(මනෝප‍්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.
ලබන 14 වැනිදායින් පසු බදාදා සහ සිකුරාදා දිනවල මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපති විසින් නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් කේෂ්ත‍්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මාධව තෙන්නකොන්, රජයේ නීතීඥ කසුන් සරත්චන්ද්‍ර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ නීතීඥ සේනක පෙරේරා මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන, නීතීඥ සෞම්‍ය මුතුකුඩ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජගත් අබේනායක, නයනා දිසානායක, ඉරෝමී ජයරත්න, කෞෂල්‍යා නානායක්කාර, ඉමාෂා සේනාධීර, යසස් ඒකනායක සහ ඉෂාන් හාම්පලගේ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.
COMMENTS
මරුවා ඡන්ද එකතු කරනවා. මරුවා හිතන්නේ අයියා හදලා දුන්න සුරයයි, මල් වට්ටියයි ගත්තම මිනිසුන්ට අමතකයි කියලා මේ හුරේ දමන ජනතාව නූගත්කමට හෝ බලකිරීමකට මොහුගේ රැස්වීමවලට එනවා. පොහොට්ටුවේ නඩේ.. දැන් නඩ දෙකම එකතුයි, මොවුන් දන්නේ නැත්ද? ගෝඨා හිරගෙදරට මිසක් රජගෙදරට නොවන බව, මෛත්‍රී. මේ බව කලිනුත් කිව්වා දැන් නොකියා ස්වාධීන වෙලා භාවනා කරනවා.. මේ නඩේගේ එකෙක්වත් නැත්ද කොන්දක් තියෙන පිරිමියෙක් මේ දේ වැරදියි කියන්න. මිනීමරුවෙක් ඉස්සර කරගෙන එන්න තරම් මෝඩද? නිමල් සිරිපාලව ඉදිරිපත් කරන්න තිබුණානේ..., මේ පක්ෂේ නායකකම් දරන්න පුළුවන්... රාජපක්ෂලාට විතරදයි..? ඒක ඇත්ත ඒ නිසානේ මෛත්‍රීට විරුද්ධ වුනේ..!!!
එකල පොළව නුහුලන අපරාධය කල පුද්ගලයා අද ඔබ ඉදිරියට පැමිණ ඇත. ඔහු පැමිණ ඇත්තේ අපේ ගැලවුම් කරුවාගේ වේශයෙනි. ඔහුව හොඳින් අඳුනාගන්න. අපේ රට එම අපරාධකරුවගෙන් බේරාදෙන්න.
මේවගේ ප්‍රවෘත්ති අඩුගණනේ හෙට හැන්දෑව වෙනකල්වත් සිංගප්පූරුව පැත්තට ආරංචි වෙන්න තියන්න එපා. නැත්නම් පපුවේ අමාරුව වැඩිවෙන්න පුළුවන්...
යට ගැසුණු නඩු එකින් එක අධිකරණය ඉදිරිපිටට එනවා. පාට, පක්ෂ නැතුව යුක්තිය ඉටු කිරීමට වෙහෙසෙන නව නීතිපති දප්පුල ද ලිවේරා මැතිඳුන්ට මගේ ආචාරය...!
මේවා මෙහෙයවපු මහා මොළකරු කවුද?
මොහුට තිබෙන චෝදනා බරපතලෛ.ඇයි ඔහුට මහත්තයෙක් විදියට තමන් නිර්දෝෂි කියල උසාවියට ඇවිල්ල ඒවාට මුහුණදීලා තමන්ගේ නම සුද්ද කර ගන්නේ නැත්තේ .එහෙම කලානම් මිනිසුන්ගේ ගෞරවය ඔහුට ලැබෙනවා නේද .ඔහු මෙරටේ අපේ නායකයා වෙන්න යන්නේ, අපේ ඡන්දෙ ඔහුට දෙන්න කියනවා, ඔහු අවංක විය යුතුනේද, ඔහු තමන්ගේ දෙමව් පියන්ගේ සොහොන් රට්ටුන්ගේ සල්ලි වලින් හැදුවකියල උසාවියේ තියෙන නඩුවලට කෙලින් මුහුණ දිය යුතු නේද ? නඩුවේ එක එක අඩුපාඩු පෙන්න පෙන්න කල්දාගන්න යන කොට මිනිසුන්ට ඔහුව කෙලින් කටයුතු නො කරන කෙනෙක් කියල හිතෙන එක වලක්වන්න අමාරුයි. කෙනෙකුට චන්දෙ පාවිච්චි කරන කොට ඔහු කියන දේට වඩා ඔහු කල දේ දිහා බලන්න .පාට පාට කන්නාඩි දාන්නා එපා, කිසි කෙනෙකුගේ වහලෙක් වෙන්න එපා .අපි කන්නේ අපි හම්බ කරගෙන. ඔය කොයි කෙනෙක් වත් තමන්ට ජය ලබුනයින් පස්සේ අපේ දිහා බලන්නේ නැහැ .එකයි තිත්ත ඇත්ත. අවුරුදු 70 අපකලේ ඔකයි.
කවුරු හරි කටින් දුන්න නියෝගයක් නිසා කරපු දේවල් වලට වෙන කවුරු හරි පව් ගෙවන එක දැන් මේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. මේ රටේ උගත් බුද්ධිමත් රජයේ සේවකයන් ඔක්කොම තව ටික කාලෙකදී එකම තැනක දී දකින්න ලැබේවි... ඒ තමයි බන්ධනාගාරය... එයාලව එතෙනට යවන්න පාර හදපු කට්ටිය මල් වට්ටි අරගෙන පන්සල් පල්ලි ගානේ යාවි. දරුවන්ගේ මගුල් එහෙමත් හැම දෙයියෝ ඉස්සරහම කරාවි. තමන් කරපු කියපු දේවල් දන්නේ තමන් ම නේ... ලෝකෙට මොනවා කිව්වත්. අනිත් උන්දැලත් එච්චරම තමයි. අඩු ගානේ දරුවෙක් ඉන්නවා නම් හෙටක් ගැන සැලැස්මක් තියා ගන්න හිතනවනේ.