
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සාගර වඩුගේ මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
වඩුගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත භාරදි ඇති අතර එහි පිටපත් ජනාධිපතිවරයා , ප්‍රවාහන අමාතයවරයා ඇතුලු නිලධාරීන් වෙත යොමුකර ඇත.
සාගර වඩුගේ මහතා වසර 20 කට වැඩිකාලයක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කර ඇති කීර්තිමත් නිලධාරියෙකි.
සාගර වඩුගේ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (25) දිනයේ තමන් වෙත බාරදුන් බව මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තමන් විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දැනුවත් කළ බවද ලංගම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගර වඩුගේ මහතා ශ්‍රී ලංගම තුළ සිටින ආයතනයට ආදරය කරන අවංක නිලධාරියෙක්. මෙම ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව අතිශය ශෝචනීයයි. කලාතුරකින් රාජ්‍ය ආයතනයක දක්නට ලැබෙන මෙවැනි ආයතනික හිතෛෂී නිලධාරින් විෂයභාර අමාත්‍යවරුන් විසින් නිසි පරිදි හඳුනා නොගැනීම තවත් ශෝචනීයයි.
කියත් මගේ අයගෙන් කැපිල්ලක්වත් ආවාවත්ද?
මෙයට වසර 15 කට පෙර ඒ මහතා අම්බලන්තොට ඩිපෝ කළමනාකාර ලෙස කටයුතු කළ කාලයේ අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් පාසල් ළමුන් ඇතුළු ග්‍රාමීය ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීමට දිවා රෑ නොබලා කටයුතු කළා. එවකට අම්බලන්තොට ඩිපෝව දකුණු පළාතේ හොඳම ඩිපෝව බවට ගෙනඒමට මෙතුමාට හැකිවුණා. ප්‍රදේශයේ දුෂ්කර මාර්ගයක බස් රථයක් හේතුවෙන් ප්‍රවාහන ගැටළුවක් ඇති වුවහොත් නැවත එම ගැටළුව ඇති නොවන ආකාරයෙන් එයට අවශ්‍ය විසඳුම ලබා දීමට කටයුතු කළ දක්ෂ නිලධාරියෙකු ලෙස අප ප්‍රදේශයේ ජනතාව අතර ඒ මහතා ප්‍රශංසාවට ලක්වුණා.