IMG-LOGO

විදේශ දූත මණ්ඩල පත්කිරීමේ බලය ජනපතිට

(අජන්ත කුමාර අගලකඩ)

විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා සියලු පුද්ගලයන් පත්කිරීමේ බලය ප්‍රතිපත්තියක් වශයෙන් ජනාධිපතිවරයාට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

විදේශ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් පූර්ණ බලැති රාජ්‍ය දූතයන් මෙන්ම තනාපති නියෝජිතයන් පත්කිරීමට හා බලතල පැවරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇති නමුත් ඇතැයි අවස්ථාවලදී විදේශ දූත මණ්ඩල කාර්යාලවල වෙනත් අනුමත තනතුරු සඳහා පත්කිරීම් කිරීමට කැබිනට් සංදේශ ඉදිරිපත් වන බැවින් ඇමැති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල කාර්යාලයන්හි සියලු තනතුරුවලට පත් කිරීම් මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙද සහය ඇතිව ජනාධිපතිවරයා සිදුකෙරෙනු ඇත.



අදහස් (11)

විදේශ දූත මණ්ඩල පත්කිරීමේ බලය ජනපතිට

Saman Monday, 24 February 2020 05:10 PM

හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද වගේ දුතයෝ වෙන්නැති යවන්න ඕනි ?

:       1       0

almeida Monday, 24 February 2020 05:28 PM

අපරාදේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ. වහලා දැම්මකම් සල්ලිත් ඉතුරුයි.

:       1       8

Sarath R - USA Monday, 24 February 2020 07:43 PM

නියමයි !!. කිසිම වැඩක් නොකර මහජන මුදල්වලින් පිස්සු කෙලින දේශපාලන පත්වීම් වලට වඩා, ඉදිරි දැක්මක් ඇති උගත් පුද්ගලයන්, රාජ්‍ය හා පුද්ගලික අංශ වලින් හා මෑතදී විශ්‍රාම ගිය අයගෙන් තෝරා ඔවුන්ට ඉලක්කයක් දීමෙන් ඵලදායී ප්‍රතිඵල ලබාගත හැක.

:       0       79

vidya Monday, 24 February 2020 08:34 PM

ජනාදි පති තුමනි, ලංකාවේ විදේශ සේවා විභාග සමත් වෙලා පල පුරුදු උගත් අය යවන්න. විශේෂයෙන්ම ඇමරිකාවට, එංගලන්තයට, වැනි රටවල කලින් ඇරියේ නෑදෑයෝ , යාළුවො මිත්‍රයෝ , දේශපාලනික සගයෝ. මෙය වහාම නැවැත්විය යුතුය . අපි ලෝකයත් සමග දියුණුව කරා යා යුතුය . තුන්වන ලෝකයේ සැමදාම ඉන්න වෙලා තියෙන්නේ එක නිසා . හොද විදේශ භාෂා දැනුම , කළමනාකරණය , ඉදිරිදැක්ම වැනි හොඳ අවබෝධ තියන රජයේ සේවක සේවිකාවන් තෝරා ගත යුතුය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පුර වැසියන්ට සුදුසු තැන දිය යුතුය . අරහෙ මෙහෙ ඉන්න මිනිස්සු ගෙනල්ලා ලංකාවේ තනතරු දීම වහාම නතර කෙළ යුතුය. මෙය ගැන කරුණාකර සිතා බලන්න . අනිතෙක තමයි පාර්ලිමේන්තුවට විනය පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නැතිනම් අපි පොඩි දරුවන්ට සහ තරුණ පරම්පරාවට දෙන ආදර්ශය කුමක්ද ?

:       0       31

රවින් Monday, 24 February 2020 09:17 PM

අන්න හොඳයි. නැතිනම් මිනි වලවල් කපපු කෙනාත් තානාතිපති තනතුරු සඳහා කඩේ ගියා. මේ රට අනවශ්‍ය විදේශීය බලපෑම් වලින් මුදවගන්නවා වෙනුවට ඔවුනට උල්පන්දම් දුන්න තානාතිපති තනතුරු දැරුවන් කීදෙනෙක් හිටියාද?අවංක දක්ෂ නිලදරුවන් කීදෙනෙක් කුනුකුඩ වලට විසිවෙලා දේශපාලු හෙන්චයියලා කීදෙනෙක් තානාතිපති සේවයේ වරප්‍රසාද භුක්ති වින්දාද? පහුගිය වකවානුවල විදේශීය සේවයේ බිඳ වැටිම්වල ප්‍රතිපල දැන් තමා අපිට බුක්ති විඳින්න වෙලා තියෙන්නේ. අපි කවුරුත් හොඳින් දන්නවා බුද්ධි සේවයේ බිඳ වැටීම් වල ප්‍රතිඵල.

:       0       17

රවින් Monday, 24 February 2020 09:17 PM

අන්න හොඳයි. නැතිනම් මිනි වලවල් කපපු කෙනාත් තානාතිපති තනතුරු සඳහා කඩේ ගියා. මේ රට අනවශ්‍ය විදේශීය බලපෑම් වලින් මුදවගන්නවා වෙනුවට ඔවුනට උල්පන්දම් දුන්න තානාපති තනතුරු දැරූවන් කීදෙනෙක් හිටියාද?අවංක දක්ෂ නිලදරුවන් කීදෙනෙක් කුණු කුඩ වලට විසිවෙලා දේශපාලු හෙන්චයියලා කීදෙනෙක් තානාපති සේවයේ වරප්‍රසාද බුක්තිවින්දාද? පහුගිය වකවානුවල විදේශීය සේවයේ බිඳ වැටිම්වල ප්‍රතිපල දැන් තමා අපිට බුක්ති විඳින්න වෙලා තියෙන්නේ. අපි කවුරුත් හොඳින් දන්නවා බුද්ධි සේවයේ බිඳ වැටීම් වල ප්‍රතිඵල.

:       0       0

Mahee Tuesday, 25 February 2020 12:18 AM

ඒ වුනාට අනික් අයට ඕන නම් පුළුවන් නේද 'අපේ මිනිස්සුන්ගේ' නම් දෙක තුනක් ඉඳහිට හරි දෙන්න? ඒ කියන්නේ අර විද්වත්තුයි කියන එකෙක් දෙන්නෙක්ගේ නම්?

:       1       1

සිසිල් සුදේශ් Tuesday, 25 February 2020 04:21 AM

තමන්ට තියන බලතල එක පුද්ගලයකුට පවරන්න තරම් නිවසට කැබිනට් එක? මහ ඡන්දෙදි තූනෙන් දෙක ලැබුනොත් බලා ගන්න පුළුවන් සෙල්ලම.

:       3       68

මේනකා Tuesday, 25 February 2020 04:41 AM

ගෝටාස්වෝ ලියපු චන්ද්‍රප්‍රේමව පත්කරලා අනාගත්තා මදිද?

:       2       7

ranaTuesday, 25 February 2020 07:03 AM

ඊට පසු උදයංග වීරතුන්ගේ නිදොස් කොට නිදහස් කර තනාපති කර අැමෙරිකාවට යැවූ වගයි.

:       5       5

upul Tuesday, 25 February 2020 04:48 AM

දිනේෂ් ගුණවර්ධනගේ බලතල රාජපක්ෂලා සතු වූ වගයි.

:       49       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 933 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site