
(විනීතා එම් ගමගේ)
වරාය සේවකයන් විසින් ඉකුත් 31 වැනිදා සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 500 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා ලංකාදීපයට අද පස්වරුවේ (02) පැවැසීය.
සාමාන්‍යයෙන් දිනකට වරායේ ආදායම රුපියල් මිලියන 120 ක් පමණ වන බවත් ඉකුත් දින තුනේ දී එම ආදායම් සියල්ල අහිමි වූ බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඇතුළු ප්‍රශ්නවලදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා සියල්ල ජනතාවගෙන් ඉවත් කර වරාය අධිකාරිය විසින් එම පාඩුව විඳින්නට තීරණය කොට ඇති බවත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බවත් ඒ අනුව එහි ක්‍රියාකාරිත්වය හෙට දවස තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණනවද? නැද්ද? ඔය උත්තරේනේ කට්ටිය බලාපොරොත්තු වුණේ..
ඔය ලාබ ඔක්කොම නැතිවෙනවා වරාය කොහේ හරි ඉන්න චීනෙකුට හෝ ඉන්දියන්කාරයෙකුට වික්කොත්. ඒක නොවෙයි දැන් ප්‍රශ්නය ඔය විකුණන කොන්තරාත්තුවේ තියෙන "නමක් නොමැති " කොටස්කාරයා කව්ද..? මාලදිවයිනේ කෝච්චි සම්භවයක් ඇති ජොන්ස්ටන්ද..? නාමල් රාජපක්ෂද..? බැසිල් රාජපක්ෂද...? නිරුපමාගේ මනුස්සයා වන ඉන්දියන් කාරයාද..? මිනිස්සුනේ දැන් ඇති අපි බෙදිලා හිටියා. මේක අපේ රට.. නුඹලා මොන ජාතියේ වුණත් මේ රටේ ඉපදුණා නම් මේක නුඹේ රට. ඒ වගේමයි මේ අපේ රටේ වරාය. ඒක අපේ... එහි අනාගතය තීරණය කරන්න කොහෙවත් ඉන්න.. තාවකාලිකව.. බලය දුන්න හිඟන්නෙකුට බලයක් නැහැ. දේශපාලුවෙක් (අපේ රටේ දේශපාලකයින් නැහැ) කියන්නේ හිඟන්නෙක් පමණයි. ඒ හිඟන්නට බලයක් නැහැ රටේ දේපළ චීනාටයි, ඉන්දියන් කාරයාටයි, ඇමෙරිකන් කාරයාටයි විකුණන්න. වරායේ බලය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුවිය යුතුමයි. ඒ විතරක් නොවෙයි.. දැන් අපි යමක් එකතුවෙලා කළයුතුමයි. අපි ටිකෙන් ටික චීන සහ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළයුතුයි. ඒ සඳහා අපේ නිෂ්පාදකයින් ඒ භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ යුතුයි. මුතු අතරින් අනගිම මුතු ‘‘එකමුතු" ලු.
ඔය ලාබ ඔක්කොම නැතිවෙනවා වරාය කොහේ හරි ඉන්න චිනෙකුට හෝ ඉන්දියන් කාරයෙකුට වික්කොත්. ඒක නොවෙයි දැන් ප්‍රශ්නය ඔය විකුණන කොන්තරත්තුවේ තියෙන " නමක් නොමැති " කොටස් කාරයා කවුද ...?