
(සිතුම් චතුරංග)
මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී කිලෝ 15 පමණ බර පීඩන බෝම්බ තුනක් සමඟ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (16) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
සංවර්ධන කටයුත්තක් සඳහා වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පැරණි ඉඩමක් සකස් කිරීමේදී එල්.ටි.ටි.ඊ සංවිධානයේ භූගත බංකරයක් වැනි ස්ථානයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය පවසයි.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර සීෆෝ කිලෝ පහක් , ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර 80 මෝටාර් උණ්ඩ හතක්, ඩෙටනේටර 115 හා බෝම්බ පිපිරවීමට ගන්නා ෆියුස් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.
පුපුරණ ද්‍රව්‍යට හමුවූ ස්ථානයේ තිබී සොයා ගත් ටි.එන්.ටි පුපුරණ ද්‍රව්‍යයට පුරවන ලද කිලෝ 15 ක පීඩන බෝම්බ තුනක් එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මෝටර් රථ හා පාලම් තුළ අටවා ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එම සංවිධානය විසින් නිපදවූ විශේෂ බෝම්බ වර්ගයක් බවද පොලිසිය පවසයි.
හමුවූ බෝම්බ සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තවදුරටත් පරීක්ෂා කිරීම් සිදුකිරීමට නියමිත ය.


2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයික්කාල් ඉඩමකින් පීඩන බෝම්බ-පුපුරණ ද්‍රව්‍ය සොයාගනී