IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන් බිස්කට් තොගයක් සමඟ කතක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැළඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ආ යුක්‍රේන ජාතික කාන්තාවක් අද (13) කටුනායක ගුවන්තොටුපළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය 41 හැවිරිදි යුක්‍රේන ජාතික කාන්තාවකි . ඇය මීට පෙර දෙවතාවක් ද මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති කාන්තාවක් බව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .

ඇය පැළඳ සිටි පාවහන් දෙක තුළ කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 320 ක් බර , ග්‍රෑම් 116 ක් බැගින් බරකින් යුතු වූ රන් බිස්කට් 10 බැගින්, රන් බිස්කට් 20 ක් සඟවා ගෙන තිබිණි .

මෙම රන් බිස්කට් තොගය  සහ ඒවා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යුක්‍රේන ජාතික කාන්තාව ද  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට පහර දී තිබේ .



අදහස් (1)

රන් බිස්කට් තොගයක් සමඟ කතක් අත්අඩංගුවට

ISURU Wednesday, 13 November 2019 09:31 AM

සාටකලා පන්නපු බිස්කට් නැවත මැතිවරණයට මුදල් කරගන්න ගෙනවදෝ මන්දා..?

:       4       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site