IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර එන්න විදේශ අමාත්‍යාංශ අනුමැතිය ඕනෑ

දයාසීලි ලියනගේ

 

ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති ජනක විජයපතිරණ මහතා ප්‍රකාශ කළේ දැනට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය මත පැමිණි බවයි.

 

විදේශිකයන් සඳහා එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන බවද විජයපතිරණ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (49)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර එන්න විදේශ අමාත්‍යාංශ අනුමැතිය ඕනෑ

සාන්ත Friday, 22 January 2021 10:46 AM

ජනාධිපතිතුමාට කෙළින් තීරණයක් ගන්න බැරිවුණා. තවමත් ලංකාවේ ඉපදුණු අපිට අවුලක් නැතිව ලංකාවට එන්න පුළුවන් කියන්න. ගොඩක් දුකයි ... දෙපැත්තට දීලා එපා වෙලා ඉන්නේ... ඊළඟට ජවිපය තමයි දෙන්නේ.. ඔක්කෝම හොරු ... සිංහල, දමිළ, මුස්ලිම්, මිනිස්සු විකුණනවා විතරයි.

:       6       103

Nuwan Friday, 22 January 2021 10:55 AM

විදේශිකයන්ට ඕනේ නැහැලු. ඒ කියන්නේ ඉන්දියන්, පාකිස්තාන් වගේ එපාකරපු රටවල අයටත් ඕනේ නැහැ. නමුත් ලාංකිකයාට අවසර ඕනේ... තමුන්ගේ රටට එන්න. මේවා නම් ඉතිහාසගත වෙන වැඩ සර්...!!

:       4       113

pradeepa Friday, 22 January 2021 11:37 AM

දැන් ආණ්ඩුවට අපිව පෙනෙන්නේ ත්‍රස්තවාදීන් වගේ... කෝ එයාලගේ දේශප්‍රේමී බව? කවුරුත් රට වෙනුවෙන් වැඩ කරන අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ.

:       1       91

Indhika Friday, 22 January 2021 11:41 AM

අනිත් හැම රටේම ඕකේ අනික් පැත්ත. කොහෙන් හිනා වෙන්නද මන්දා..?

:       2       97

samanSunday, 24 January 2021 10:16 AM

ලාංකිකයන් ගෙවල්වල නිරෝධායනය වෙනකොට හෝටල්වලට ආදායමක් නැහැනේ...

:       0       0

බද්රානි Friday, 22 January 2021 11:44 AM

හොඳ වැඩේ! පුළුවන් තරම් ලංකාවෙන් පිටරටවලට මිනිසුන් පටවනවා මිසක්, ලංකාවට නම් කිසිවෙකු රැගෙන ආ යුතු නැහැ. පිටරටවලින් කාලා එනවා මෙතන කොඩි උස්සගෙන ලංකාවට. මතකනේ ඡන්දෙ කාලේ මේ අය දඟලපු දැඟලිල්ල...

:       6       67

ශාන් Friday, 22 January 2021 02:43 PM

ඔබ ගොඩක් දුරට හරි. ඡන්දෙ කාලේ මැද පෙරදිග ඉඳලා හෝ ගාලා ආවා අර යුද්දෙට බයේ පැනලාගිය කෙනාට ඡන්දෙ දෙන්න. හැබැයි ඉතින් ඒ ආපු අය මෝඩයන්. හරි හැටි අධ්‍යාපනයක්වත් නැති අය... දැන් ඒ අයට තමයි ලංකාවට එන්න බැරිවෙලා තියෙන්නේ. ඒ ගොල්ලෝ ඉල්ලන් කා ගත්තා..

:       9       68

PradeepSunday, 24 January 2021 07:56 AM

බද්‍රානිගේ පවුලේ කිසිම කෙනෙක් විදෙස් රැකියාවකට යොමුවෙලා නෑ වගේ. ඒකයි ඔය වගේ දාර්ශනික අදහස් පහළ වෙන්නේ. තුවාලේ තමන්ගේ වුණා නම් කතාව වෙනස් වෙනවා.

:       0       0

පිටිගල මිලානෝ Friday, 22 January 2021 11:49 AM

නැත්නම් කොරෝනා ගරානාව කරගෙන යන්නේ කොහොමද? ඔය කියන්නේ හොටල් වල නැවතීම අනිවාර්යයි කියන එක නේද...?

:       3       92

රොශාන්Saturday, 23 January 2021 08:39 AM

ඩුවෙල් සිටිසන් තිබෙන අය මොන ගණයටද වැටෙන්නේ? අනෙක ගුවන් තොටුපළේ pcr එකේ නෙගටිව් නම් ගෙදර යන්න දෙන්න ඕනේ, පොසිටිව් වුණත් ගෙදර නිරෝධායනය වෙන්න බැරි ඇයි? මෙහේ නම් නිරෝධායනය කරවන්නේ ගෙදර. අමාරුම නම් පමණයි ඉස්පිරිතාලේ යන්නේ...

:       0       0

Prabha Friday, 22 January 2021 11:58 AM

රටේ මිනිස්සුන්ට වැහුණා. විදේශිකයන්ට ඇරුණු ලෝකයේ එකම රට...

:       1       108

wicky Friday, 22 January 2021 12:41 PM

අපේ රටට අපිට දෙන්න බැහැ. එතකොට සංචාරකයින්ට කොරෝනා නැද්ද? මළ විකාර...!!!

:       0       67

Lanka Friday, 22 January 2021 12:49 PM

කෝවිඩ්-19 සඳහා අදාල එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?

:       0       54

BinkunndaaSaturday, 23 January 2021 04:23 PM

එන්නත ගත්තත්, ලංකාවට එන ශ්‍රී ලාංකිකයින්ට කොරන්ටයින් වෙන්න වෙනවා.

:       0       0

Kasun Friday, 22 January 2021 01:00 PM

මේක නම් ඇත්තටම මෝඩ වැඩක්..

:       1       47

Nuwan Friday, 22 January 2021 01:12 PM

තමුන්ගේ රටට එන්න අවසර ගන්න ඕනේ... නමුත් පිටරැටියන්ට නිකන්ම එන්න පුළුවන්. සර්‘ ඔබ නම් දෙවියෙක් වෙන්න ඕනේ...!!!

:       1       57

Sajth Friday, 22 January 2021 01:23 PM

ඕකට කියන්නේ හමුදා පාලනේ කියලා..!!!

:       3       48

ravinFriday, 22 January 2021 02:35 PM

හමුදාවේ කොහෙද මොලයක් තියෙන අය..? මේක තමයි අමන පාලනය කියන්නේ...

:       5       38

ජයා - සිංගප්පුරුව Friday, 22 January 2021 02:34 PM

මාර නීතිනේ. පිට රට හිඟන්නන්ට කොරෝනත් අරගෙන මගේ රටට එන්න පුළුවන්. රටේ අයට කන්න විදේශ විනිමය හොයන්න දහදිය හෙළන මට මම කැමති වෙලාවක මගේම රටට එන්න.. එක එක ලපයි සිපයින්ගෙන් අවසර ඕනෑ. මේ අයට අල්ලස් දෙන්න මගේ ළඟ සල්ලි නැහැ. මීට පස්සේ මම ලංකාවට නීත්‍යානුකූලව සල්ලි එවන්නෙත් නැහැ. මෙහෙන් දීලා ඔහෙන් වැඩි ගානක් ගන්න..

:       2       54

samanSunday, 24 January 2021 10:34 AM

ලාංකිකයෝ ගෙවල්වල නිරෝධායනය වෙනකොට හෝටල්වලට ආදායම නැහැනේ...

:       0       0

SUNIL MILANO Friday, 22 January 2021 02:50 PM

මෙ මොන අපරාධයක්ද..? දැන්නම් හිතෙනවා අපි මොකටද මෙතරම් FB හරහා මහන්සි වුණේ කියලා... හරිම දුකයි.

:       5       36

බද්රානිFriday, 22 January 2021 04:36 PM

ඔය ඉතාලියේ ඉන්න සිරි ලාංකික මෝඩයින් නිසා තමයි විදේශගත හා යුරෝපයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ඡන්දෙ කාලෙදී නින්දාවට පත් වුනේ... මෙලෝ උගත්කමක් නොමැතිව කෙසේ හෝ යුරෝපීය රටක් වන ඉතාලියට රිංගාගෙන, කල්ලි කණ්ඩායම් ගැසී ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින්ට (සියලුම දේශපාලන වල) ආවඩමින්, යුරෝ මුදල් ටිකක් අතපත ගෑමෙන් උද්දාමයට පත්ව සිටින සිංහලයින් ගැන නම් ඇත්තටම ඇත්තේ අනුකම්පාවක්... ඉතාලියේ වර්තමානයේ හා කලින් සිටි පාලකයින්ට පින්සිදු වන්නට යහතින් කාබී ජීවත් වී එරට පාලකයින්ට පින් දෙනවා වෙනුවට..., ඔවුන්ගේ සංස්කෘතියටද ගරහමින් සිටින සමහරක් ලාංකිකයින්ව ඔය රටවලින් ගහලා පන්නන්නේ නැත්තේ ඒ රටේ ජනතාවගේ ගුණ යහපත්කම නිසාම වෙන්න ඇති. අනුන්ගේ රටවලට ගොස් නැට්ට බඩ යට ගහගෙන සුච්ච, කීකරුකමින් රැකියාව කරන අය තමන්ගේ රටේ සිටින සුළු ජාතිකයින් ඉදිරියේ නැට්ට උස්සගෙන සිටීම ගැනත් මොවුන් ලජ්ජා විය යුතුයි...

:       4       57

Anton Friday, 22 January 2021 03:04 PM

මේවා සහගහන අපරාද?

:       1       30

ddd Friday, 22 January 2021 03:11 PM

මේක තනිකරම විදේශීය ශ්‍රමිකයින්ගේ තුට්ටු 02 හූරගෙන කන බිස්නස් එකක්... මෙහෙමත් අවස්ථාවක්.. ප්‍රයෝජන ගන්න පිරිසක් ඇයි රජයෙන් මේවට ඉඩදීලා තියෙන්නේ... ? මේකටද අපි ඡන්දෙ දීලා නායකයෙක් පත්කර ගත්තේ..?

:       1       28

Arjuna Friday, 22 January 2021 03:44 PM

70 ගණන් වලින් පස්සේ ලංකාවේ සිදුකළ ලොකුම මෝඩකම මේකයි කියලා හිතෙනවා.

:       2       32

අජිත් Friday, 22 January 2021 03:45 PM

මේක හරිම කණගාටුදායක දෙයක්. මෙම ප්‍රතිපත්ති වහා වෙනස්විය යුතුයි. වෙන රටවල නම් පුරවැසියට මුල්තැන. බිලියන ගණනින් රටට එවපු දහස් ගණන් පුරවැසියන්ට වඩා දැන් සුද්දගේ ඩොලර් එකයි වටේ ඉන්න සුළු පිරිසකුයි ලොකු වෙලා. මැද පෙරදිග, යුරෝපයේ රක්ෂා කරන මිනිස්සු දසදහස් ගණනින් එන්න මාස ගණන් පොලිම් වල. මේ වගේ පුරවැසියාට දොර වහපු ප්‍රතිපත්ති වෙන කිසිම රටක නැතුව ඇති. අපි ඉතින් රටරටවල අනාථ වුණාට මේ ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද එයාලා VIP. ඕනැ වෙලාවට යන්න පුළුවන්. ඕනැ වෙලාවට එන්න පුළුවන්.

:       0       37

samanSunday, 24 January 2021 10:17 AM

ලාංකිකයෝ ගෙවල්වල නිරෝධායනය වෙනකොට හෝටල්වලට ආදායම නැහැනේ...

:       0       0

Magi Friday, 22 January 2021 03:51 PM

අරාබිකරයේ අවුරුදු ගණන් වළන් හෝදලා හොඳටම හෙම්බත් වෙලයි උන්නේ.. හිතුණා ලංකාවට ගිහින් එන්න. මෙන්න පොහොට්ටුව විකාර කරනවා.

:       2       41

සමන්ත Friday, 22 January 2021 06:34 PM

හොඳ වැඩේ... මොකද අපි කිව්වනේ ඔය ගැන. කරන්න එපා කිව්වා ඇහුවද? නෑනේ. දැන් කාපල්ලා ඉල්ලගෙනම. හෙට අනිද්දාට ඔහොම නෙමේ හම්බවෙන්නේ. යහපාලනේ නිදහස.., තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය එපා කිව්වනේ. ඔහොම යමු.

:       0       22

kasun Friday, 22 January 2021 07:25 PM

වසරකට ඩොලර් බිලියන 6-7ක් රටට එවන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩා වසරකට ඩොලර් බිලියන 3-4ක් රටට ගේන විදේශිකයන් වටිනවා. රෙස්පෙක්ට්... !

:       0       25

Abdul Saturday, 23 January 2021 03:39 AM

නොබෝ දිනකින් කොරෝනා තිබුණා හෝ නැතත් ලාංකිකයන්ට ලංකාවට එන්නත් වීසා ගහන්න වෙයි.

:       0       26

sena Saturday, 23 January 2021 05:00 AM

මේවා මහා අපරාධ...!!!

:       1       16

Niresh Saturday, 23 January 2021 05:43 AM

අපේ රටට එන්න එක එක්කෙනාගෙන් අවසර ගන්න ඕනෑද? වෙනින් රටවලින් එන්න පුළුවන් ඕනෑ විදිහට...

:       1       17

GAMAGESaturday, 23 January 2021 01:41 PM

ලංකාවේ අය ලංකාවට එන්නේ හෙරොයින් මිලදීගැනීමට නොවෙයි නේද? අන්න එතන තමයි ප්‍රශ්නේ...!!! අද ශ්‍රී ලාංකිකයෙකුට වුවත් ලංකාවට පැමිණීමට යුක්රේන් ගුවන් ගමන් බලපත්‍රයක් අනිවාර්යයි.

:       0       0

ආරිය සිල්වා Saturday, 23 January 2021 05:47 AM

දැන් කාටවත් දොස් කියලා හෝ අඬලා පසුතැවිලි වී තේරුමක් නෑ. කොරෝනා භීෂණය කොතරම්ද යත් බොහෝදුරට ඔබෙන් යැපෙන්නන් පවා ඔබගේ පැමිණීම අපේක්ෂා නොකරයි. ඉතින් ආණ්ඩුව ගැන කවර කතාද? අත්‍යාවශ්‍ය මුදල් සම්ප්‍රේෂණ හැර, ඉන්න තැනක සල්ලි ඉතුරු කරගෙන සන්තෝසෙන් ඉන්න. ඔබේ වටිනාකම දැනුන දාට එන්න කියයි.

:       2       20

Purna thushari Saturday, 23 January 2021 05:48 AM

මේවා මහා නරක වැඩ... සල්ලි හොයන ජාවාරම් වැඩ...

:       2       22

කමල් Saturday, 23 January 2021 07:01 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ එන පරිදි සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යටතේ එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරුනු ලැබිය යුත්තේ ය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය. වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය.

:       2       26

NuwanSunday, 24 January 2021 08:02 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සර්ගේ කටට එන වචනය... මේක වහල් යුගයේ රටක්...

:       0       0

Saman Saturday, 23 January 2021 08:46 AM

ජරා දේශපාලකයෝ. සංචාරකයින්ට එක නීතියකුත්, අපිට තවත් නීතියකුත්. කිසිම රටක නැති නීතියක් මේක... දෙන්නේ නෑ මීට පස්සේ කිසිම දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට... මේ වගේ දේශපාලකයන් ඉන්න රටක ඉපදීමත් අපි කරපු පවක්...

:       0       0

Gemunu Saturday, 23 January 2021 09:14 AM

තව බොහොම ටික දවසකින් ශ්‍රී ලාංකික අපිට ලංකාවට එන්න වීසා ගන්න වෙනවා අනිවාර්යෙන් එතකොට, වෙන රටවල් වල අයට මුකුත් ඕනේ වෙන්නේ නෑ අපේ රටට එන්න, ෂෝයි අප්පා...!!! 

:       0       0

kalyani Saturday, 23 January 2021 09:37 AM

විකාර කතා නම් එපා...

:       0       0

ශාලින්ද්‍ර Saturday, 23 January 2021 02:05 PM

රට විරුවෝ කියලත් කට්ටියක් හිටියාලු...

:       0       0

P,M,Sanjeewani Sunday, 24 January 2021 04:54 AM

විදේශ විනිමය මව්රටට උපයන, විදේශ ශ්‍රමිකයින්ට මේ වගේ අසාධාරණ විදියට ප්‍රකාශ නිකුත් නොකර... සාධාරණ විදියට කතා කළා නම් වටිනවා නේද? නිකම් ත්‍රස්තවාදී පිරිසකට වගේ සලකන්නේ නැතුව.. ලෝකේ අනිත් රටවල් තමුන්ගේ මිනිස්සු ගෙන්න ගන්න වදවෙද්දී, තමුන්ගේ මිනිස්සුන්ට ත්‍රස්තවාදීන්ට වගේ සලකන එකම රට...

:       0       0

Emperor kanishka Sunday, 24 January 2021 06:01 AM

කාලකණ්ණි දේශපාලුවන් ලාංකික වූ අපට රටට එන්න අවසර ගන්න ඕනෑද?

:       0       0

Nanda Sunday, 24 January 2021 06:06 AM

මොනවා කියන්නද? හරිම දුකයි. මාස ගාණක් තිස්සේ බලන් ඉන්නවා. ලංකාවට එන්න හදාගත්ත ටිකට් වලටත් එන්න බැරිවුණා තමයි.

:       0       0

surangi Sunday, 24 January 2021 06:38 AM

විශිෂ්ට රටක ඉපදීමට තරම් අප වාසනවන්ත බව අප කුඩා කාලේ ගුරුවරුන් කියනු අසා ඇත්තෙමු. අප දරුවන්ට තව දුරටත් එසේ කියාදීමට අපටම දැන් රටක් නැත. මෙතෙක් කල් වසාදමා තිබූ ගුවන්තොටුපළ විදේශිකයින්ට අද සිට විවෘත වනු ඇත. රටේ පාලකයෙකුට එවැනි තීරණ ගත හැකිද? පාලකයෙකුගේ වගකීම වන්නේ තම රටවැසියා ආරක්ෂා කිරීම වුවත් තම රට වැසියන්ට ගුවන්තොටුපළ වසා විදේශිකයින්ට විතරක් විවෘත කිරීමට උපමාවක් යොදනු ලැබුවහොත් එයද උපමාවට කරන ගැරහීමකි. මොවුන්ට විදේශගත ලාංකිකයින් ගැන කිසිම තක්සේරුවක් නැත. විදේශගත ලාංකිකයින් කොටස් කීපයක් ලංකාවට ඒමට සිටිති. 1. රැකියා අහිමිව ලංකාවට ඒමට සිටින අය බොහෝ අයට රැකියාවන් අහිමි වූ පසු ආදායමක් නැත. නිවාස කුලී හා කෑම සඳහා මුදල් අවශ්‍ය වේ. යන එන මන් නැතිව පාරවල්වල දුක් විඳින අයුරු ඕනෑතරම් දැකගත හැකිය. මෙවැනි මිනිසුන්ගෙන් පවා නිරෝධායනය සඳහා මුදල් අයකිරීමට හැකිවන්නේ හිතක්, පපුවක් නැති පාතාල නායකයෙක් වැන්නෙකුට පමණි. එසේ නැති බව පෙන්වීමට ඉතාමත් සීමිත පිරිසක් රජයේ නිරෝධනයට යවා එය සියගුණයකින් වැඩිකර ප්‍රචාරය කරති. 2. නිවාඩුවක් පැමිණ නැවත සේවයට පැමිණීමට සිටින අය විදේශගත බහුතරය අයත් වන්නේ මේ කාණ්ඩයටයි.

:       0       0

69 ලස්සෙ එකෙක්. Sunday, 24 January 2021 07:06 AM

ඩයස්මි ලංකාවට ආමි. ඡන්දයක් තියෙනවා නම් ලංකාවට ඒමට පුළුවන් වන්නෙමි. දැන් ලංකාවට ඒමට ඉඩ නොදෙන නිසා කරපු මෝඩකම ගැන සිතමින් සිටිමි.

:       0       0

Athula Sunday, 24 January 2021 07:35 AM

බොහෝ අය මේ තීරණයට එකහෙළාම විරුද්ධයි. අද වනවිට විදේශගත රටට කන්නදෙන ජනතාවට සලකන හැටි සර් ඔප්පු කරලා ඉවරයි. සියළු විදේශගත ලාංකිකයන් සර්ට ඡන්දය දාන්න අාවේ නැහැ. උද්දච්ච හීන මානයෙන් පෙලිච්ච අය අැවිත් ඡන්දය දුන්න මමත් විදේශගත ලාංකිකකයෙක්.. මා නම් මේ තක්කඩින්ට ඡන්දයක් තියා පින්තූරයක්වත් දකින්න කැමති නැහැ. මෙහෙම වෙන එක එක අතකින් හොඳයි.. කොපමණ පැහැදිලි කළත් පිළිනොගත්ත අයට සර්ලගෙ කෙරුවාව අත්දැකලම පුළුවන් තීරණය කරන්න. දැන් කවුද පරාද..3% ද?

:       0       0

Andrew Dias Wednesday, 27 January 2021 05:51 AM

දුන්නා නම් දැන් විඳවපල්ලා..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 244 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 76 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1193 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2114 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2370 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1182 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site