(රංජන් කස්තුරි)
‘‘ශ්‍රී ලංකා ගුරු උපදේශන සේවාව‘‘ නමින් වෙනම සේවාවක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අද (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව සඳහා උපදේශකවරුන් 4471 ක් බඳවා ගැනෙන අතර එම සේවාව ස්ථාපනය කිරීමත් සමඟ මෙතෙක් පැවැති ශ්‍රී ලංකා ගුරු සේවය , ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාවද අලුතික් එක්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමතිතුමාගේ මෙම පියවර අතිශයින්ම අගය කළ යුතුය. එසේම දැනට විශ්‍රාමික ගුරු උපදේශකවරුන්ටද සාධාරණය ඉටු කරනු ඇති බවට අපි විශ්වාස කරමු.
ඉතා හොඳ වැඩක්.
ගොඩක් හොඳ වැඩක්