IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
විල්පත්තුව ජාතික වන උද්‍යාන ප්‍රේරක කාලප මායිමේ පිහිටි රාල්මඩුව කුඹුරු යායක් තුල කුඩා පක්ෂීන් සිය ගණනක් හදිසියේ මරණයට පත් වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට පක්ෂීන්ගේ කොටස් යැවීමට කටයුතු කරන බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
 
රාල්මඩුව කුඹුරු යාය තුල එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා, සරල වී කුරුල්ලා, ‍ගෙල කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා ඇතුළු කුඩා පක්ෂීන් කුඹුරු යාය තුළ හා අවට ප්‍රදේශය තුළ මරණයට පත්වී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.
 
රාල් මඩුව කුඹුරු යාය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ගම්මානය යාබද පිහිටි ගම්මානයකි. මෙම කුඩා පක්ෂීන් දින කිපයකට පෙර වී වැපිරූ කුඹුරක විශාල වශයෙන් සිටිනු දැක ගත හැකි බවත් ඒ සමග අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම පක්ෂීන් මරණයට පත්ව සිටි අයුරු දැක ගත හැකි වූ බවත් වනජීවි නිලධාරීහු කියති.
 
මරණයට පත් නොවු පක්ෂීන් තැනින් තැන ඉතාම අසීරුවෙන් පියාඹා යාමට නොහැකිව කුඹුරේ වැටී සිටිනු දැක ගත හැකි වු බව ඔවුහු පවසති.මෙසේ එකම ස්ථානය විශාල වශයෙන් කුඩා පක්ෂීන් මරණයට පත්ව ඇති ආකාරය මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී නැති බව ද ඔවුහු සඳහන් කරති.
 
පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා මෙසේ පවසා සිටියේය.

“මේ සිද්ධිය වාර්තා වීමත් සමග වනාතවිල්ලුව වනජීවි නිලධාරින් රාල්මඩුව ප්‍රදේශයට පිටත් කළා. අපේ නිලධාරින් මේ ස්ථානවල කළ පරීක්ෂණවලින් මේ වන විට කරුණු කිහිපයක් පිළිබදව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙනවා. ඒ සමගම අදාල කුඹුරු යායේ දින කිහිපයකට පෙර වී ඉහපු ගොවි මහතා ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

රජයේ රස පරීක්ෂකට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට මේ පක්ෂීන් යැවීමට අවශ්‍ය කටයුතු කළා. මේ කුඩා පක්ෂීන් යම්කිසි විසක් ශරීරගතව හෝ වෙනත් රෝගයක් නිසා මරණයට පත්ව ඇති නම් මේ කුඩා  පක්ෂීන් ආහාරයට ගන්නා නරින්, මුගටින්, උකුස්සන් හා අනිකුත් මාංශ භක්ෂක සතුන් විශාල අවදානමකට ලක්වෙනවා.

ඒ නිසා මෙම ප්‍රදේශය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් සියල්ලම වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ආරක්ෂිතව ඉවත් කළා" යැයි වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

 



අදහස් (5)

වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට

Raveendra Friday, 25 December 2020 03:02 PM

ඕකෙ වාර්ථාව එන්න යන කාලෙදි වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියෙයි. වඳ පෙති වල වාර්ථාවක් ආව මතකයි හරි අපූරුවට....

:       2       15

Buddhika Friday, 25 December 2020 10:38 PM

දඹුල්ලේ අලි මියගිය වාර්තාව තවමත් නැහැ ..මතකයිද?

:       0       0

janabala asamagi Saturday, 26 December 2020 04:19 AM

කලබල නොවී හෙමිහිට පරීක්ෂා කරන්න. කවුරුවත් සැක කරන්න එපා. සංහිඳියාව වැදගත්.. මේ කුරුල්ලන් ආදාහනය නොකරන්න, ළඟ එන ඡන්දය ගැන හිතන්න, අනාගතයේ නැගෙනහිර කොළඹ ඡන්ද ප්‍රමාණය වැදගත් අනාගත ජනබල පොහොට්ටු පවුලේ සැලසුම්වලට බාධාවක් නොවිය යුතුය.

:       0       0

වීරවිජේ Saturday, 26 December 2020 02:35 PM

ඇයි එයාට රස පරීක්ෂක කියන්නේ?

:       0       0

semini Saturday, 26 December 2020 03:21 PM

කිසිම සැකයක් නැහැ. වස දාලා.. ඒත් කවුරුවත් කටක් ඇරලා ඕක කියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site