IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි

(තරිඳු ජයවර්ධන)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
 

පොලිස් කොමිසන් සභාව ගත් එම තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කළේ බැඩබලන පොලිස්පතිවරයාගේ ද නිර්දේශ අනුව බව පොලිස් කොමිසන් සභාව කියයි. අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.
 
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.  
මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට  සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
 
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.



අදහස් (28)

ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි

තුෂාර Thursday, 21 November 2019 03:27 PM

ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්.

:       2066       1904

සහන්Friday, 22 November 2019 04:11 AM

අපොයි නෑ................

:       106       115

ThamaliFriday, 22 November 2019 04:43 AM

සහරන් නුවර එළියේ කදවුරු ගැන සාධාරණ විමර්ශනයක් අදටත් නෑ.

:       115       49

baba Thursday, 21 November 2019 03:53 PM

ඔන්න වැඩ පටන් අරන්.

:       64       1858

wije Thursday, 21 November 2019 04:28 PM

ඔය එන්නේ කසකාරයෝ පෙරහැරත් ළඟම එනවා ඇති.

:       452       1974

Anura Hewawasam Thursday, 21 November 2019 05:04 PM

රජකම් කලත් කල කම් පලදෙයි

:       1814       421

Sam Thursday, 21 November 2019 05:14 PM

දේශපාලන පලිගැනීම් පටන් අරගෙන.

:       428       466

Chanak los angeles Thursday, 21 November 2019 06:05 PM

අපි හිතුවා හරි

:       36       419

hasantha Thursday, 21 November 2019 06:19 PM

මේකෙන් හැම රජයේ සේවකයෙක්ම පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි. ඔබට ලැබී තියන පරීක්ෂණ පවතින රජය කාලයේදීම අවසන් කල යුතුයි. එක්කෝ චූදිතයෝ හිරේට යන්න ඕනේ. නැත්නම් ඔවුන් නිදහස් වී නඩු ඉවර වෙන්න ඕනේ. මේ දෙකම වුනේ නැත්තන් චූදිතයෝ බලේට ආවම ඔබගේ අනාගතය ඔවුන් තීරණය කරනු ලබයි. කව්රු බලයට ආවත් මේ ලංකාවේ යතාර්ථය එයයි.

:       22       818

senarathFriday, 22 November 2019 05:41 AM

ඔබේ කතාව හරි ඇත්තටම වැරදි කරපු උදවියට. එත් ඕනේ දේ ලියලා ඒකට අත්සන් නොකරපු නිසා හිරේ යවන එක හොද නෑ.

:       113       31

dhammika perera Thursday, 21 November 2019 06:56 PM

හරි නේද? හැට නම ලක්ෂයක අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටුවීමේ ආරම්භය සනිටුහන් කල වගයි. ධම්මික පෙරේරා

:       355       408

Mahee Friday, 22 November 2019 01:35 AM

විශිෂ්ට පොලිස් නිලධාරියෙකුව සිටි කෙනෙක්. "සිටි" කියලා කිව්වේ අබේසේකර මහතා මේ තනතුරට පත්වී කල විශිෂ්ට සේවය පස්සේ ටිකක් දියාරු වුන බව පෙනුන නිසයි.

:       329       194

මුණසිංහ Friday, 22 November 2019 02:05 AM

මෙයාගේ පරීක්ෂණ සියල්ල පක්ෂග්‍රාහීයි.

:       865       3135

සමන්ත Friday, 22 November 2019 03:09 AM

සමන්ත ශානි අබේසේකෙර යනු රජයේ නිලධාරියෙකි. ඔවුන් කරන්නේ තමන්ට පැවරී ඇති රාජකාරියයි. ශානි සහ නිශාන්ත සිල්වා, තිසේරා වැනි නිලධාරීන් කලේ තමන්ගේ රාජ්‍ය සේවයේ වගකීමයි. ඒ මිසක් වෙන යමක් නොවේ. එතැනදී ඔවුන්ට එම නඩු හෝ පැමිණිලි කාගේද යන්න හෝ, කුමක්ද යන්නට වඩා වැදගත් වුයේ අපරාධයක කාරණා ගොනු කිරීමයි.

:       1037       720

RaveendraFriday, 22 November 2019 04:01 AM

සමන්ත මයා, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. එමෙන්ම ඒවා නිවැරදිය .එලෙසම සමහර අවස්ථාවලදී මෙම නිලධාරීන් තම හදවතට එකගව අවංකව වැඩ කළේද , තීරණ ගත්තේද යන්න නම් ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් ඕනෑම රට බුද්ධි අංශවල නිලධාරීන් යනු ඔවුන්ගේ මුළු ජීවිතේම ගොඩක් දේවල් කැපකර සේවය කරන පිරිසක් බව නම් අමතක නොකළ යුතුය.

:       0       1

sharm warn Friday, 22 November 2019 03:57 AM

ශානි අබේසේකර මහතා ඒ තනතුරට නුසුදුසු නම් මේ කොමිෂන් සභාව ම ඔහු එතනට පත් කළේ ඇයි ? අපි අසා ඇති හැටියට ඔහු අපක්ෂපාති සේවකයෙක් . ඔහු විසින් මෙහෙයවන ලද ප්‍රසිද්ධ අපරාධ විමර්ශන ලැයිස්තුව දිහා බැලුවම මේ පත්වීමේ යටි අරමුණක් තියෙන බව පේනවා. අපි තවමත් අලුත් පාලකයාට සහතික නිකුත් නොකළෙත් මෙන්න මේ දේවල් වෙනවද කියලා බලන්න. අපි ආයෙමත් පස්සට යනවා වගේද මන්දා.

:       0       5

sadis Friday, 22 November 2019 04:17 AM

තාජුදීන්, ප්‍රගීත්, ඔබ සැම සමාදානයේ සැතපේවා!

:       0       73

KANDEPOLA Friday, 22 November 2019 04:17 AM

වෛද්‍ය සාෆි සහබ්දීන්ට අධිකරණයෙන් නිදහස් විය හැකි ලෙස සාක්ෂි මෙහෙය වුයේ මෙයා තමයි.

:       117       547

සෙනෙවිරත්න Friday, 22 November 2019 08:40 AM

ගොං ටෝක් තමයි. වීඕජී වඳ සැත්කම් ගැන සාෆිට පක්ෂ වෙන්න...

:       0       190

eresh S kumara Friday, 22 November 2019 04:41 AM

මෙයත් නීතිය නැව්වා කියලා තමයි ආරංචිය.

:       152       434

ගල්කටස් Friday, 22 November 2019 05:04 AM

රාජකාරිය හරියට කළානම් නීතිය නවන්නෙ නැතිව ඔහොම වෙන්නෙ නැහැ. නීතිය කරනවා කියන්නෙ බොරු නඩු පටවලන එක නෙමෙයි. මොහු කාලයක් නීතිය හරියට කළා. 2015 න් පස්සෙ කඩේ ගියා. ඒකයි සත්‍යය. පොලිස්පතිත් සමග නීතිය නැමුවෙ මොහුයි. ඔච්චර දක්ෂ නිළධාරියෙක් නම් ලසන්ත, තාජුඩීන්, එක්නැළිගොඩ සිද්ධිය හොයාගන්න අවුරුදු 05ක් මදිද? බොරු කරන්න ගිහින් වන වෙලා ඉන්නේ. පොලීසියේ කට්ටිය දන්නවා මෙයාගේ කෙරුවාව. සාෆි නිවැරැදි බව කිව්වෙත් මෙයයි.

:       240       726

akman Friday, 22 November 2019 05:13 AM

කොටින්ම කියනවානම් ශානි අබේසේකර කියන්නේ එජාපයේ එකේ අතකොළුවක්. ගාල්ලට නෙවේ යවන්න ඕනේ තුත්තුකුඩියට. මේ රජයෙන් ගත්ත හොද තීරණයක්. මෙයා විතරද පොලිසියේ ඉන්නේ. තව දක්ෂයෝ ඕන තරම් ඉන්නවා.

:       836       1357

atharFriday, 22 November 2019 06:18 AM

බූරුවෝ..........

:       527       139

Tharindu PereraFriday, 22 November 2019 07:36 AM

අන්ධ භක්තිකයන් කියන්නේ ‌මෙන්න ‌මේ වගේ අයට තමයි.

:       5       1

Channa Friday, 22 November 2019 07:15 AM

නීතියට අබ සරණයි. මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.

:       50       38

sandamali Friday, 22 November 2019 10:17 AM

තනිකර කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක... සාක්ෂි හදා ගන්න කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කරනවා. NGO සල්ලිවලට ඕනේම දෙයක් කරනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉතාම සංවේදී දේවල් කිසිම ගාණක් නොමැතිව උසාවිවල ප්‍රසිද්ධ කරනවා.

:       46       51

athulaMonday, 25 November 2019 07:47 AM

ඔව් ඔව් උඹලා කැමති අයගේ පරීක්ෂණ පවත්වන අය NGO... මේක පුදුම වැඩක්නේ...

:       0       0

athula Friday, 22 November 2019 08:14 PM

ශානි අබේස්කර cid එකේ හිටියේ මහින්දගේ ආණ්ඩුවේ... ඔහු ඉතා කීර්තිමත් සහ ඉතාම පරිණත නිලධාරියෙක් බව මා එදා සිටම අසා තිබෙනවා. මේවා පළිගැනීම්... දක්ෂයින් රට හැර යන එක නතර වෙන්නේ නැහැ. මා හිතුවා මෙවරවත් ගෝඨාභය ස්වාධීනව කටයුතු කරාවි කියලා... මේ යනවිදිහට නම් මට පේන්නේ සොරි ඩොට් කොම් තමයි..

:       25       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 100 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 807 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2210 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1556 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2122 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site