එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 219 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවිය. කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3-1 ක් ලෙසින් එංගලන්තයට හිමිවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් ලබාගත්තේය. එකම පිතිකරුවකු හෝ ශතකයක් ලබා නොගත් කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද මෙයයි.
ලකුණු 367 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිලේ කඩුලු 9 ක් ලකුණු 132 කට ඇද වැටුණු අතර ඒ වන විට සම්පූර්ණ කර තිබුණේ ඕවර 26.1 ක් පමණි. ඩක්වර්ත් - ලුවිස් ඉලක්කය අනුව තරගය සමකිරීමට නම් එංගලන්තය ඒ වන විට ලකුණු 351 ක් ලබා සිටිය යුතුව තිබිණ.
තරගයේ සම්පූර්ණ විස්තර වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
ඡායාරූප චතුර එස් .කොඩිකාර



COMMENTS
ජයවේවා... ජයවේවා අපේ කොල්ලන්ට... දැන් ඉතින් අවදිවෙලා ඊලඟ අවුරුද්දේ ලෝක කුසලානය දක්වා ඔහොම යමු කොල්ලනේ...
මේ තරගයත් දඹුල්ලේම පවත්වා කියන්න තිබුණනේ.... ලංකාව එක්දින තරග පහම පරාදයි කියා .මින් පසුවවත් තීරණය කරන්න එක් දින තරග 5ක් පවත්වනවානම් ඉන් දෙකක් පමණක් දඹුල්ලේ පවත්වන්න උපරිම වශයෙන්.
එංගලන්තේ ක්‍රීඩකයෝ කොච්චර අනුකම්පා සහගතද කියල දැන් තමයි වැටහෙන්නේ.