(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී අද (14) මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ 35 හැවිරිදි චන්ද්‍රා කුමාරි 19 හැවිරිදි එස්.සුභාෂිණි සහ 17 හැවිරිදි ක්‍රිෂ්ණ කුමාර් නැමති එකම පසුලේ තිදෙනෙකු බව පොලිසිය පැවසීය.
මෙම පිරිස මහනුවර අලවතුගොඩ සයිස්ටස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් මාස කිහිපයකට පෙර රාල්මඩුවේ පිහිටි පෞද්ගලික ඉඩමක සේවයට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.
මරණයට පත් කාන්තාව සහ දරුවන් තිදෙනෙකු රාල්මඩුව ජලාශයට දිය නෑමට පැමිණ ඇති බවත් කුඩා දියණිය නාවා වැව් කන්ඩිය උඩ තබා අනෙක් තිදෙනා දිය නාමින් සිටියදී වැඩිමල් දියණිය එකවර දියේ ගිලි ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඇය බේරා ගැනීමට පුතා උත්සහ කර ඇති අතර ඔහුද දියේ ගිලි ඇති අතර දරුවන් දෙදෙනා බේරා ගැනීමට මව යාමේදී මවද දියේ ගිලි ඇති බව පොලිසිය කියයි.
කුඩා දියණියගේ කෑගසමින් පසු ප්‍රදේශවාසීහු පැමිණ තිදෙනාව ගොඩ ගෙන ඇති බවත් ඒ වන විටත් තිදෙනාම මියගොස් සිටි බවත් වනාතවිල්ලුව පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වනාතවිල්ලුවේදී තිදෙනෙක් දියේ ගිලී මියයති
somadasa puththalama. Wednesday, 15 January 2020 02:56 AM
අද තෛපෝංගල් දිනයේදී අහන්න ලබුණු ඉතාමත් අවාසනාවන්ත කණගාටුදායක සිද්ධියක්, ඔවුන්ගේ භව ගමන නිමාවේවා! නිර්වානාබෝධය ලඟා වේවා!!
Amula Wednesday, 15 January 2020 03:44 AM
පව්.. මේ මිනිස්සු නොදන්න තැන්වල නාන්න ගියේ ඇයි?