(ක.ග කරුණාරත්න)
 
පොලොන්නරුව, වැලිකන්ද රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10 ක් බව  පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පවසයි.

 
ඊට අමතරව තවත් සැකසහිත රෝගීන් 15 දෙනෙකු එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද ප‍්‍රකාශ කලේයගමේ සියලූ දෙනාම විදේශගතව සිට පැමිණ නිරෝධායන කඳවුරුවල සිටි අය මිස කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් නොවන බවත් කීය.
 
මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 576 ක් ස්වයං නිරෝධායනට ලක්කර සිටින බවද ඒ අතරින් 272 දෙනෙකු මේ වනවිට කෙරෝනා වයිරසයය ශරීරගතව නොමැති බවට වෛද්‍යවරුන්  සහතික කිරීමෙන් පසුව නිදහස්කර ඇතැයිද පැවැසීය.
 
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ අද(26) පැවැති රැස්වීමකදී  දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ බව අනාවරණය කලේය.