(අජන්ත කුමාර අගලකඩ)
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් අද (19) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ.
යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිවරයා විසින් බවද රජයේ ආරංචි මාර්ග කියයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැකි බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ සිවිල් සංවිධානවල ඉල්ලීමක් ලෙස මෙම යෝජනාව ගෙන එන බවයි.
එම යෝජනාවට පක්ෂව රවී කරුණානායක ,සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක් අදහස් දක්වා ඇති අතර ඇමැතිවරුන් යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.
මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, පී දිගම්බරන්, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල ප්‍රමුඛ ඇමැතිවරු පිරිසක් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම තුරුම්පුව...
මේ දෙගොල්ලටම තේරිලා තියෙන්නේ මේ වතාවේ ජනතාව පරණ මෝඩකම් කරන්නේ නැහැ කියලා. අවුරුදු 71 ක් තිස්සේ රට කාපු පල් හොරුන්ට ආයෙත් මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. රට ගොඩනගන වැඩපිළිවෙලක් ඇති. එකම විකල්පය වන ජාතික ජන බලවේගය වටා උගත් බුද්ධිමත් ජනතාව එක් වෙමින් සිටිනවා. අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක දිනවීමට රටට ආදරේ කරන සියලුම ජනතාව පෙළගැසෙමින් සිටිනවා.
අගමැතිගේ තවත් කුමන්ත්‍රණයක් අසාර්ථකයි !
මේ සියලු දෙනා 2015 දී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න සටන් කරපු අය වීම තමයි මෙතන ලොකුම විහිලුව. මෙතන විරුද්ධ වෙච්ච අය ඔක්කොගෙම වගේ යටි හිත් වල විධායක ජනාධිපති වෙන්න සිහින තියෙනවා.
අපිටත් ජනාධිපති වෙන්න පුලුවන් කියලා හිතනවා ඇති.
අන්තිම මොහොතේ වැරදී යන බව දැනගෙන අන්තිම තුරුම්පුවත් දෙන්නා ගහන්න ගියේ. වැරදුනා නේද? දෙන්නාටම ගෙදර නවතින්න කාලේ හරි.
පාට තුනේ ම කට්ටියට මේ පාර සැරට හම්බවෙනවා නාගානන්දලගේ සෙට් එකෙන්.
ඔය ජනාධිපති තනතුර නිසා මේ වැඩ කරන අයට ඒවා කරන්න බැහැනේ. අනෙක මට නැත්නම් ඔයාටත් එපා ප්‍රතිපත්තිය තමයි මෙතන තියෙන්නේ. ඕක තියෙන නිසා රට විකුණන්න බැහැනේ...
ඔයිට වඩා හොඳ නැද්ද අර රණවිරුවන්ගේ පඩිය සම්මත කරලා දුන්නනම් අද ඔය රැස්වීමේදී.
ඔය බලයට ආපු ය ආවේ ඔක නැතිකරනවා කියලා තමයි .අවුරුදු හතර හමාරක් හිටියා කරගන්න බැරිඋනා දැන් මේ කාවද රවට්ටන හදන්නේ
අපි නගනන්ද මහත්තයට මේපාර, සුවර්ම තම ආයේ 225ම එපා අපට. ඔය 225 ම ජනතාව රවට්ටන්න මොනවද නොකියන්නේ, අසුචි උනත් කයි.
සජිත් සර්ට දිනන එක ෂුවර් නම්, අයි මේ රනිල් සර් කඩිමුඩියේ ජනාධිපති ධුරය අහෝසි කරන්න දඟලන්නේ?
මෙයින් පැහැදිලිවන්නේ මෙතෙක් දවස් අපි සැවොම රැවට්ටුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියන එකයි . කොහොම උනත් පහුගිය වකවානුවල ඔතනට හා දියවන්නාවට ගිය සියලු දෙනාම කලේ අපිට කොලේ වහලා තම බඩ වඩා ගැනීම නොවේද? ඉතින් තව තවත් බොරු චාටු බස් වලට රැවටෙමුද? රෑ වැටුණු වලේ දවාලුත් වැටේමුද? රටේ අනාගතය හොරු රැලකට බාරදෙමුද? හිතන්න ඔබගේ දරු මුණුබුරන්ට ඉන්න හිටින්න රටක් ඉතිරි වේවිද කියලා.
කොපමණ කලක් ඔය විනාශකාරී ධුරය අහෝසි කරන්න ජවිපය උත්සාහ කළාද? එදා එකෙක් කලින් කථා කලේ නැහැ. දැන් කෙලවෙනකොට මතක් වෙලා..
රටේ ව්‍යවස්ථාව සංශෝධනය කළයුත්තේ රටේ යහපතට මිස පුද්ගලික වුවමනාවට නොවේ. සුත්‍තර පුංචාට දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෙල්ලම් කරන්න උත්සාහය...
විධායක ජනාධිපති ක්‍රමය ආරම්භකල 1978 සිටම ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරනව කියන්න පටන් අරන් දැන් අවුරුදු 40ක් ගියා.තවමත් බැරිවුනාන තනි පුද්ගලයෙක් ආරම්භකරපු ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න.ඕක අහෝසිකරන්නේ නැහැ කියපු පක්ෂ නායකයෙක් ඉන්නවද ප්‍රධාන පක්ෂවල?ඕක ආරම්භකරපු නායකයා නැතිවෙලත් මම හිතන්නේ දැන් අවුරුදු 20ක් පමණ වෙනවා.විසිවන ශතවර්ෂයේ ලංකාවේ දක්ෂ දේසපාලන නායකයින් බිහිවෙලා නැහැ නේද? ගස් නැති රටේ එඩේරු ගහත් ගහක්ලු.
නරකද ඔය වගේ රැස්වීමක් කැඳවලා රණවිරුවන්ගගෙ පඩි වැඩි කරලා දුන්නා නම්
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එහෙම ලේසියට කරන්න බැහැ. පාර්ලිමේන්තුවෙ 2/3 ඡන්දෙන් හා ජනමත විචාරනය යන දෙකෙන්ම සම්මත විය යුතුයි
අවුරුදු 5ක් ඉදලා දැන්ද මතක් වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න? මේ පාරනම් තුරුම්පු වැඩ කරන එකක් නෑ වගේ..
ඔන්න පුහුල් හොරා අහුවුණා. මේ ජනාධිපතිවරණයට සජිත්ට පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. රනිල් රිංගනවා. එ්කයි කුලී හේවායෝ දාලා ඕක බකල් කලේ...
අනේ දිනේෂ්, අනුර කුමාරට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා ජනාධිපතිකමට ඉල්ලන්න හොයලා බලන්න
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය කියන්නේ මුල අමතක වීමක්... 2015 බලය ගනිද්දී මේ තමයි ප්‍රධාන පොරොන්දුව. මේ ටිකට එක අමතක වීම කණගාටුදායකයි.
වසර 5ක් පොල්ගෑවද ?
මේ විධායක ජනාධිපති ධූරය තියනතක් කල් මේ අය පිස්සු කෙලිනවා.එකේ ආරම්භය 1994න් ආරම්භ වූනා.මේ ගේම් ගහන එක,මේ සූදුව නවත්වන්න ජනාධිපති ධූරය අයින් කරන අයෙකුට චන්දෙ දෙන්න දෙය්යන්ගේ නාමයෙන් ජනතාව පෙළ ගැහෙන්න.තවත් දුක් විදින්න ඕනෙද ?
මුන්ට ඕනේ අපිව ගොනාට අන්දගෙන දිගටම රජවරු වගේ සැපගන්න.වරෙල්ල මෙසැරේ චන්දෙ ඉල්ලන.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ විධායක බලතල අඩුකලා කියනවා.එයින් පස්සේ බලය තියෙන්නේ අගමැතිට කියලත් කියනවානේ.එහෙමනම් මොකක්ද මේ කියන විධායක ජනාධිපති තනතුර අහෝසිකරනවා කියන කාරනාව.මේ ජනාධිපතිවරණය කැඳවූවාම 19 වැනි ව්‍යවස්ථව ඉබේම අහෝසි වෙනවාද.
ලොක්කෝ දෙන්න දන්නවා අලුත් ආණ්ඩුවකින් හිරේ යන්ට වෙනවා කියල.එකෙන් බේරෙන්ට ගන්න ගොන් ආතල් එකක් මේ යෝජනාව.
94 පසු හැම ජනාධිපති අපේක්ෂකයෙකුටම ඕක අහෝසි කරන්න උවමනාව තිබෙන්නේ චන්දෙට කලින් මැතිවරණ පොරොන්දු දෙනකොට සහ තමන් ජනපති ධුරය දරන අවසාන කාලයේ , එහෙම නැත්නම් බලය නැතිවෙලා ගෙදර ඉන්න කොට , බලයේ ඉන්නකොට ඕක නැතිකරන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ , තමන් රටට ඔය කියන තරම් ආදරේනම් තමුන්ට පුළුවන් විශ්‍රාම ගිය පසු රජයෙන් පිනට දෙන වාහන , ආරක්ෂකයෝ නිල නිවාස නැවත රජයට භාරදී වසරකට කෝටි30 කට වැඩි අනවශ්‍ය රජයේ මුදල් ඉතුරු කරලා දෙන්න , එහෙම කරන්න බැරි නම් නිකන් පවු නොදී ගෙදර යන්න ,
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නම් මුල් දින 100 මොකද ? අවසන් දින 50 මොකද ? අවසන් ඕවරයේ හෝ දුන් උඩ පන්දුව අල්ලා ගැනීම සියලු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වගකීමයි.
මේ මොහොතේ හරි මොන හේතුව නිසා හෝ මේ ජනපති ක්‍රමය අහෝසි කළොත් ජනාධිපතිවරණය සදහටම නැවතී ජනාධිපතිවරණයට වැය වන කෝටි ගානක් මුදල් ඉතිරිවී මැර ක්‍රියා නතරවී මහා ජනතා මෙහෙවරක් කරන්න පුළුවන්.19 න් පාර්ලිමේන්තුවට බලය දුන්නේ ජනපති තමන් කැමති බලය තියාගන්නයි. ඊට වඩා ගන්න ගියානම් ඔය ටිකවත් ජනපතිගෙන් ගන්න බැහැ. දැන් කෙලවෙලා නිසා කල දුටු කල වල ඉහගැනීමට කාලය පැමිණ ඇති නිසා රනිල් ගත් උත්සාහය බුද්ධිමතුන් අගය කරති. ජනාධිපතිවරණ දිනය නියම කලා කියල ජනපති ක්‍රමය අහෝසිකරන්න හැකිනම් එය නොකළ යුතුයි කියන අය ජනතා මෙහෙවර මුවාවෙන් තමන් ජනපති වෙන්න හෝ ජනපති වෙන කෙනාට සහය දීලා තම තමන්ගේ යහපත ගැන හිතන අයයි. එ් නිසා මේ මොහොතේ හෝ මේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධවන අය ජනතාව මුලකරන්නවුන් බව බුද්ධිමතුන් දනියි. ජනතා නියෝජිතයින්ගේ මත ගැටීමෙන් රට පාලනය වීමට ඉඩ සලසන පුද්ගලයෙකු බලවත් නොවී සාමුහික වගකීමෙන් යුතු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිහිවේවා! ඒ සදහා ජය වේවා!
ලෝක හොරාගේ සහ පඹයාගේ අන්තිම ගැටයත් වතුරේ.
එක් වරක් චන්ද්‍රිකා ජේ. ආර්ට බැන වදිමින් තමා ජනපති වූ විගස මේ විධායකය අහෝසිකර දමනවා කියමින් ප්‍රකාශ කිරීම ගැන මාධ්යෙේව්දීන් ජේ ආර්ගෙන් විමසන අවස්ථාවේ ජේ. ආර්. ජයවර්ධනයන්ගේ පිළිතුර වුයේ ...එතුමිය කිසි දිනෙක ඔය තනතුර අහෝසි කරන්නේ නෑ.. ඒ වගේම ඔය තනතුරට එන කිසි කෙනෙක් ඕක අහෝසි නොකරන බව මම දන්නවා... ඉතිහාසය මාව නිවැරදි කරාවි” යැයි ඔහු මාධ්‍ය වේදියාට පිළිතුරු දුන්නේලු .චන්ද්‍රිකා දෙවරක් ම එම තනතුරට ඉල්ලමින් ජයග්‍රහණය කර තම කාලය අවසන් කොට නික්ම ගියාය. අනතුරුව පැමිණි මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දුව ම දුන්න ද, ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 18 වන සංශෝධනය ගෙන එමින් ජීවතුන් අතර සිටින තෙක් එම තනතුරේ රැඳී සිටීමට සැළසුම් කළා පමණක් නොව විධායක ජනාධිපති ධුරය යක්ෂයෙක් අතට පත්වීමේ අනතුරෙහි පළමු අත්දැකීම මහජනතාවට විඳින්නට ද අවස්ථාව සළසා දුන්නා .