(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිල ඇඳුමෙන් සැරසී ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කර වත්තල රන් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙක්ගෙන් රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂයකට අධික රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හිටපු ගුවන් හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු මිනුවන්ගොඩ බුලුගහමුල ක්‍රීඩාංගනය අසලදී අද (020 අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ කොල්ලකෑ රන් භාණ්ඩ වලින් කොටසක් , කොල්ලයට හා ව්‍යාපාරිකයා පැහැර ගැනීමට යොදා ගත් මෝටර් රථය , ව්‍යාජ අංක තහඩු දෙකක් , ජංගම දුරකතන දෙකක් හා සිම්පත් දෙකක් පොලිසිය සොයාගෙන තිබේ.
ඉකුත් මස 15 වැනි දින ව්‍යාපාරිකයා රන් භාණ්ඩ වෙළඳ සැල වසා නිවස වෙත යමින් සිටියදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ගිනි අවි අතර දරා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තමන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත නිලධාරීන් බව පවසා ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ව්‍යාපාරිකයාගේ මුහුණ හා දෑත් දෙපා රෙදි කඩකින් බැඳ ජා ඇල ප්‍රදේශයේ පාලු නිවසක රඳවා ඔහුට මරණීය තර්ජනය කරමින් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 40 ත් 48 ත් වයස්වල පසුවන පුද්ගලයින් බව පොලිසිය පැවසීය.
මෙම කොල්ලකෑමට සම්බන්ධ අනිකුත් සැකකරුවන් හා කොල්ලකන ලද රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රන් භාණ්ඩ කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට
Priyankara Tuesday, 03 December 2019 10:27 AM
දැන් කියයිද දන්නෙ නෑ රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවා කියලා. මොකද අපේ මිනිස්සුන්ට තේරුම් යන්න ගොඩක් කල් යනවා.