(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරණ විශේෂ ගුවන් යානය අද(25) දින අලුයම 5.50 ට රුසියාවේ , මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කළහ .
පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේදැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළහ .
ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ වල නංවා ගෙන , එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.
රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි . මීට පෙර පසුගිය 22 දින රාත්‍රී 10.54 ට ද මෙවැනිම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .


COMMENTS
ලොකු ලොක්කන්ගේ දුවල පුතාලා ගෙන්නගන්න තියෙන හදිස්සිය මැදපෙරදිග රැකියා අහිමි වෙලා කන්න බොන්න නැතුව දුක් විදින අසරණ මිනිස්සු ගෙන්නගන්න නැත්තේ ඇයි? රට මෙච්චර කල් දිව්වේ ඒ මිනිස්සු හම්බ කරලා එවපු විදේශ විනිමය වලින්...
රුසියාවේ අධ්‍යාපනය ලබන බොහොමයක් ඇති හැකි අයගේ ළමයින්, පින්තූර බලන්න වාමාංශික පෙරමුණුවලට සම්බන්ධ අයගේ ළමුන්ද සිටිනවා.. ඉගෙනගන්න ඇතුල් වන්නේත් ඇති හැකි අය මේ ඉගෙනගත් පිරිස් ඔස්ෙට්ලියාව, නවසීලන්තය ආදී රටවලට සංක්‍රමණය වෙනවා... මෙතන පක්ෂය අදාල නැහැ... ව්‍යවසනයකදී ඇති හැකි අය අනුග්‍රහය ලබනවා. අනෙකුත් අය මියයනවා. ලෝක ස්වභාවය එහෙම වුණත් ඉන්දියාවේ, චීනයේ ජනතාව එසේ වී නැත. වෙනසක් නැතිව අවශ්‍ය අය නැව් යොදවා හෝ මුදවා ගන්නවා... ඉන්දියාව ගුවන්යානා 68ක් යොදවන බව පැවසෙනවා... ගාන්ධි, නේරු, බුදුන් වහන්සේ බිහිවුණු දේශයේ ප්‍රත්පත්ති එහෙමයි.. නමුත් අපේ රටේ ඩඩ්ලි, ඩී.ඇස්, ඩඩ්ලි, සිරිමාවෝ බණ්ඩාරනායක පරම්පරාව ධනපති වුණත් පාලනයේදී එසේ පක්ෂග්‍රාහී වෙලා නැහැ ජනතාව වෙත...
පොහොට්ටුව ධනපතියන් විසින් ආක්‍රමණය කර ඇත. ධනපති පන්තිය නියෝජනය නොකළත් එය පොහොට්ටුවකි. නිර්ධන පන්ති එකතුව පවරා ගත් පොහොට්ටුවට දීර්ඝ ගමනක් තිබිය නොහැක .මෙම බෙදා වෙන් කළ පක්ෂය නැවත නැගිටුවා සිටිය හැක්කේ බණ්ඩාරනායක පවුලේම නව නායකත්වයකට පමණි.