
(ඩබ් ඒ පියතිලක )
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම පොලොන්නරුවට පැමිණිමෙන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල පොලොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.
බස් රථ කීපයකින් පොලොන්නරුවට පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබිණි.
පසුව එම පිරිස මාළිගාව, වටදාගෙය, රන්කොත් වෙහෙර, ගල්විහාර සහ තිවංක පිළිමගෙය නැරඹිමෙන් පසු මාතලේ අළු විහාරය නැරඹිමට පිටත්ව යන බව එහි සිටි නිළධාරියෙකු පැවැසිය.
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.



COMMENTS
දැන් මොකටද බය?
සර් නියමයි. සංදර්ශනය නැගලා යනවා.
බණ්ඩාට කන්න දෙන්න යන ගමන්..
ආදායමට වඩා වියදම් වැඩියි වගේ...
ගිහින් සිරිසේනත් බලලා එන්න.
අත් උස්සගෙන කරන විගඩමෙන්ම පේනවා මේක මාධ්‍ය සංදර්ශනයක් කියලා.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. 69 ලක්ෂයට දැන් හරි සනීප ඇති.
එක එක හෙන්චයියෝ දාලා ලංකාවේ මහජනතාවට මේ පෙන්නන දේවල් වල අවසානේ අර ලිබියාවේ සහ ඉරාකේ හිටපු දූෂිත පාලකයන්ට වූ දේම නොවේවායි පතමි. මොකද ඒ දේ වෙනකොට මාගේ මාතෘභූමිය මේ පාලකයන් හපයක් කර අවසානයි...
දැන් සැපද?
අනේ දෙවියනේ... මේ කරන වින්නැහියට නම් හොඳක් වෙන්නේ නැහැ.
නුවන් ලංකාව ලිබියාවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව නන්දසේන කියන්නේ දුබල පාලකයෙක්. ඔහු ගඩාෆිගේ කිට්ටුවෙන්වත් තියන්න බැහැ.
රටේ සල්ලි කෝටි ගාණක වංචා, චෝදනා තියාගෙනත් ලංකාවට එන්නේ නැතිව කට්ටි පැන්නා. අවසානේ පරපුර රජවුණාම සුදු ඇඳගෙන ඇවිත් දැන් සංචාරක ව්‍යාපාරය හරහා තවත් හොරකම් කරන්නද හදන්නේ? ළඟදීම මෙයා නිදහස් වෙයි. ඔප්පු කළ හැකි සාක්ෂි නැහැ කියලා කියයි.
මානසික රෝගියෙක් වගේ මට නම් පේන්නේ...
කොරෝනත් එක්කම තවත් වයිරස් ඇති එහෙනම්...
හොරෙකු වීරයෙකුට ඇන්දවීම... 69 ලක්ෂයකට ජයවේවා..!!!
මේවා බලලා නන්දසේනගේ 69 ලක්ෂෙන්, රටවිරු පවුල්වල සහ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරයන් ජීවිකාව ගැටගහ ගත්තු ඡන්ද දායකයන් ලක්ෂ 5ක් අනික් පැත්තට ඡන්දෙ දුන්නොත්.., ඔක්කොම කොට උඩ...
ප්‍රසන්න කැකුණ තලනකොට උදයංගට මඟුල්... රටට අවමගුල්