IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විභාග පවත්වන දින ගැන අවසන් තීරණය ලබන සතියේ

(ඩයනා උදයංගනී)

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

ලබන සතියේදී පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන්, පාසල් ගුරුවරුන් හා උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, විභාග ක්‍රියාවලියට සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරුන් ආදී පාර්ශව සමඟ සාකච්ඡා කර විභාගය පැවැත්වීමට සුදුසු දිනය තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.

දරුවන්ට විභාග සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදි නිශ්චිත දිනයක් ඉදිරිපත් කරන්නැ මෙහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

පෙරපාසල් සහ පළමු හා දෙවැනි ශ්‍රේණිවල සිසුන්ට පාසල් ආරම්භ කිරීම අගෝස්තු 10 වැනිදා තෙක් දීර්ඝ කර ඇත්තේ ඉතා කුඩා දරුවන්ට මුහුණු ආවරණ පැළඳවීම ඉතා අපහසු නිසා යැයිද බන්දුල ගුණවර්ධන මහතා කීවේය



අදහස් (0)

විභාග පවත්වන දින ගැන අවසන් තීරණය ලබන සතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site