IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
රුපියල් ලක්ෂ 10 ට අධික  වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති  තොගයක්  ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්  බම්බලපිටියේ  ඖෂධ අලෙවිහලකින් අද  (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
 
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක්  මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර  තිබුණි.
 
මෙය බලපත්‍රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
 
මෙම ගබ්සා පෙති රුපියල්  8,000- - 10,000ත් අතර  මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.



අදහස් (12)

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට

rasika Monday, 30 September 2019 02:44 PM

පුළුල් පරීක්ෂණ අවශ්‍යයි.

:       2       123

Raveendra Monday, 30 September 2019 03:01 PM

නූපන් දරුවන් මරණ මෙවන් පාපතරයින්ට මෙන්ම එම පාපතරයින්ගේ සියලුම පව්ල්වලට හෙන හතම වැදේවා...!!! මෙම පාපකර්මයට වචනයකින් හෝ සම්බන්ධ සියලුම පාදඩයින්ට හා ඒ ඒ පවුල් වලට මෙලොවදීම නිසි දඬුවම් ලැබී විනාශ මුඛයට පත්වේවා...!!!

:       300       479

Dr. Vajira FernandoMonday, 30 September 2019 03:37 PM

පෙත්ත විකුණපු එකාට මෙහෙම සාප කරනවා.. වගේම තමන්ගේ ලෙයින් ජාතක වුණු දරුවා අමුඅමුවේ මරාදාන අයටත් සාප කරන්න රවින්ද්‍ර. එ්ත් වැරදි කාරයන් මේ දෙගොල්ලම නෙවෙයි. ලෝකයේ මේ තරම් දියුණු උපත් පාලන ක්‍රම තියෙද්දී ඒ ගැන නිසි අවබෝධයක් පාසල් වියේදීම දරුවන්ට හා වැඩිහිටියන්ට කියාදෙන තරමට අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නවීකරණය නොකරන පාලකයෝ සහ එවැනි දේට ඉඩ නොදෙන කුහක සදාචාරවාදියෝ...

:       7       306

Raveendra Monday, 30 September 2019 03:24 PM

අප අදාල ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම ඖෂධ අලෙවිසැලේ නම සඳහන් කරන ලෙසයි. එය ඔබලා මහජනතාව වෙනුවෙන් කරන මහඟු මෙන්ම අගනා සේවයකි. එමගින් මෙවන් පාදඩ ක්‍රියාවන්ට නිරතවීම කිසියම් හෝ අඩුවක් වෙනු නියතයි. මක්නිසාදයත් අපි නීතිවිරෝධී වැඩ කළොත් අපගේ වෙළඳ ආයතනයේ නම ප්‍රසිද්ධ වනබැවින් එමගින් විශාල වෙළඳ පාඩුවක් සිදුවෙනවා යන බිය නිසා... එමෙන්ම මොවුන්ට විකුණන්න පුළුවන් නම් කඩේ නම ප්‍රසිද්ධ වුණාට මොකද වෙන්නේ?

:       16       311

මුසල්ල්මානුවා Tuesday, 01 October 2019 05:04 AM

මේක සිංහල ෆාමසියක් වෙන්න ඇති.........නැත්නම් ඒ ස්ථානයට කට්ටිය ගිහින් ඇති.

:       0       118

harun Monday, 30 September 2019 03:39 PM

නූපන් දරුවන් මරණ මෙවන් පාපතරයින්ට මෙන්ම එම පාපතරයින්ගේ සියලුම පව්ල්වලට ඔය කියන ඒවා නොවැදේවා...! දෙවියන්ගේ නාමයෙන්

:       213       14

Kumar Monday, 30 September 2019 04:11 PM

ගබ්සා පෙති කියලා දෙයක් මේ රටේ නම් නැහැ. "ඩෙ අෆ්ටර්" කියලා පෙත්තක් නම් තිබෙනවා. ඒ පෙති යමක් සිදුවුණු දිනට පසුදින දරුගැබක් ඇති නොවන්න ගන්න පෙත්තක්. ලංකාවේ මොන වසක් විකුණනවද කියලා සොයා බලන්න ඕනේ... කවුරුත් ලොකුවට නූපන් දරුවන්ගේ ආරක්ෂාව ගැන කතා කෙරුවට දරුවා ලබුණයින් පසු මවට කිසිම අනුකම්පාවක් නැ. මේ රටේ සැමියෙක් සිටියත්, නැතත් රජයෙන් උපකාර කරනවා. ඒ නිසා අනවශ්‍ය දරුවන්ගේ ජීවිත බේරෙනවා.

:       182       236

විකුම් රංගන Monday, 30 September 2019 06:33 PM

මෙතන නිකන් කට්ටිය කුලියට කහැලා වැඩක් නැහැ. සිංහල ජාතිය කොහොමත් වඳ වෙනවා.ආයේ අමුතුවෙන් වඳ බෙහෙත් දීලා වඳ කරන්න දෙයක් නැහැ. ළමයෙක් හම්බ වෙන්න රජයේ රෝහලකට යනවා වඩා හොඳයි අපායට යනවා. මව්වරුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. පෞද්ගලික රෝහලකට ගියොත් හේතුවක් අවශ්‍ය නැහැ. ගාන කඩා ගන්න සිසේරියන් සැත්කම් කරනවා. රැකියාව නිමවෙලා ගෙදරට වෙලාවට එන්න විදිහක් නැහැ. එක දේශපාලන කණ්ඩායමක් ඔවුන්ට බලය ලබාගැනීමට රට පුරාම සෑම අංශයකම වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරලා,එහෙම තත්වයක් තියෙද්දී ගෙදර ඇවිල්ලා ආදරය කරලා ළමයි හදන්න පුලුවන්ද?හෙට අනිද්දා වෙද්දී එකිනෙකා මරාගෙන කන තත්වෙට පත් වෙලා ඉන්න මිලේච්ජ ජාතියක් කියලා තේරුම් ගන්න.

:       0       0

පෙරිය තම්බි Tuesday, 01 October 2019 05:01 AM

අර දොස්තර ශාෆිගේ ඉතුරු වෙච්ච බෙහෙත් ටිකලු........

:       115       87

මංජුල Tuesday, 01 October 2019 05:28 AM

වැරදිකරු විකුණන මිනිහා නෙමෙයි, ගැහැණියත් නෙමෙයි. පිරිමිකම නැතිකමයි...

:       0       0

Kumar Tuesday, 01 October 2019 06:36 AM

ඉල්ලුමට අනුව සැපයුම.......

:       0       12

kap Tuesday, 01 October 2019 06:41 AM

කුමා, ඉතා වටිනා අදහස් ප්‍රකාශ කිරීමක්. මේක සමහර අයට දිරවන්නේ නැහැ. ඇත්ත කතා කෙරුවොත් අකමැති අය වැඩි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 103 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 366 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 673 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 316 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 243 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1909 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site