
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධූරය සඳහා ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය කර නැති බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කරයි.
මහමැතිවරණයෙන් ලද පසුබැසීමත් සමඟ තමන් මහජන සේවයෙන් ඉවත්වීමට සුදානම් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
COMMENTS
ඔහොම කියකියා ඉඳලා මෙයාම තමා එන්නේ. වසර 26ක් පක්ෂයක් කාලා විනාශ කරලා ලෝක වාර්තාවක් තියපු එකම දේශාපාලන ළදරුවා. සීයේ පළාත්සභාත් ඉල්ලමු. මැරෙනකම්ම දාලා යන්න එපා හොඳේ.
මට මතක් වෙන්නේ හොරා හොරා කියා හෙන්චයියොත් සමග පාර්ලිමේන්තුවේ කාඩ දාපු හැටි... එදා හිතුවේ නැහැ නේද මට මෙහෙම වේවි කියලා...
ඉවත් වෙන්න එපා මහත්තයෝ.. මැරෙන තුරුම ඔය කෙරුව විදියට ජනතාවට සේවය කරන්න. ඔබතුමා ජනතාවට හරිම ආදරේ බව අපි හැමෝම දන්නවා. ඒකයි ජනතාව ඔබතුමාට ඔය විදියට සැලකුවේ.
ඔබතුමා දැන් ආවා කියලා මොනවා කරන්නද ...? දැන්නම් ඉතින් කරන්න පුළුවන් කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා දැන්නම් ආවත් එකයි නාවත් එකයි. මේ රටේ දැවැන්ත මහජන බලවේගයක් ඔබතුමා දියකර හැරියා. අභිමානවත් පරපුරක ගෞරවය විනාශ මුඛයට ඇද දැම්මා. අන් අයට සවන් නොදී දඩබ්බර හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම නිසා තමයි මේ දේ උදාවුණේ. දැන් ඉතින් තවත් මොන මහජන සේවයක් කරන්නද? ඕවා හිතන්න තිබුණේ කලින්... දැන් අලියා ගියා... වල්ගෙන් ඇදලා නවත්තනවා බොරු..
මෙපමණ කල් මහජන සේවය කරලා මොනවද රටට කරලා තියෙන්නේ?
ගරු නායකතුමනි, ඔබ සමග අපි... ඔබට ජයපතමි.
මේ පාර යයිම කියලයි අපි හිතුවේ. තවත් පක්ෂය විනාශ නොකර කරුණාකරලා යන්නකෝ.... මොනවා වුණත් ශ්‍රේෂ්ඨ පක්ෂයක් නේද?
ඉවත් වෙන්න නම් එපා. දේශපාලන පක්ෂ අතර තුලනය ඔබ නොමැතිව ලැබෙන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. නවක මන්ත්‍රීවරුන්ට ආදර්ශයක්, පාර්ලිමේන්තුව පිළිබඳව අධ්‍යයනය කරන්න. හැමෝම ජාතික වැදගත් සංවර්ධනයට සහයෝගය දිය යුතුයි.
නියමයි...
වැසිකිළිය වටේම කැරකි කැරකි ඉන්නවා. එළවන්න බැහැ. ඉවත් වෙලා ගියා කියලත් මොනවා කරන්නද? ගස්ගෙඩි කඩන්නවත් දන්නේ නැහැනේ...? පක්ෂ සාමාජිකයන්ගේ සාමාජික මුදල් වලින් කකා ඉන්නවා ඇරෙන්න.
අනේ අනේ තවමත් දාලා යන්න බැහැනේ... ඔහේ මොනවද කළේ හැබෑටම?
මෙය නුවණට හුරු තීරණයකි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යනු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිගරුක නායකයකු වේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදී සටනක් දියහැකි තරුණයකු පත්වීම සුදුසු වේ. සුදුස්සා නම් අකිල විරාජ් වේ. පරාද වූවන් හට නොදෙන්නේ නම් ජාතික ජාතික ලැයිස්තුවෙන් අංශු මාරසිංහ හැර (ඔහු පක්ෂ මාරුකළ අයෙකි) වෙනත් පළපුරුදු පාර්ලිමේන්තුවේ සිටි පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් දන්නා කෙනෙකු විය යුතුම වේ..
එන්න පුලුවන්ද මේ වෙලා තියෙන දේවල් වල හැටියට.?
මෙයාගේ සේවය එපා කියලා මෙයාව ජනතාව එළවලා තියෙද්දී මොකටද ජනතා සේවයක් කරන්න හදන්නේ.
යන්ඩ හිතන්නේවත් නැහැ වගේ.
තවත් ප්‍රශ්නයක් ඇතිනොකර මන්ත්‍රී තනතුර භාරගන්න නැත්නම් කරූ ජයසූරිය මහතාට දෙන්න. පක්ෂයට සිදුවූ දෙයට ඔබතුමා පමණක් වගකිව යුතු නැත්තේ දෙවැනි ජනපතිවරයා ලලිත් හා ගාමිණි දෙදෙනාට නොසලකා හැර පක්ෂය විනාශකිරීම ඇරඹූනිසාය.
මුළු රටත් කාලා පක්ෂයත් විනාශ කරලා තවත් මහජන සේවය කරන්න කල්පනාව.
මෙයා කරපු මහජන සේවය මොකක්ද දන්නවානම් කවුරුහරි කියන්නකෝ.
මෙයාව ජාතික ලැයිස්තුවෙන් තියා මොන එහෙකටවත් ගන්න එපා.
ඊළඟ ගැටය ළඟදීම එලියට දාවි.
රනිල් වෙලාවට අවශ්‍ය තීරණ ගත්තේ නැහැ... ඒක ඇත්ත. ඒත් අපි හොරු ආරක්ෂා කරපු කෙනා පරද්දලා. හොරු ටික පත්කරගත්තා. අපිත් පුදුම මිනිස්සු කොටසක් තමයි. මිග් යානා, සොහොන්, මිහින් ලංකා, නඩයට ගෙවල්, 2002-2015 බැංකු, හෙල්පින් හම්බන්තොට, දේපළ 10-11 තියෙන, ඔක්කොම හොරුන් කුඩු සහ එතනෝල් වෙළෙන්දන් පත්කරගත්තේ ලස්සනට...
ඔබතුමාට මේවා හිතන්න තිබුණේ මීට කලින්..
සූත්තර පුංචනේ... මහින්දත් එක්ක ගැටේ ගහගෙනම එළියට බහීවි.
හරි වෙන කවුරුත් දිනුවා කියලයැ... ඒ නිසා ඔන්න ඔහේ ඔබතුමා ඉන්න එක ඔබතුමා තරම් පලපුරුදු කෙනෙක් ඔය පක්ෂයේ නෑ. ජාත්‍යන්තරේ වුණත් පිළිගන්න වෙන කවුරුත් නෑ.. ඒ නිසා ලිච්ඡවී න්‍යාෙයන් ඉන්න එක හොඳයි... අනෙක් අය ආවොත් වැඩේ හරියන්නේ නැහැ.