(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්. හියුබට් ප‍්‍රනාන්දු)
ආගමන සහ විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මීගමුව ප‍්‍රදේශයේ රැඳී සිටි විදේශිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරකුට අනුව කළ වැටලීමකදී සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු පෙරියමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සියලුදෙනා පකිස්ථානු ජාතිකයන් වන බවත් ඔවුන් වයස අවුරුදු 18 හා 25 අතර වයස්වල පසුවෙන පුද්ගලයන් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් කලක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටිමින් කුමක්කළේද යන්න හෙළි කරගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.