IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

විගණන පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විගණන සේවා කොමිසමෙන් එල්ල වන කෙනෙහිලිකම් වහා නතරකිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (10) පැවැත්විණි.

අනන්‍ය වූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ වෘත්තීය සේවාවක් ලෙස රාජ්‍ය විගණන සේවය වහා පිහිටුවා තමන්ගේ රැකියාව සඳහා නිසි ඇගයීමක් ලබා ගැනීම මෙම විරෝධතාවේ අරමුණ බව ඔවුහු පවසති.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවේ යෙදී සිටි ඔවුන් පසුව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගිය අතර පසුව ගාලුමුවදොර අසළ උද්ඝෝෂණ කිරීම සඳහා වෙන්කළ ස්ථානයට ගොස් උද්ගෝෂණයේ නිරත වුහ.

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (3)

විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක

මුණසිංහ Tuesday, 10 March 2020 06:57 AM

විගණන කොමිසම ස්වාධින නැත්ද? මේ අය රැකවරණය ඉල්ලන්නේ දේශපාලකයන්ගෙන්ද? කණපිට පෙරලුන අපභ්‍රංශ කතාවක්.

:       6       7

daya Wednesday, 11 March 2020 07:36 AM

විගණන පරික්ෂාවක් සේවය 1986 දී ඇතිකළේ එතෙක් ලිපිකරුවන් විසින් ඉටුකළ විගණන කටයුතු වෙනුවෙනි. ඒ අනුවේ නව විගණන පරිකසක තනතරු සඳහා ලිපිකරු සේවයේ 1 පන්තියේ වැටුප් ක්‍රමය ලබා දෙනලදී. මෙය විධායක තනතුරක් නොවන අතර විගණන අධිකාරි තනතුර විධායක තනතුරකි. විගණන පරික්ෂා තනතුර විධායක තනතුරකට උසස් කළොත් සමස්ත විගණන සේවයම උසස් කළයුතු අතර එය සමස්ත දීප ව්‍යාප්ත සේවාවන් සඳහාම අහිතකර ලෙස බලපානු ඇත. රජයේ බදු නිලධාරී තනතුරු උසස් කිරීමෙන්ද මෙවැන්නක් සිදුවිය. මෙවෙනි පැලැස්තර වලින් සමස්ත තනතරු ධුරාවලිය විනාශ වනු ඇත. මාණ්ඩලික තනතුරු වලට තරග විභාග වලට පෙනී සිටීමට අකමැති අය මෙවැනි ක්‍රම මගින් ඉහළ තනතරු වලට යාම නරක පුරුද්දකි. මෙවැනි දේ වලින් සිදුවන්නේ සහයක තනතුරු අහෝසි වී රජයේ මාණ්ඩලික නිලධාරීන් පමණක් සිටින රාජ්‍ය සේවයක් බිහිවීමය.

:       23       56

sarath perth Thursday, 02 April 2020 03:18 PM

මේ අයට කොරෝනාව අමතක වෙලාද එක පොදියට ඉන්නේ...? දැන් ඔතන ඉන්න කීදෙනෙකුට වයිරසය බෝවෙලා ඇද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site