IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්



ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත.

අවසන් පැය 24 දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 37දෙනෙකු සමාජය තුළ පැතිර යාම නිසා මෙසේ සිදුවූ  බවත් අනෙක් ඒවා තරමක් සංකීර්ණ බවත් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවැසීය.

ඉතිරි සිදුවීම් 360 සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද හෙතෙම කීය.

සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාධිතයන් 600කට වඩා හඳුනාගෙන තිබිණි. ඒ අනුව සිකුරාදා දිනයට සාපේක්ෂව සෙනසුරාදා දිනයේදී හමු වූ වයිරස ආසාධිතයන්ගේ ගණන අඩු වී ඇත. එසේ වුවත් වයිරස ආසාධිතයන් 300 ක් වුවද සැලකිය යුතු ගණනක් යැයි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රධානියා පැවසීය.

වයිරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් පැය 24 දී මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 80 සහ 90 වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනකු බවද ඔහු සඳහන් කළේය.   

අවසන් පැය 24 දී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණනත් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාධිතයින්ගේ සමස්ත ගණන 5,919ක් බවත් 379 දෙනකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඩැනියෙල් ඇන්ඩෲස් කීය. ඔවුන්ගෙන් 41 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් 24 දෙනකු වෙන්ටිලේටර්ස් (ස්වසන සංවාතන යන්ත්‍රවලට) සම්බන්ධ කර ඇතැයිද ඔහු කීවේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල තත්ත්වය ඉතා බරපතළ යැයි ද හෙතෙම කීය.

ප්‍රාන්තයෙන් වාර්තා වන “අබිරහස් සිදුවීම්” වැඩිවෙමින් තිබෙන බවත් එය “විශාල අභියෝගයක්” බවත් ඔහු කීය.

“ප්‍රජා ව්‍යාප්තියටත් එහා ගිහින් වයිරසය පැතිරෙනවාදැයි නිශ්චිතව කියන්න බැහැ. වයිරසය ආසාධනය වූයේ කෙසේදැයි නිශ්චිතව කිව නොහැකි විශාල ගණනක් ඉන්නවා. ඔවුන්ට වයිරසය ආසාධනය වූ ආකාරය සොයාගන්න බැහැ. මෙය විශාල අභියෝගයක්” යැයි ඔහු තවදුරටත් කීය.


රොයිටර්ස්/ද ගාඩියන්
- 055



අදහස් (0)

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 331 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 424 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site