IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදේශ ඇමැති අද රාත්‍රියේ ජීනීවා සැසිය අමතයි

( තිළිණි ද සිල්වා )

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.52ට ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලයේ සාමාජික රටවල් අමතමින් කරුණු දක්වන අතර එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන හෙතෙම අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කවුන්සිලයේ සාමාජික රටවල් අමතන බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

තවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයේ සභාගත කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පිළිතුරු දැක්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා විසින් එදිනම සිදු කරන බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ වූ අතර ලබන මාර්තු 23 වැනිදා තෙක් එම සැසිය පැවැත්වෙනු ඇත.

 



අදහස් (6)

විදේශ ඇමැති අද රාත්‍රියේ ජීනීවා සැසිය අමතයි

බණ්ඩා Tuesday, 23 February 2021 06:41 AM

අමතලා කරයි මගුලක්.... දැන් වැඩේ ජෝන් බාස්ට ගිහින් තියෙන්නේ. ඉල්ලගෙන කන එක ෂුවර්...

:       9       30

චාන්දනී Tuesday, 23 February 2021 09:10 AM

ඊයේ ඉඳලා මෙයාට උණ, හෙම්බිරිස්සාව, වමනේ සහ පාචනය හැදිලාලු. ඔන්ලයින් යන්න ටොයිලට් එකේ වීඩියෝ කැමරාවක් හයිකරලාලු. ජාතිවාදය වපුරලා අන්තිමට ඉල්ලන් කන්න වගෙයි හදන්නේ. අනේ සිංහල දෙමළ, මුස්ලිම්.. අපි ඔක්කොගේම රට විනාශකරපු නීච දේශපාලුවන්ට හෙන හතම ගහන්න ඕනෑ.

:       2       21

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 10:06 AM

අමතයි.. අමතයි.. අමතලා මෙන්න කියලා කරලා දායි... "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" කිව්වලු..

:       0       20

Puppa Tuesday, 23 February 2021 10:11 AM

බොරු කියලා අපි ඔක්කොම අමාරුවේ දානවා.

:       1       18

Perera Tuesday, 23 February 2021 05:54 PM

මෙයා ලංකාව ඇතුලේ බොරළුගොඩ සිංහයා වෙන්න හැදුවට රටින් පිට බොරළුගොඩ පූස් පැටියා වගේ..

:       0       2

karuFriday, 26 February 2021 10:44 AM

ඒ ඒකාලේ හිටපු සිංහයෝ. මෙයා ඒ තරම්වත් වටිනවද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site