(විනීතා එම් ගමගේ)
විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ම සඳහා අයැදුම්පත් භාර ගන්නා දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම අයැදුම්පත් බාර ගන්නා අවසන් දිනය ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණේ අප්‍රේල් 30 වැනිදාය.
අපොස සමාන්‍ය පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් සඳහා කාර්යංශයේ සුබසාධන අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීම වාර්ෂිකව සිදුකෙරෙන අතර 2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ 2018 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග සමතුන් සඳහා කැඳවන ලද අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙසේ කල් දමා ඇත.
කොරෝනා වසංගතය හමුවේ අයැදුම්පත් එවීම පමා වූ පිරිස් සඳහා මෙසේ අවසන් දිනය තවදුරටත් කල් දුන් බව කාර්යංශය කියයි.
මෙම අයැදුම්පත් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවද කාර්යංශය කියයි.
1996 වසරේ ඇරඹී මෙම වැඩසටහන යටතේ මේ දක්වා සිසුන් 44832 ක් සඳහා රුපියල් ලක්ෂ 8974 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමා ඇතැයි ද කාර්යංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විගමනික සේවක දු දරු ශිෂ්‍යත්ව අයැදුම්පත් බාරගන්නට කල් දෙයි
isurandi Wednesday, 08 July 2020 12:35 PM
2017 සා/පෙළ කරපු අයගේ අයදුම්පත් කැඳෙව්වේ කවද්ද?
isurandiThursday, 09 July 2020 05:09 AM
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න 2017ට අයදුම්පත් ඉවරද නැද්ද කියලා.