( තිළිණි ද සිල්වා )
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්ලට අදාළව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට ස්වල්ප මොහොතකට පෙර රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.
ප්‍රේමදාස මහතා පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් පසුව කොමිසමේ හමුවේ සාක්කි ලබාදීමට නියමිතය.
ජනාධිපති පරීක්ෂණ කොමිසම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (23)පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නිවාෙ, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ තිබූ අතර ඒ අනුව අද (23) පෙරවරු 9.40ට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත්දා තීරණය කළ අතර ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බාර අමාත්‍ය ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සිදු කෙරෙන බව කොමිසම සඳහන් කරයි.
එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොනු පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ලෙස බඳවා ගනු ලැබූ සේවකයින්ගේ 95 %ක් ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කව්ද කෙනෙක් කිව්වා නේද මෙයාට කිසිම උසාවියක කිසිම චෝදනාවක් නැහැ කියලා. මේවට කියන්නේ තමන්ගේ නිලය අවභාවිතය කියලා.
රනිල් කිසිම විටෙක තීරණයක් නොගන්න නායකයෙක් . අපේක්ෂකයා තෝරන විදිය පේනවනේ . ඒ බය නිසා එක අඩියක් ඉස්සරහට තියල අඩි 2ක් පස්සට ගන්නවා . සජිත් ආයතනයක් දියුණු කරන්න දන්නේ නැති , පුද්ගලික දේශපාලනය ඉදිරියෙන් තියාගෙන යන අයෙක්. අදායමක් උපයන විදියක් ඔහු දන්නේ නැහැ.
මේවා ඉතින් තනිකරම ජවනිකා... ඇති වීම නැති වීම... ලෝක ධර්මතාවයට අනුව සිද්ද වෙන දෙයක්... එහෙම හිතල මේවගේ දේවල් කිසි හරයක් නැති තවත් එක් තරා පුවතක් විදිහට හිතල ගණන් නොගෙන සිටීම තමා මම නම් කරන්නේ... අවසානේ වෙන දෙයක් නැහැනේ... නිකන්ම නිකන් අපේ සල්ලි වලින් රජයේ නිලදාරීන් ටිකක් පඩි ගන්නවා
ඇයි සජිත් 70ක් ඉන්න ඕන තැනට 1400 ක් දාල කියන්නේ
පත්වීම දීලා තියෙන්නේ උස අයටද ? මිට අයටද ?
මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන තමන්ගෙ ප්‍රතිරූපය හදන්න කෝටි ප්‍රකෝටිගනන් වියදම් කරන ජරාම දේශපාලකයෙක්
ජනාධිපති වුණොත් බලය කෙසේ අයුතු ලෙස පාවිච්චි කරයිද? රටට කවර කලදසාවක් ලබයිද?
මේ වගේ මහජන දේපල හිතුමතයට බෙදන්න හපනෙක් වගේ...
අපේ රනිල් සර්ට පාර්ට් දන්නා ආව නිසා තමයි ඔය ඔක්කොම.
2000 ක් බලපු පෝස්ට් එකට ඩිස්ලයික් 2730යි..
කාලයකට ඉහතදී පතිරුපදෙස වාසොච කියල කීවෙ කොළඹ සහ ගම්පහ දිස්තිරික්ක වලට. මොකද ඔවුන් රජුන් තනන දිස්තිරික්ක නිසා. එම කාලෙ පත්වීම් දුන්නේම කොළඹ සහ ගම්පහ දිස්තිරික්ක වලට. මහින්දගේ කාලෙ ඉදන් එය හම්බන්තොට වෙලා. පින් තියෙන මිනිස්ස්සු. එම නිසයි මෙහෙම රෑකියාවල් හම්බන්තොටටම දෙන්නෙ. රජුන් හදන පෙරහර තවත් ඉදිරියට. ගෝඨාභය නාමල්......? එසේම අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතාට සිහිපත් කළ යුතුයි එයාගෙ පියතුමා රජයේ සේවයට පුද්ගලයන් තොරාගන්නට විධිමත් විවෘත විභාග ක්‍රමයක් හදුන්වා දී තිබුනු බව.