
(කේ බුද්ධික කුමාරසිරි )
බන්ධනාගාර ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” නමැත්තාගේ සමීපතම ඥාතීයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අද (16) දින පාදුක්ක බටහිර හොරගල පිහිටි සැකකරුගේ නිවසේදී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු හැඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ තිබි හෙරොයින් පැකට් 110 ක් සොයා ගැනිමට හැකි වූ බවත් එහි මුළු බර ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 200 ක් බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක බටහිර හොරගල පදිංචිව සිටි විතානගේ දුමින්ද කුමාර නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” ගේ ඥාතී සහෝදරියක් විවාහ කරගෙන සිටින බවත් සැකකරුගේ පියා සහ සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා” අතර ඇති වූ ගැටුමක් නිසාවෙන් වෙලේසුදා විසින් දෑත් දෙකම කපා දමා ඇතැයිද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකරු සහ අත් අඩංගුවට ගත් මත්කුඩු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළඹේ සිටින කුඩු මුදලාලිලා අල්ලන්න
දැන් අහුවෙන සේරගේම පාතාලයන්ගේ සමීපතමයෝ... එහෙකම් ළඟදී අල්ලපු හමුදා කර්නල්වරයාගේ සමීපතමයා කවුද?