(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ අද (23) පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවී ඇති බව එම කමිටුවේදී අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව අප්‍රසාදය පළ කළේය.
කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද පස්වරුවේ රැස්විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ඒ වෙත කැඳවා තිබුණේ ගල් අඟුරු ජෙනරේටර් 50 ක් මිලදී ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලිය මිලදී ගැනීම ආදී කටයුතු රැසකදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විමසීමටය.
මේ සඳහා ලේකම්වරයා වෙනුවට වැඩබලන ලේකම්වරිය පැමිණ සිටියද අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීමට බටගොඩ මහතා සිටිය යුතු බව තීරණය කළ කමිටුව ඔහු ඔක්තෝබර් 8 වැනිදා කැඳවීමට තීරණය කළේය.
ඒ අනුව එම අමාත්‍යාංශයේ නිලධාරීන් එදිනට කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතය.
COMMENTS
කොහොමත් ඉස්සර ඉඳලම මේගොඩ හොඳට පොහොසත් වුණාය කියලා තමයි ආරංචි... තව තවත් ලොකු රෑට නිදියගත්ත තැන අමතක අයගේ රහස් එළිවෙයි කියලා යන්න කියන්න ඇති... ඕකේ ඇතුලේ නියම ගැරිල්ල කියලත් ආරංචියි.
මේක මාධ්‍යයට ඇරපු එකෙන් දැන් රාජ්‍ය සේවය කැළඹිලා ඉන්නේ. අපි ඊයේ දැක්කා සතොස නිලධාරීන් ටික මොනවද කරලා තියෙන්නේ කියලා. සතොසේ අකාර්යක්ෂම තාවය, නොසැලකිල්ල, වංචාව, රාජකාරිය පැහැර හැරීම තදින්ම වෙනවා කියලා ඔවුන්ම පිළිගත්තා. දැන් විදුලිබල ලේකම්තුමා කැළඹිලා ඇති...
ඔය කොමිටි කාලේ නාස්ති කිරීමක් පමණයි. කෝ ඉතින් එන්න කිව්ව කෙනා ඒ කොමිටිය ගණන් අරගෙන නැහැනේ. මම ඉන්න රටේ නම් නොපැමිණියොත් සිතාසි නිකුත් කරනවා.
කෝප් එකට ඡන්දයක් එනකන් හිටියා.. විගණකාධිපතිතුමාගේ නිර්දේශ ටික විභාග කරන්න දැන් සාක්ෂි විනාශ වෙලා ඉතිරිවෙන්නේ නාටකයකුයි, මහා හැලි ටිකකුයි විතරයි.