IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක්

(මනෝජ් හර්ෂික)

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමු වී තිබෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ප්‍රකාශ කළාය. 

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම් බවත් ඒ සඳහා ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට කාන්දු වීම වළක්වාලීමේ වැදගත් පියවරක් වනු ඇති බවත් ටොෂිකෝ අබේ මහත්මිය අවධාරණය කළාය. 

ටොෂිකෝ අබේ මහත්මිය අද (12 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. 

අගමැති වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට පෙර මෙම හමුව පැවැත්විණ. කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති ද්විපාර්ශවික සාකච්ඡාවෙදී ටොෂිකෝ අබේ මහත්මිය අද (12) මේ පිළිබඳව පැවැසුවා ය.

ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. 

ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ප්‍රති ත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද එහිදී වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා ටෙට්සුඕ කිටාඩා යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (3)

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක්

Bamunuarachchi Wednesday, 12 June 2019 11:26 AM

මේ අවුරුදු 4 මේ ආණ්ඩුව අත්සන් කල නොයෙකුත් ගිවිසුම් වලට අනුව රටට කිසිම සෙතක් සිදුවී නොමැත. එහෙත් අපට අයිතිව තිබෙන ආයතන හා රාජ්‍ය දේපල අන්සතු වන බවනම් පැහැදිලිව පෙනේ.

:       152       139

chandima Wednesday, 12 June 2019 12:25 PM

ඒ කියන්නේ මෙහෙ කට්ටිය ජපානෙට යනවද ආරක්ෂාව සපයන්න... නැතිනම් එහෙ කට්ටිය මෙහෙ එනවද? මෙහෙන් එහෙ යවන ලැයිස්තුවට නම් අැතුල් කරගන්න මන්ත්‍රීලාට, ඇමැතිලාට ගානක් දෙන්නත් වෙයි මගේ හිතේ..?

:       57       109

RaveendraWednesday, 12 June 2019 02:42 PM

චන්දිම මයා වෙත, ඔබ විසින් අසා තිබෙන ප්‍රශ්න නිසා සූත්තරයාගේ දතකට පූට්ටු වෙලා තියෙන්නේ. බැරිද මේවගේ අමාරු ප්‍රශ්න අහන්න? දැන් මේ ගිවිසුමෙන් මෙච්චර ප්‍රතිලාභ රටට ලැබෙනවා නේද? රටට කීර්තියක් ලැබෙනවා නේද? ඒ වගේ දේවල් අහන්නකෝ...

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 492 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2234 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site