(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අතර අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර ඇත.
ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්‍ෂාවක් දිය යුතු බැවින් යැයි සදහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. එතුමට ආරක්ෂාවක් දිය යුතුමයි.
එය ඉතා අගය කල හැකි වටිනා තීරණයක්.
ඔය සජිත් එනවා කියල නළල බිම ඇනගන්න කට්ටියගෙන් මම අහන්නේ, සජිත්ට ඉන්න වෙන්නේ කෙහෙල් වත්තේද? අනික් පැත්ත දිනුවොත් නම් ඉතින් නිතිය වෙනස් කරලා අලුත් ජනාධිපතිට ගේ අරගෙන දෙයිනේ?
හැබැයි මේ වැඩේ පොඩි කොස්සකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරු නම් කරන්නේ අගමැතිතුමා. එතුමාගේ නිර්දේශය මත තමයි ජනාධිපති ඒ තනතුරු දෙන්නේ. නමුත් සජිත් කියනවා එයාගේ ආරක්ෂක ඇමතිකම දෙන්නේ සරත් පොන්සේකාට කියලා. එත් අගමැති ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් සජිත් ආවත් ඒ කියන විදියට තනතුර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කතාව නිකන්ම නිකන් සරත් ෆොන්සේකාව අන්දන්න කරපු කතාවක් යයි කියල බයට.
හිටපු ජනාධිපතිල නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද. මාළිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයො 200 විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20ක් විතර දෙනව. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි.
ගමේ ඉඳන් වැඩට ආපු සරළ මනුස්සයා දැන් රාකාරී නිවාසෙ දාලා යන්නෙත් නෑ. එතකොට ඊළඟ ජනාධිපතිට අලුත් එකක් හදන්න ඕන.
ලොකු ලොක්කන් ඉතින් හැමදේම ලබා ගනිවී. පොඩි මිනිහා තමයි හැමදාමත් දුක් විදින්නේ
ටික ටික කැරකිගෙන එන්නේ ඔය දෙසිය විසිපහටම අවුරුදු පහෙන් විශ්‍රාම යනකොට ගේකුත් අරගෙනම යන්න පාර කපාගන්න වගේ?
එතකොට යුද්දේ ඉවර කරපු මහින්දට දුන්න ආරක්ෂාව අයින්කලේ ? අනෙක මෛත්‍රී කිව්වේ විශ්‍රාම අරන් පොලොන්නරුවේ යනවා කියලා නේද ? යහපාලනේ කලේ තනිකරම බොරුව .
මේක පුදුම වැඩක්නේ. කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ අයිතිකාරයෝ නෙමෙයිනේ. අනුර කුමාරට ඡන්දෙ දෙන එක හොඳයි කියල හිතෙන්නේ මේවා අහනකොට තමයි.
අපරාදෙ මහජන මුදල්.. ඇති තර්ජනයක් නෑ.
ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න රටක තම තමන් බෙදා ගන්නවා හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
මෙතුමා 2015 බලයට පත්කිරීමට උදේ පාන්දරම ඡන්ද පොලට ගොස් මුලින්ම ඡන්දය ප්‍රකාශ කල කෙනෙක් මම. ඒ සඳහා ත්‍රී වීලර් රථයකට රු 100ක්ද වැයවිය. එහෙත් රු 100ක වත් දෙයක් රටට වුනාද දැයි දුකක් සිතට දැනේ. අයියෝ ජනතාවගේ සල්ලි කියල හිතෙන්නේ මට විතරද ?
සජිත් ගේ ඡන්ද ගොඩට ශ්‍රීලනිප ඡන්ද සොච්චමක් එකතු කරගන්න හදන උත්සාහයක් වගේ
ඇයි මේ අර පොලොන්නරුවේ ඉදන් රට කරනව කීව එයා නෙවෙයිද. දැන් ඊලග එක්කෙනා විශ්‍රාම යනකොට තව එකක් ලෑස්ති කරන්න කෝටි ගානක් වෙන් කරයි.
1977 රටට උන විනාශය දැන් පෙනෙනවා නේද? අවුරුදු 100 යනවිට අපි මොවුන්ට නිවාස 20 දිය යුතුයි
හැමොටම එක ක්‍රමවේදයක් තිබිය යුතු, මෙහෙම එක එක විදිහට සෙල්ලම් දැම්මම නාස්තිය සහ මහජන මුදල් විනාශය අපමන විදිහට වෙනව.
ආරක්ෂාව දුන්නට නම් කමක් නැ ඇත්තටම කුඩු වලට එරෙහිව ලොකු වැඩ කොටසක් කරානේ...
හිටපු ජනාධිපතිවරුන්ට හෝ වරියන්ට මෙලෙස නිවාස දුන්නාම ඔහු හෝ ඇයගේ ඇවෑමෙන් පසුව මෙම රාජ්‍ය දේපලවලට සිදුවන්නේ කුමක්ද. ඒවා එම පවුලේ අයට සින්නක්කර අයිති වෙනවාද. නොදන්නා නිසා ඇහුවේ පැහැදිලි කරදෙන්න
කොහොමත් සජිත් කීීවානේ එයාට මන්දිර එපා කියලා.
ඇයි ? පොලොන්නරුවේ ඉන්නවා කියලා නේද කීවෙ.
හොඳම අදහසක් තමා ඒක.
බලමු එපා කියයිද කියලා..
ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන මොහොතේ රුපියල් 10 කාබන් පෑනකින් අත්සන් තැබූ සරල මිනිසා සහ ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යන මිනිසා අතර සැලකිය යුතු වෙනසක් පවතින බව මින් පෙන්නුම් කෙරේ.
නිර්පාක්ෂික වීමට දුන් තෑග්ගක්. ඵජාපෙට සහය දුන්න නම් තව ගොඩක් ලැබෙයි.
මෙහෙම එන එන කෙනාට මහජනතාවගේ මුදලින් ගෙවල් හදලා දෙන්න මේ රට සියළු සෞභාග්‍යෙයන් සපිරි සුර පුරයක්ද. අනික ජනපති හා දියවන්නාවේ සිටින අය සහ ඒ අයගේ පවුලේ මහජන මුදලින් යැපෙන නිකමුන් නඩත්තු කරන්නට මේ රටේ මුට්ට කර ගහන මිනිහාගේ සහ හිගන්නාගේ සිට ඉපදෙන්නට සිටින දරුවන්ගේ නමින් පවා ණය වී මුදල් සොයා ගැනීමට මේ රටේ මිනිසුන්ට සිදුව ඇත.
ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා.
ඔය ඔක්කොම ඇත දිගෑරල දෙන්නේ මහජනතාවගේ සල්ලි මිසක් කැබිනට් ඇමති වරුන්ගේ සල්ලි නෙමෙයි. අවරුදු පහක් හොදට සැප වින්ද වින්ද ගෙවපු සේවා කාලයට ජීවිත කාලෙමත් සැප විඳින්න තවත් දේවල් දෙනවා. දේශපාලකින්ට මේ රට සහ මේ මෝඩ ජනතාව සම්පතක්. වෙන කිසිම රටක මෙහෙම නෑ
රාජ්‍ය දේපළ අවභාවිතය.
කොළඹ 07, මහගමසේකර මාවත කියන මෙම ලිපිනය තියන්නේ පොළොන්නරුවේද? මොකද්ද මේ ජනාධිපතිම 2015 දී කිව්වේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ පොලොන්නරුව මහ ගෙදර දී කියලා. නිල නිවාස ගන්නෙත් නැහැ කියලා.
ලෝකයේ මෙහෙම වෙතත් ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා තාම.
ඉතින් මෙතුමා ජනාධිපතිවරණයෙන් පසු නැවත පාර්ලිමේන්තුවට පත් වෙනවා කියල තියෙන්නෙ ? විශ්‍රාම යාමක් ගැන නම් ප්‍රකාශ කරල නැහැ. බලහත්කාර කමින් විශ්‍රාම යවන්න හදනව වගයෙි.
රටට වැඩදායි වැඩක් කරපු කෙනෙකුට නිවසක් දීම හොඳයි. එහෙම වුනොත් රජයේ සියලුම සේවකයින්ට විශ්‍රාම ගියපසු නිවසක් දෙන්නත් යෝජනා කරන්න. ඕක කැබිනේට්ටුවෙන් නෙමේ අහන්න ඕන මහජනතාවගෙන්. සල්ලි කැබිනෙට්ටුවේ නෙමෙයි නේ
දේශපාලන අනාථයෝ සහ ඒකට හරියන වන්දිබට්ට ජනතාවක් ඉන්නකන් මේ රට හදන්ඩ බැහැ.
හැ !!! මෙරටේ විතරද පිස්සු නටන්නන්ටත් උඩගෙඩි දෙන්නේ? ඉන්නකල් කරපු දේවල්වලට මුළු රටම වන්දි ගෙවනවා මදිවටද තවත් වන්දි ගෙවන්නේ? කැමති කෙනෙක් තම තමන්ගේ පුද්ගලික ධනය කැමතිවිදියට වියදම් කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මහජන මුදල් වියදම් කරන්න ඕනේ මහජන කැමැත්ත අනුවයි. ඔය හැම දෙනාම ඔතනට පත්කරන්නේ මහජනයා බව හොඳින් සිහියේ තබාගන්න.
ලංකාවේ බහිරවයින්ව දුම්මල ගහලවත් එලොව ගන්න බැහැ. ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල?
ඊයේ සටන වැඩසටහනේ අනුර කුමාරට සවන් දීමෙන් පසු මම තීරණේ කරා ජන්දේ අනුරට දෙන්න.
අනේ පුලුවන්නම් සියලු පහසුකම් සහ ආරක්ෂාව උපරිමයෙන් දීලා පොළොන්නරුවෙන්ම එතුමාව තියන්න. කොළොඹට නම් එපාමයි.
මෙහෙම ගියොත් කොළඹ හොඳ ගෙවල් ටික හිටපු ජනාධිපතිලටත් ඔවුන්ගේ ආර්යාවන්ටත් දීල අපේ බදු සල්ලිවලින් එයාලා ජීවත් වෙනකම් නඩත්තු කරන්නත් ඕනේ.අවුරුදු තිස් ගණන් අඩු පඩියට රජයට සේවය කරපු අයට බිම් අගලක්වත් නෑ. ජීවිතය පුරා ගෙයක් හදන්න ගත්ත ණය ටික ගෙවලා මැරෙන්න තමයි වෙන්නේ.
මේ ගැන අන්තර්ජාලයේ පලවී ඇති අදහසක් "මෙහි ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවන බව කියයි. මෛත්‍රිපාල සිරිසේන ජනපති වීමට පෙර පොරොන්දු වූයේ තමන් සුපිරි මන්දිර භාවිතා නොකර, පොළොන්නරුවේ සිය නිවසේ සිට රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි. නමුත් දැන් ඔහු මහජන දේපලක් වන ලංකාවේ රජය සතු මිල අධිකම නිවසක් සහ ඉඩමක් සින්නක්කරව අත්පත් කරගැනීමට කරන උත්සාහය අපරාධයකි. මෙම නිවස පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අධිකතම, විකිණීමට නව ඉඩම් සොයා ගැනීමට අපහසු සුපිරි කොළඹ 7 පැජට් පාරේය. කොළඹ 7 නිවාස හිමි පැළැන්තිය අධිරාජ්‍යවාදී සමයේ සිට මෙරට සාම්ප්‍රදායික ධනවතුන් සහ ප්‍රභූ පැලැන්තිය වේ. මෑතකදී සුපිරි ධනවතෙකු වූ අයෙකුට පවා කොළඹ 7 න් ඉඩමක් මිලදී ඉතා දුෂ්කරය. මක්නිසාදයත් එහි ඉඩම් හිමියන් තම ඉඩම් නොවිකුණන නිසාය. ජනාධිපති එහි පදිංචිවූ පසු රුපියල් කෝටි 80 ක් මහජන මුදල් වියදම් කර නවීකරණය කෙළේය. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු තවත් රජයේ ඉඩමක් ද ඇතුළු ඉඩම් 4 ක් මෙම දෙපලට ඇතුලත්ය. මේ නිවාස ලැබුනොත් කොළඹ 7 විශාලතම ඉඩම සහ මාලිගාව හිමි පුද්ගලයා බවට පත්වනු ඇත."
හිටපු ජනාධිපතිලා නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද? මාලිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයෝ 200 ක් විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20 ක් විතර දෙනවා. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 ක් විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන කියන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි. ධනවතෙකු වූ අයෙකුට පවා කොළඹ 7 න් ඉඩමක් මිලදී ඉතා දුෂ්කරය. මක්නිසාදයත් එහි ඉඩම් හිමියන් තම ඉඩම් නොවිකුණන නිසාය. ජනාධිපති එහි පදිංචිවූ පසු රුපියල් කෝටි 80 ක් මහජන මුදල් වියදම් කර නවීකරණය කෙළේය. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු තවත් රජයේ ඉඩමක් ද ඇතුළු ඉඩම් 4 ක් මෙම දෙපලට ඇතුලත්ය. මේ නිවාස ලැබුනොත් කොළඹ 7 විශාලතම ඉඩම සහ මාලිගාව හිමි පුද්ගලයා බවට පත්වනු ඇත.
මැරුණත් ආරක්ෂාව දෙන්න. බහිරවයා වගේ. රටේ මුදල් කන්න.
රටේ දුප්පතා ගැන අවධානයක් නෑ. හොදට බෙදාගෙනම කනවා.
මේක කවදාවත් ගොඩගන්න පුළුවන් රටක් නෙවෙයි. කරුණාකර දේශපාලනයට එන හැම කෙනාටම තමන්ගේ සහ භාර්යාවගේ නඩත්තුවට හරියන පිළිගත් පුද්ගලික වෘත්තියක් තිබීම අනිවාර්ය විය යුතුයි. ආර්යාව වෙන්න කෙලගිලලා විතරක් මදි. අන්න අර මෛත්‍රී වික්‍රමසිංහ නෝනා වගේ තමන්ගේ නඩත්තුව පුද්ගලික රැකියාවක් කරගන්න පුළුවන් භාර්යාවක් නැතිනම් දේශපාලනයට එන්න එපා. ඉස්සරහට ගෙදර බල්ලන්ටත් ජනතාවගේ බදු මුදලින් ගෙවන්න වේවි...
එනකොට කියං ආවේ කොහොමද..? පොලොන්නරු ගෙදර පාලුවෙයි. ඔයා යන්න එහේ ගෙදර...
ශ්රී ලංකාවේ එතෙක්, මෙතෙක් බිහිවුණු නොගැලපෙන ජනාධිපතිවරයා. හීන් නුලෙන් දිය යටින් ගින්දර ගෙනියනවා. මේ කොල්ලකන දේපළ ජනතාව සතු කළ යුතුයි.
එක ජනාධිපති කෙනෙක් නොවේ මැරෙනකම් ඔක්කොමලව අපිට නඩත්තු කරන්න වෙනවා.
ග්‍රාම සේවකයෙකුට ගිය කලක්. 2015 දී කිව්වේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ පොලොන්නරුව මහ ගෙදර දී කියලා.
අපට මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ජනාධිපතිවරු තුන් දෙනයි, අාර්යාවන් තුන් දෙනයි... වැඩේ නරක නැහැ... නඩත්තු කරන එක....
මේ නිවස ඇතුළු ඉඩමේ අද තක්සේරු වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වෙනවලු. ඒ මදිවට ඒ ඉඩමට දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙකේත් තවත් මොනමොනවද හදලා තියෙනවා. මට හිතෙන්නේ ඒවත් මේ ඉඩමටම එකතු කරගනීවි. මුලින් කිව්වේ කොහොමද?".. අපිට මේවා පුරුදු නැහැ. මට මේවායේ නින්ද යන්නේ නැහැ. මට ගමේ ගෙදර හොඳයි..." ලැජ්ජයි ජනාධිපතිතුමනි. මෙයා ගැන කතාකරලා අපි අපේ වචන නාස්තිකරගන්නවා කියලත් මට හිතෙනවා. කොන්දේ අමාරුව තියෙන කෙනෙක් පත්කරගත්ත අපිත් වැරදිකාරයෝ කියලා මම මටම දොස් කියා ගන්නවා. මොනවා වුණත් මම මගේ ඡන්දය නිල් පාටටවත්, කොළ පාටටවත් දෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා එකම කාසියේ දෙපැත්ත... තව අවුරුදු 5න් අපේ රටේ ණය ප්‍රමාණය දෙගුණ වෙනවා.. මෙහෙම ගියොත්... එතකොට රටේ ඇතිවන තත්වය කොහොම වේවිද කියලාවත් හිතාගන්න බැහැ. 2008දී ට්‍රිලියන 3.6ක් වුණු රටේ ණය ප්‍රමාණය, වර්ෂයකට 13%ක් ණය වර්ධන වේගයත් සමග, 2019 මැදදී ට්‍රිලියන 12.6 ක් වෙලා. මෙහෙම ගියොත් තව අවුරුදු 5න් ට්‍රිලියන 20 පනිනවා. මේ මෝඩ මීහරක් රැලට ඕවා තේරෙන්නේ නැහැ. ඒ අය හොරකම් කරගත්ත සල්ලි තියෙනවනේ. මේ මුදල් සහ නය කළමනාකරණය ගැන දන්නා උගත්, බුද්ධිමත් අය සිටිනා "විකල්පයට" මගේ ඡන්දය ගියාවේ. එය මට සතුටක්... !!!
දේශපාලනමය වශයෙන් දැඩි තීන්දු ගත්තත් ජයවර්ධන ජනාධිපති සහ ඔහුගේ පවුලේ උදවිය එක්ක පසුගිය කාලේ හිටපු එකම ජනපති කෙනෙක් වත් සමකරන්න බැහැ, එම පවුල ඔවුන්ට තිබෙන දේපලක් ජනතාවට දුන්න මිසක් , ජනතාවගේ කිසිම දෙයක් අවභාවිත කාලේ නැහැ , මට කණගාටු එතුමා රට පාලනය කරපු කාලේ මම එතුමාගේ පාලනයට සහ එතුමාගේ පැලැන්තියට විරුධව දෝෂාරෝපණය කල එකට , එම කාලේ ඉදිරියට ජනපති තනතුරට පත්වෙන ගමේ සරල මිනිස්සු ගැන මම දැනගෙන හිටියනම් මම එහෙම කියන්නේ නැහැ .
විශ්රාම යන ජනාධිපතිට නිල නිවස දුන්නම අලුතෙන් පත්වෙන ජනාධිපතිට අලුත් නිල නිවසක් හදන්න වෙනවනේ. අවුලක් නෑ... අපි බදු ගෙවනවනේ. ඒ සල්ලි වලින් හදාගනියි. නැත්තම් සජිත්ට කියපු ගෙවල් හදන සල්ලි වලින් ජනාධිපති නිල නිවසක් හදන්න කියලා...
ජනපතිකම කියන්නේ මහා ධන නිධානයක්... එ්කනේ මෙයාලා ගිරිය කඩාගෙන වේදිකාවලට නැගලා බලය ඉල්ලන්නේ... හැබැයි ඉතින් ජනතාවගෙන් එකතුකරන බදු සල්ලි තමයි මෙයාලට වියදම් කරන්නේ...
දුව සිය 'ජනාධිපති තාත්තා' පොතේ "පොළොන්නරුවේ සිට ඇඳුම් තුන හතරක් බෑගයකට දමාගෙන කොළඹට පැමිණි සරළ මිනිසා ජනාධිපති ධුරයෙන් පසු 'හිස් අතින්' පොළොන්නරුවට යනු ඇතැයි " කියා ඇය සඳහන් කර තිබිණි.
චතුරිකා සිරිසේන සිය ජනාධිපති තාත්තා කෘතියේ සඳහන් කළ පරිදි පොළොන්නරුවේ සිට ඇඳුම් තුන හතරක් බෑගයකට දමාගෙන කොළඹට පැමිණි සරළ මිනිසා ජනාධිපති ධුරයෙන් පසු හිස් අතින් පොළොන්නරුවට යනු ඇතැයි කියා ඇය සඳහන් කර තිබිනි. දැන් ඔහු ඉන් ඉවත්ව යන්නේ හිස් මල්ල ඇතිවදැයි විමසිය යුතුව ඇත.
මේ සරල කෙනාටත් මාලිගාවක් දැන් අවශ්‍යයි.