IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යුක්රේන සංචාරකයෝ දළඳා වඳින්න යති

(චමිල් රූපසිංහ)

 
සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් රජයේ නියමු ව්‍යාප්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වූහ.
 

රජයේ හා සෞඛ්‍ය අංශවල නිරෝධායන නීතිරීතිවලට අනුව දැඩි පරීක්ෂාවකින් පසු එම සංචාරයකයින් කණ්ඩායමට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ  සංචාරය කිරීමට හැකි විය.
   
ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා සංචාරක පිරිසට වෙනම දොරටුවකින් දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වීම සඳහා කටයුතු යොදා තිබුණි. එම නිසා දේශීය බැතිමතුන්ට සිය වන්දනා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගැනීමට හැකි විය.
   
විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරමින් පැමිණි සියලුම සංචාරයකයින්ගේ අනන්‍යතාවය සහතික කරගැනීමද මෙහිදි සිදුවිය.

 



අදහස් (5)

යුක්රේන සංචාරකයෝ දළඳා වඳින්න යති

ලුම්බිණි Tuesday, 12 January 2021 12:24 AM

යුක්රේන සංචාරකයෝ ගියේ දළඳා වඳින්න නොව බලන්නයි.

:       2       22

Idiriya pasupasaThursday, 14 January 2021 04:15 AM

තම ආගම විශ්වය තුළ නොවන නිසා එහෙම හිතෙන්න ඇති.. නමුත් ද්වේශ සහගත ලෙස හිතන්න ජේසුතුමන් උගන්වා නැත.

:       0       0

Prasad Tuesday, 12 January 2021 01:18 AM

දැන් රටත් කාලා ඉවරයි. අපේ හාමුදුරුවනේ, දැන් සැපද? සනීපද? 

:       2       12

siri Tuesday, 12 January 2021 09:29 AM

"එක රටක් එක නීතියක් " දේශීය වන්දනා බැතිමතුන්ට කුඩම්මාගේ සැලකිල්ලක්... බලවතුන් ගෙනෙන සංචාරකයින්ට සුපිරි සැලකිල්ලක්. ලැබෙන ගානට වැඩියි වියදම. මාර වැඩක් ලංකාවට වුනේ...

:       2       8

duminda Wednesday, 13 January 2021 05:42 AM

දළඳා වඳින්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site