක් මෙම පැමිණිලි අතර වී යැයි  කී ඔහු එම පැමිණිලි අතර වෛරි ප්‍රකාශන 30 ක් ද වූ බව කියා සිටියේය.

කාන්තා අපේක්ෂිකාවන් හිංසනයට ලක්වන අන්දමේ පළකිරීම් ඇතුළු හිංසන 75 ක් හා වැරදි තොරතුරු පළ කිරීම් 45 ක් ද සොයා ගත්තේ යැයි හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පැෆරල් සංවිධානය මෙවර මැතිවරණ නිරික්ෂණයේ දී සමාජ මාධ්‍ය නිරික්ෂණයේ දී මෙම තොරතුරු හෙළි කරගත් බවත් ඉදිරියේ දී ඒවා පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගනනා බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

සමාජ මාධ්‍ය වැරදි භාවිතාවන් ගැන පැමිණිලි 3444 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 352 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site