අංජුල මහික වීරරත්න
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04 ) පැවසීය.
කාට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට බැරි නම් තනතුරුවල සිටීමට අයිතියක් නැති බව කී වික්‍රමසිංහ මහතා සියලු දෙනා ව්‍යවස්ථාවත් ආරක්ෂා කරන්නට දිවුරුම් දී තිබෙන බව හොඳින් සිහි තබා ගත යුතු බවද සඳහන් කළේය.
ව්‍යවස්ථාවට පටහැනිව නොයෙක් ක්‍රියා කරන්නැයි කියන අය ව්‍යවස්ථා විරෝධීන් ලෙස පිළිගත යුතු බව කී වික්‍රමසිංහ මහතා නීතිය අනුව වැඩ කරන්නැයි රජයේ නිලධාරීන්ට පවසන බව කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්ම අභියාචනාධිකරණ තීන්දුව අගය කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක



COMMENTS
ව්‍යවස්ථාව කඩ කලා කියල කව්ද දැන් තීන්දුව දීල තියෙන්නේ? තාවකාලික අත්හිටවීම් කියන්නේ අවසාන තීන්දුවද? දන්නේ නැති නිසයි අහන්නේ?
මහබැංකුව කොල්ල කෑවෙත් ව්‍යවස්ථාවට අනුකූලවමද?
ජනාධිපතිවරයාත් සදිසියේ පත්වූ අගමැති වරයාත් ක්‍රියා කරන්නේ රටේ ජනතවගේ ප්‍රජායිතිය සහ රටේ වියවස්තාව ගැන තැකීමක් නොකරන ඔවුන් දෙදෙනාට ප්‍රජ අයිතියක් තබා ගත හැකිද
මේ මහජන නියෝජිතයා ව්‍යවස්ථාව අනුවම වෙන්න ඇති අපේ ලේ කදුලින් උපයල තැන්පත් කල මුදල් තිබුන මහා බැංකුව සුද්ද කලේ ...? අනේ අපේ කට..... කරුණාකරලා කියන මේ උන්දැගෙ ආදරණිය මෑණියන්දට රටේ සියලුම පුරවැසියන් ඇයව බොහොම ආදරයෙන් නිතරම මතක් කරනවා කියල හොදේ....
ඔබතුමාගේ අදහස රටේ සියලුම නීතිගරුක පුරවැසියන් එකහෙලාම අනුමැත කරනවා.මොකද නිතිය නැති කිසිම තැනක පිරිහීමක් මිස ලෝකය අපිව පිලිගන්න්නෙත් නැහැ.මේක පාලකයාගේ උත්තරීතර වගකීමද විය යුතුමය්.
ජනාධිපති සමග සාකච්ඡාවෙදි 225 ම අත්සන් කලත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කිව්වනම් අධිකරණයට නොයන්නේ ඇයි
අනේ මන්දා මුහුනුවලනම් බොහොම තෙති ගැන්මේ තත්වයක් තියෙන්නේ.
ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාව කියවලා තේරුම් ගන්න පුළුවන් අයටනේ... ත්‍රස්තවාදීන්ට මොන ව්‍යවස්ථාද? දැන් මේ රටට නම හැදෙන්න පුළුවන් ශ්‍රී ලංකා ත්‍රස්තවාදී හොර රජය කියලා.