(අංජුල මහික වීරරත්න)
පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්‍ෂ නායකත්වය විවේචනය කරමින් මාධ්‍යට ලිපි නිකුත් කිරීමේ චෝදනාව මත රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් රෙහාන් ජයවික්‍රම මහතා ඉකුත් සතියේ සිරිකොත පක්‍ෂ මුලස්ථානයට කැඳවා විනය පරීක්ෂණයක් කළ බවත් එහිදී නැවත එවැනි වරදක් නොවීමට වගබලා ගන්නා බවට නගරාධිපතිවරයා පොරොන්දු වූ බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
නමුත් නැවත වතාවක් පක්‍ෂ විනය කඩවන අයුරින් නායකත්වය විවේචනය කොට ප්‍රකාශ නිකුත් කිරීම නිසා රෙහාන් ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමජිකත්වය අත් හිටවූ බව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
මේ අනුව එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට වන ලිපිය වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාට යැවීමට කටයුතු කරන බවද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නායකත්වය ගැන පාක්ෂිකයෝ දක්වන අදහස් අනුව සියලුම සාමාජිකයන්ගේ පාහේ සාමාජිකත්වය අත්හිටුවන්නේ වෙන තත්වයක් පවතින්නේ කීප දෙනෙක් ඉතුරුවෙයි.
පක්ෂ විනයද හෘද සාක්ෂියද වඩා අවශ්‍ය කියලා හැමදෙනෙක්ම හිතන්න ඕනා.
මේ කියන පක්ෂෙට විනයක් කියල එකක් තිබුනද පහුගිය අවුරුදු 40ක් විතර ගත්තම?
අර පහු ගිය දවස්වල ව්‍යවස්ථාවන් වෙට්ටුවක් දාලා නැවත බලයට ආවෙි ප්‍රජාතන්ත්‍රවාදය දිනුවා කියාගෙන නේද? මෙහෙම බොරුවෙන්ම , කපටි කමෙන්ම ජීවත්වෙන මිනිසුන් මේ ලෝකෙ තවත් නැතිව ඇති