IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්

(යොහාන් භාසුර)

පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්‍ෂණයෙන් ද තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වූ අතර පසුව කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් ද එය තහවුරු වී තිබේ.

එම ගුදම්වලින් ලබාගත් පොල්තෙල් සාම්පලවල පරීක්‍ෂණ ප්‍රතිඵල කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පාරිභෝගික සේවා අධිකාරීයට අද (01) යොමු කරන ලදී.

සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් ද ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වී ඇති බවත් එහි ප්‍රතිඵල කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවත්ය.

මෙම ආයතනවලින් ගෙන්වා තිබෙන පොල්තෙල්වල පිලිකා කාරක ප්‍රමාණයට වඩා අඩංගු බවට සනාථ කළ යුතු නිල ආයතන දෙක වන සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බැවින් පසුව ලැබෙන වාර්තා කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවයි.

රේගු දෙපාර්තමේන්තුව සමාගම්වල ගුදම්වලට නිකුත් කළ පොල්තෙල් ප්‍රමාණයන් එම ගුදම්වල නියමිත පරිදි තිබේ දැයි මේ වන විට පරීක්‍ෂා කරන බවත් එහිදී වෙනසක් ඇති වුවහොත් එම පොල්තෙල් ප්‍රමාණය ද සොයා විනාශ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාරිභෝගික සේවා අධිකාරිය සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මීට දින කීපයකට පෙර ලබාගත් පොල්තෙල් සාම්පල 125 පරීක්‍ෂණ සඳහා මේ දක්වා දක්වා කිසිඳු ආයතනයකට ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

 

 



අදහස් (4)

විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්

Raveendra Thursday, 01 April 2021 12:46 PM

හතරවන පරීක්ෂණයද නුදුරේදී කරනු ලැබේ. සියවන පරීක්ෂණය තෙක් අඛණ්ඩව පරීක්ෂණ කරනු ලැබේ (ඒ සඳහා අවුරුදු කීපයක්ම ගත වෙන බැවින් ප්‍රශ්නය දියාරු වෙනු ලැබේ)... එබැවින් මෙම ශරීරයට ගුණවත් විෂ මෙරටට ගෙන්වූ අයට අප සියවන පරීක්ෂණය අවසන් වන තෙක්ම රටින් පැනයාමට අවස්ථාව ලබාදෙන බැවින් ඉක්මන් කරනු..

:       2       30

විජිත් Thursday, 01 April 2021 01:13 PM

මේ විෂ පොල්තෙල් අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කළයුතුයි. නමුත් මේ " මිනිස් ඝාතකයින් " මේ ප්‍රතිඅපනයනය කළ පොල්තෙල් වෙනත් මුහුණුවරකින් අපේ රටට හෝ වෙනත් රටකට නැවත අපනයනය කළ හැක. ඒ නිසා තෙල් ප්‍රතිඅපනයනය කළ වහාම නව ගමන්ගන්නා මාර්ගය, නැව මුලින්ම නවතන වරාය, මගදී ගමනේ යම්කිසි වෙනසක් කළාද, පමණක් නොවේ, මේ තෙල් රටට ආනයනය කරන ආයතනයේ ආනයන අවසරපත සදහටම අවලංගු කළ යුතුවේ. එමෙන්ම මේ තෙල් නිෂ්පාදනය කළ ආයතනය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් " රතු නිවේදනයක් " නිකුත් කළයුතුයි. කෙසේවෙතත් මේ තෙල් නැවත මිනිස් පරිභෝජනයට නොයන ලෙස ක්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ පොල්තෙල් ජාවාරමට සම්බන්ධ හොර දේශපාලුවන්ගේ හෙන්චයියන්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි. නමුත් දේශපාලුවන් නඩු අහන ගෝත්‍රික රටක මොන සාධාරණ විනිශ්චයක්ද...? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළින් සිටින සේ, රටේ සියලුම නඩු සඳහා ප්‍රබල උසාවියක් , ස්වාධීන විදේශීය විනිශ්චයකාරවරුන් යටතේ හොඳින් හෝ නරකින් පිහිටුවන දිනය තෙක් .. මේ රටේ උසාවිවල විනිශ්චයන් අප සැම සිනාගන්වන කතාම වේ.

:       1       52

Nihal Thursday, 01 April 2021 01:47 PM

පරීක්ෂණ සමත්වෙන තුරුම පරීක්ෂණ කිරීම අතහැර දමන්න එපා...

:       0       30

Bandara Friday, 02 April 2021 03:58 AM

උත්සාහය අත්හරින්න එපා... සමත්වනතුරු කරන්න. ඉන්දියාවට හරි කෑමක් නැහැ. දැන්නම් මේ රට දාලා යන්න හිතෙනවා.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 16 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 93 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 303 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 660 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 497 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 509 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site