(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ, නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බවත් බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ඔහුට ලබාදෙන බවත් ඒ වගේම අමුත්තන්ට බැලීමට අවසර නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
දින 14 ක කාලයක් එම මධ්‍යස්ථානයේ රඳවා තබා අනතුරුව පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව ඔහු බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රන්ජන්ට මෙහෙම වුණේ හොඳ යාලුවෙක් නොසිටි නිසා. එකම එක හිත හොඳ යාලුවෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
කළ යුතුව තිබෙන්නේ අධිකරණයේ ගෞරවය අාරක්ෂා කරන්න නම් එය පිරිසිදු කරන එකයි. කවදානම් නොකෙරෙන එකක්.. හේතුව පාලකයින් අන්ත දූෂිත නම් අධිකරණය පිරිසිදු වෙයිද ..? රන්ජන් ඔබ ජනතාවගේ හදවත් තුළ නිවැරදියි. මීළඟ ජනාධිපති ඔබම විය හැකියි.. මා කිසිම කලෙක UNP හෝ සජිත්ගේ ගමන් මග පිළිකුල් කළත් රන්ජන් ඔබ හිටගත්තේ එදා සිට දුකට පත් ජනතාවගේ පැත්තේ... ඔබව පරාජය කරන්න මොන ජගතෙකුටවත් බැහැ. ඔබ ඔබගේ ගමන් මග නොසැලී යායුතුයි...
රංජන් ඔබ මේ රටේ මහජනයාට වංචා හෝ කුඩු විකුණා හෝ මුදල් නාස්තිකර නොමැත. ඔබට හිතේ සතුටින් ජීවත් විය හැකි මුත් නිදහස නැත. නමුත් රටේ පාලකයන් ජනයාට බොහෝ වැරදි සිදුකර ඇත. ඒවා කවදා හෝ පඩිසන් දෙනවා.
මේ නඩු තීන්දුව මුලු මහත් ජනතාවටම, පාඩමක්. නීතිය සහ අධිකරණයට හිස නමා ඒ ගෞරවය දිය යුතුයි. කටට ආ පලියට වචන, පිටකර බුද්ධි හීන ජන කොටස් සතුටු කරවන්න. මේක සියල්ලන්ටම හොඳ පාඩමක්...
සීයට 95ක් දූෂිතයි කියපු එක වැරදියි මම හිතන්නේ... ගාන ඊට වැඩි ඇති...
හිරගේ දඬුවම් සියුමැලි වැඩිනම්... අලුගෝසුවනේ එල්ලාපන්...!
වෙනම කාමරයක් ලැබුණේ හොඳ වෙලාවට ...
හොඳ දේට හොඳයි කියන්න තරම් යහපත් ගතිගුණ රන්ජන්ටනේ. රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ.... මේ වගේ අය ඉන්නකල්... ඊළඟ නඩුත් අහලා දිගටම හිරේ තියලා දිරාපත් වෙන්න අරින්න ඕනෑ. අපේ රටේ, ජාතියේ නාමයෙන්...
මෙයා හිරේ යන්න නියමිතව තිබුණේ මීට වසර 20කට කළින්. ඒකත් රුපියල් ලක්ෂ 20ක් ගෙවලා දක්ෂ නීතිවේදියෝ යොදලා බේරගත්තා. ඒත් මේ සැරේ කෙටුවේ මහා විශාල කෙහෙල් ගහකට...
අන්න එ්ක හොඳ නැහැ ජනාධිපතිතුමනි, වෙන කාමර බැහැ. අතට මාංචු වැටුණායින් පස්සේ කව්රුත් එක සමානයි. කවුරු මැරුණාමත් මිනිය කියනවා වගේ දැන් කවුරුත් හිරකාරයින්...
ගලබොඩ හාමුදුරුවන්ට ජම්පර් අන්දන්න නම් මාර ගොඩක් දත කාලා ඇමැතිවරු කියලා කියාගන්න අයත් රොත්තක් ගියා.