සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දෙවැනි සතියටත් පැමිණ තිබෙන අතර ඊයේ (6) වොෂින්ටන් අගනුවරට දහස් ගණනක් පැමිණියහ.
‘‘කළු ජාතිකයන්ගේ ජීවිත වටිනවා (බ්ලැක් ලයිව්ස් මැටර්)’’ සහ ‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’’ යනුවෙන් හඬ නගමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර ප්‍රධාන මාර්ගවලත් වීදිවලත් පාගමනේ යෙදුණාහ.
අගනුවර පිහිටි ධවල මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක යොදා තිබෙන නමුත් විරෝධතාකරුවෝ ඒවා ගණනකට නොගත්හ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව හෙවත් පාර්ලිමේන්තුව පිහිටි කැපිටල් ගොඩනැගිල්ල මෙන්ම ‘ලින්කන් අනුස්මරණ’ පිළිරුව දක්වා තිබෙන වීදි සියල්ල විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබිණි.
විරෝධතාකරුවන්ගේ ගමන අවහිර කිරීම සඳහා මාර්ගවලට හමුදා රථ සහ නිලධාරීන් යෙදුවද ඉන් ප්‍රතිඵලයක් අත් නොවිණි. ඉන් සිදුවූයේ මාර්ග තදබදයක් නිර්මාණය වීම පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරයේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ලක්විය. සුදු ජාතික පොලිස් නිලධාරියකු වූ ඩෙරික් චෝවින් ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ බෙල්ල සිය දණ හිසෙන් විනාඩි නවයකට ආසන්න කාලයක් තද කරගෙන සිටි අතර හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ෆ්ලොයිඩ් මරණයට පත්විය. එම මරණයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම නගරකයම පාහේ විරෝධතා ආරම්භ වූ අතර ඇතැම් අවස්ථාවලදී ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. ‘‘අපේ බෙල්ලෙන් ඔබේ දණහිස ඉවත් කරගනු’’ යන්න එම විරෝධතාවල ප්‍රධාන සටන් පාඨයක් විය.
මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් වෙතින් ආරම්භ වූ විරෝධතා පසුගිය සතිය වනවිට ලොව වඩාත් ආරක්ෂිතම ස්ථානය යැයි සැලකෙන ධවල මන්දිරයේ දොරකඩ අභියසටම පැමිණියේ ය. මේ වනවිට ධවල මන්දිරයේ ආරක්ෂාව දැඩි කර තිබෙන අතර වොෂින්ටන් අගනුවර බොහෝ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත.
අල්ජසීරා
ඡායාරූප – රොයිටර්
055

COMMENTS
(1 වන කොටස ) මට හිතෙන්නේ අපි ජීවත්වන්නේ ලෝක දෙකක කියලයි.. මෙය බලන සමහරු මට බනිවි.. දොස් පවරාවි... නමුත් මහත්වරුනේ, මහත්මියනේ ඇත්ත තිත්ත නිසා මම ඉවසන්නම්... මගේ හිතේ කාලයක් තිස්සේ තෙරපි තෙරපි වද දෙන මේ ඇත්ත.. ඔබටත් එසේම පෙනෙනවා නම්.. මට ඒ ඇති. අපි අපේ දුප්පත් රට ගැන ගනිමු.. සමාවෙන්න, අදූරදර්ශී, නූගත් දේශපාලුවන් රැසක් විසින් වසර 71 ක් පුරාවට කරන ලද විනාශයෙන් ලෝකයේ දුප්පත්ම, ණය බරින් වැඩිම රටක්වූ, නමුත් වසර 71කට කලින් ආසියාවේ පොහොසත් රටක්වූ අපේ ලස්සන ශ්‍රී ලංකාවට මේ අපරාධය සිදුකළ දේශද්‍රෝහීන්ට විරුද්ධව කවමදාකවත් අපේ රටේ ජනතාව එක්වී ප්‍රසිද්ධියේ විරෝධය දක්වලා තියෙනවාද...? අපේ රටේ නිරන්තරයෙන් සිදුකරන පරිසර විනාශයට, ගස් කොලන් කැපීම, සතුන් වැනසීම , ඉවක් බවක් නැතිව කැලෑ බිම් අත්පත්කරගැනීම නිසා සතුන්ට වනයක් නැතිවී මිනිසුන් සහ සතුන් අතර ඇතිවී ඇති ගැටුම් වැඩිවී, ගංගා ඇල දොළ රසායනිකයන්ගෙන් දුෂණය වී, ඉවක් බවක් නැතිව අහසට නගින දුම් රෝටුවලින් වායුව දූෂණය වී.. හදවත්, වකුගඩු,... වැනි රෝගීන්ගෙන් පිරුණු අපේ රට නැවත ගොඩනගන්නට අප කවදාකවත් එකාසේ පෙරමුණට ඇවිත් තියෙනවද..? ( 2 නි කොටසට ..)
(2 කොටස ) 1956 සිට.. ආත්මාර්ථකාමී,බලලෝභී මෝඩ දේශපාලුවන් විසින් " ඡන්දය " පතාම අවුළුවන ලද වර්ගවාදී ගින්නෙන් සිංහල,දෙමල, මුස්ලිම්, ජා, මැලේ, බර්ගර්.. අපේ සහෝදර ජනතාවගෙන් කී ලක්ෂයක් මියගියාද? කාටවත්ම වරදක් නොකළ උගත්, බුද්ධිමත් අහිංසකයින් කොපමණ අපේ රට අතහැර ගියාද..? ඔව්, ඔවුන්ගේ සේවය අපේ රටට අහිමි වුණා. ඔවුන්ගේ ජීවිත බේරාගත් රටවල් පොහොසත් වුණා. අදටත්.. මේ මොහොතේත්.. මේ ජාතිවාදය අපේ රටේ පැතිරිලා තියෙනවා. පතුරවලා තියෙනවා. රටට ආදරේට නොව.. ඡන්දයට ආදරේට... මිනිස්සුනේ මේ අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ ,බර්ගර්.. ඔක්කොම ඉපදුණ, මැරෙන රට... අපි එකිනෙකා හුවමාරු කරගන්නේ අපේ හුස්මමයි... ඔබ හෙලන හුස්ම වාතලයට ගොස් නැවත මාකරා එනවා මම ගන්න හුස්ම ලෙස... මම අහනවාද ඒවා සිංහලද, දෙමළද නැත්නම් මුස්ලිම් හුස්මද කියලා..? දේශපාලුවන් අපව කෙටවීම කවමදාකවත් නවත්වන්නේ නැහැ. ඔබයි.. මමයි.. අපියි.. ඔක්කොම එකතුවෙලා.. මේ එකම අහස යට එකම පොළොවේ එකට ජීවත්වන්නට අරගලයක් කරන්නේ කවදාද..? මගේ පරම පැතුම එයයි..!!! එදාට.. ලෝකයේ කොහේ සිටියත් මමත් ඔබලා සමගයි...
නීතියක් ඇති රටක බයක් සැකක් නැතුව ඕනෑම වෙලාවක එළියට බැහැලා පුළුවන්. ඇමරිකාවේ ජනයා බයක්, සැකක් නැතුව පාරට බැස්සේ එයාලගේ නීතියේ සැබෑ ප්‍රතිරූපය දැනගෙන. නමුත් නීතිය වැනෙන රටක ජීවත් වෙන මිනිස්සු බයයි.. මෙහෙම එඩිතරව පෙරමුණ අරන් කෑකෝ ගහන්න. මොකද හොඳාකාරවම දන්නවා අන්තිමට මොකක්ද වෙන්නේ කියලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ නීතියක් පවතින තුරු එහෙම පෙළගැසීමක් වෙන්නේ නැහැ... ඉර හඳ පවතින තාක්කල්...
මේ රැල්ල ලංකාවටත් එයි ද ..?
කළු ජාතිකයෙකුට සිදුවූ අසදාරණය වෙනුවෙන් අද ඇමෙරිකාවේ පවතින විරෝධතා රැල්ලට බහුල වශයෙන්ම පුරෝගාමී වී ඇත්තේ සුදු ජාතික ඇමෙරිකානුවන්ය. සුළු ජාතික "කළු ඇමෙරිකානුවන්" වෙනුවෙන් ඔවුන් මේ අවස්ථාවේ හැඟීම් බරවීම ප්‍රශංසනීය දෙයක් බව මම සිතමි.
මේ වගේ වටිනා කමෙන්ට් එකකටත් අන්ලයික් දාන අය මොන මානසික මට්ටමක ඉන්නවද මන්දා...
සුපරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කටමැත කියෙව්වත් එම රට තුළ ද සුළු ජාතික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව මේ විරෝධතා වලින් ඔප්පු වෙනවා ! හැබැයි මෙහි 11% ක් වන කළු ජාතිකයන්ට සිය අයිතිවාසිකම් දිනා දීම සදහා 70%ක් වන සුදු ජාතිකයන්ද උනන්දුවෙන් ඔවුන් සමග පෙරට එන හැටි දුටුවම අපි ගැන දෙසැරයක් හිතන්න වෙනවා. සුළු ජාතික දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහ ජාතිය වන සිංහල මිනිස්සු පෙනී සිටපු කාලයක්වත් සිංහල ජාතිකයන්ගේ යම් ගැටලුවක් වෙනුවෙන් අනික් සුළු ජාතින් අප සමග අත්වැල් බැද ගෙන සටන් කල දවසක්වත් මටනම් මතක නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ මගෝදිස්ලට හොරකම් කරන්නනම් කිසිම ජාතිවාදී බවක් ඇත්තේ නැහැ.
ශ්රී ලංකාවේ ජීවත්වන අපි හැමෝම "ශ්‍රී ලාංකිකයින්" මිසක් මේක "සිංහල - බෞද්ධ රටක්" නොවෙයි. ඉන්දියාවෙන් නෙරපපු විජය කියන තක්කඩියට කලින්, ලංකාවේ විවිධ ආදි වාසීන්, යක්ෂ, නාග ගෝත්‍රවල අය ජීවත් වෙලා තියෙනවා. "අපි පැවත එන්නේ කාගෙන්ද නොව, අපි පැවැතිය යුත්තේ මොන ආකාරයෙන්ද" කියන එකයි වැදගත්. අපේ රටේ බහුතරය සිංහල - බෞද්ධ... නමුත් මේ රටේ ජීවත්වෙන සියලුම ජාති, ආගම්වලට අයත් පුද්ගලයින්ට නිදහසේ, සාමකාමීව ජීවත් වෙන්න අවස්ථාව තිබිය යුතුයි. හැමෝටම ගරු කළයුතුයි. අපේ රටේ යුද්ධය දිනන්න මුස්ලිම් මිනිසුන් විශාල වශයෙන් සහයෝගය දුන්නා. ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශවල 90% ක්ම වගේ හිටියේ මුස්ලිම් නිලධාරීන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය ද්‍රවිඩ ජනයාගෙන් පැවැත එන්නක් නිසා, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව සහයෝගය ලබාදීමට "විශාල බයක්" තිබුණා. ඒත් සැලකිය යුතු සහයෝගයක් ඔවුන්ගෙන් ලැබුණා. "අපි හොඳ බෞද්ධයෝ" කියලා කෑගැහුවට, අද බෞද්ධයන් 1000 කින් එක්කෙනෙක්වත් බුදුරජානන් වහන්සේ දේශණාකරපු මාර්ගයේ යනවද? හිත් ඔක්කොම වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මමත්වයෙන් පිරිලා... ගුණධර්ම තුරන් වෙලා. පුංචි කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලය සතුටින් ජීවත්වෙමු...
සමහරක්ගේ අදහසට අනුව අප සියලු දෙනාම "ශ්‍රී ලාංකිකයින්" ලෙස රටේ ජීවත්විය යුතුයි. එතකොට අවුරුදු 30 එකට ඉන්ට බැරි නිසා වෙනම රාජ්‍යයක් ඉල්ලවා මිනීමරා ගත්තේ සිංහලයින්ද නැත්නම් දමිලයින්ද? ඉතිහාසයේ සත්‍ය කරුණු නිරීක්ෂණය කළහොත් කවර පාර්ශවයකට අනෙකුත් අය සමග සමගියෙන් ජීවත් විය නොහැකිදැයි ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.
නන්දන, අවුරුදු 30ක යුද්ධයට මුල පිරුවේ අපේ ජාතිවාදියන්. 1956 සිංහල පමණයි ප්‍රශ්නයෙන් තමයි ඔක්කොම ගිනි ඇවිලුනේ... 1948 නිදහස ලබාගන්න ද්‍රවිඩ උගතුන්, මුස්ලිම් උගතුන් කොපමණ සහයෝගය දුන්නද? ඔබ වැනි ජාතිවාදීන් අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඔළුගෙඩි විනාශ කරනවා. ඔබ ලිඳේ ඉන්න ළිං මැඩියෙක් වගේ... ඔබ මානව හිමිකම් ප්‍රඥප්තිය ගැන දන්නවාද? මතක තියාගන්න ලෝකය තියෙන්නේ ලංකාවතුළ නොවේ ලංකාව තියෙන්නේ ලෝකය තුළ කියලා. ඔබ වැනි මෝඩයින් සමග කථාකිරීමත් අප්‍රසන්න දෙයක්.