(නිමල් ජයරත්න)

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන රැස්වීම මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේදී අද (8) සවස පැවැති අවස්ථාවේදී  සේනානායක මහතා පොදුජන පෙරමුණට එක්වන බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබිණි.