මලිෂා ගුණවර්ධන
 

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්‍යාව දෙකකි.