IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ

(ටී.කේ.ජී.කපිල)

           
රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ලාංකේය ගුවන් මගීන් සිව්දෙනෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

             
මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඩුබායි සිට පැමිණ තිබිණි.


අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි   පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

               
මොවුහු මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන වර්ග 4කට අයත්,  දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු08 ක සඟවා ගෙන පැමිණියහ.

               
රේගු අධිකාරී සේනක ඇරැව්පොළ මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

             
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.කේ.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන, මලික් පෙරේරා, රේගු අධිකාරීවරුන් වන ගාමිණී විජේතුංග, ආර්.ලෝගනාදන්, සහකාර රේගු අධිකාරීවරුන් වන අතුල ලෙනදොර සහ දිසානායක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.



අදහස් (0)

ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site