අජිත්ලාල් ශාන්තඋදය

කොරෝන වයිරසය ශරීර ගතවූවන් නිරෝධායනය කිරිමට වාට්ටුවක් වෙන් කිරිමත් සමග රත්නපුර ශීක්‍ෂණ රෝහලේ වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සහ වෙනත් රාජකාරීවල නිරත රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් නතරවීමට ස්ථාන තුනක් රත්නපුර නගරය ආශ‍්‍රිතව ස්ථාපිත කිරිමට රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා රෝග මර්ධන කමිටුව පියවර ගනී.

මෙතෙක් කල් රත්නපුර ශීක්‍ෂණ රෝහල අවට සහ ආසන්න ප‍්‍රදේශ වල පෞද්ගලික නිවාස ඇතුලූ වෙනත් තැන්වල නැවතී සිටි එම කාර්ය මණ්ඩල සේවා අවසන් කර නැවත එම නැවතී සිටි ස්ථානවලට පැමිණීම සම්බන්‍ධයෙන් ඒවායේ අයිතිකරුවන් සහ අවට වැසියන් දක්වන නොකැමැත්ත මත මෙම පියවර ගනු ලැබීය.


ඒ අනුව රත්නපුර නව නගරයේ සමූදී උත්සව ශාලාවේ නේවාසිකාරගත්, නගරය ආසන්නයේ කාමර පනහකින් යුතු සංචාරක හෝටලයක් සහ රජයට අයත් පුහුණු මධ්‍යස්ථානයක නේවාසිකාගාරයකුත් මෙසේ ලබාදීමට තීරණය විය.