වනිඳු හසරංගගේ ධෛර්යවන්ත පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
තරගයේ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න http://kelimandala.lankadeepa.lk/

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩා විලාශය ගැනනම් කිසිම පැහැදීමක් නැහැ. දිගින් දිගටම මෙවැනි දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වන ක්‍රීඩකයෙකුට තේරීම් කමිටුව දිගින් දිගටම අවස්ථාව දෙන්නේ මොකද ? මෙම අවස්ථාව දක්ෂතා අතර සිටින අසේල ගුණරත්නට හෝ උපුල් තරංගට නොදෙන්නේ මොකද ?
නියමයි. ඔබට අපේ සුභ පැතුම් !
සුබපැතුම් දරුවනේ...!!!