
(නිමන්ති රණසිංහ)
පීඩාකාරී ගිනි අවි සම්බන්ධ සිද්ධියක් පිළිබඳව සාක්ෂි වසන් කිරීමේ සිදුවීමකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7දනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්විණි.
COMMENTS
තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
ඒ කියන්නේ වාස් ගුණවර්ධන මහතා ඇතුළු නඩයට ඇප ලැබෙයිද?
අති විශිෂ්ට රහස් පරීක්ෂණ නිලධාරියෙක්. රාජපක්ෂලා පළිගැනීම ආරම්භ කරලා. රට අතිමහත් ව්‍යවසනයකට යන්න නියමිත බව පෙනෙනවා..
වාස් ගුණවර්ධන නඩුව ඉවර වෙලා කොයි කාලේද? දැන්ද මේවා හොයන්නේ..?
ලාංකීය ෂර්ලොක් හෝම් කියමින් කෙසෙල් අත්තේ නැග්ගනේ.. රන්ජාගේ ෆෝන් සංවාදෙන් ඔක්කොම කෙළවුණානේ.. දේශපාලුවන් ෂලොක් හෝම්ස්ගෙන් හොඳහැටි වැඩ ගත්තානේ.. දැන් නැහැ රන්ජාවත් බැලුමට ෂර්ලොක් හෝම්ටත් කෙළ වුණානේ..
දූෂිත අධිකරණයක් ඇති අපේ රටේ මේවා ගැන මොන විශ්වාසයක්ද? අපිට හොඳට මතකයි සොහොන් නඩුවලට වෙට්ටු දැම්ම හැටි සහ විනිසුරුවන් කට්ටි පැන්න හැටි. මේවා LTTE උසාවි වලටත් වැඩිය අප්‍රසන්නයි.
නඩුත් බඩුත් දෙකම කාගේද?
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
ශානි අබේසේකර කියන්නේ දක්ෂ නිලධාරියෙක්. දේශපාලන විරෝධයයි මොහුට එල්ලවෙලා තිබෙන්නේ... ඉතින් බොරු නඩු පටලවනවා කොහොම හරි දඬුවමක් දෙන්න...
ශානි අබේසේකර මහත්මයා අපේ රටේ සිටින දූෂිත, මංකොල්ලකාර , මිනීමරු දේශපාලුවන්ට ලොකු හිසරදයක් වුණු කෙනෙක්. වැරදීමකින් ලැබුණු බලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මැදමූලන රැල, ඔහුගෙන් පලි ගත්තා. තජුදීන් අමානුෂික ලෙස ඝාතනය කළ "මිනීමරු පුතුන් " පසුව සිරුර වාහනයට දමා ගිනිතැබූ.. මහා පොළව නුහුලන අපරාධයේ සියලුම විස්තර සොයා ගත්තේ මේ කියන ශානි අබේසේකර නම් විශිෂ්ට රහස් පරීක්ෂකයායි. මැදමූලන රැළ චෝදනා හදලා ඔහුව හිරකළා. මේ ප්‍රශ්නය තවම අවසන් නැහැ. අපි කාලයට ඉඩදී බලාගෙන ඉමු මීළඟ ජවනිකාව කුමක්ද කියා...?
ශානි අබේසේකරගේ දක්ෂකම් ගැන අපි කියෙව්වා. කුස්සිවල වළං හෝදන්න හරිම දක්ෂයිලු නේද?
ඡන්දෙ දිනුවොත් අර එල්ලුම්ගස්ගිය කෙනාත්, හිරේ ගිය පොලිස් ලොක්කාත් නිදහස් කරන්නලු.. ඇත්තද මන්දා.