ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කරන ඇතැයි රොයිටර් පුවත් සේවයි පවසයි.

එම රටවල් මෙන්ම නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත් වල සංචාරකයින්ටද හෙට (21) සිට එංගලන්තයට පැමිණෙන විට තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියකට ලක් වීමට සිදු නොවනු ඇතැයි එහි සඳහන් වේ.

මෙම සතිය තුළදී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බවද බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

-036