ප්‍රසන්න පත්මසිරි
බිබිල "රතුගල ආදිවාසින්ට ආහාර අර්බුදයක්" මැයෙන් පසුගිය දිනක ලංකාදීප වෙබ් අඩවියේ පලවු ප්‍රවෘත්තිය දැක ඌව ආණ්ඩුකාර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත අද (29) ගම්මානයටම රුපියල් ලක්ෂ එක හමාරක වියළි ආහාර හා එළවලු නොමිලයේ ලබාදීම සිදුවිය.
ඌව පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මියගේ සහ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ මුල්‍ය දායකත්වයෙන් ආහාර බෙදාදීම සිදුවිය.
ඔවුහු ගම්මානයේ ජීවත් වන ආදිවාසි පවුල් 100 කට අවශ්‍ය වියළි ආහාර හා එළවලු මෙහිදී ලබාදුන්හ.





COMMENTS
මොලේ කචල්ද? කරන්නන් වාලේ නොකර පල ප‍්‍රයෝජනයක් ඇති වැඩක් කලොත් නරකද? නියම ආදිවාසි අය කැලේ ගහකොළ ගැන හොඳින් දන්නා අයයි. ඒ අයවලුන්ට ටින් මාළු නැතිවට ඇලේ දොලේ ගඟේ වැවේ ඉන්නා මාළු හා අනිකුත් සත්තු ගැන හොඳ වැටහීමක් ඇත. දේශීය එළවලු වර්ග ගැනද පුටුවල ඉන්නා උදවියට වඩා වැඩි දැනුමක් ඇත. මේ අවස්ථාවේදී වැඩි සෝබන නොමැතිව පුටු වලටද නිවාඩු දුන්නානම් හොඳ නැද්ද?
හොඳ වැඩක්. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට මොනවා දුන්නත් කමක් නැහැ බඩගින්න නිවෙන... ලංකාදීපෙටත් ස්තුතියි. ඡන්ද කාලෙට නම් දේශපාලකයෝ වැහි වැහැලා මේ පැතිවල... කොළඹ ඉඳනුත් යනවා හොයාගෙන.